දිව ඔසුවක් බදු පෙරුම්කායම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
02

දිව ඔසුවක් බදු පෙරුම්කායම්

දිව ඔසුවක් බදු පෙරුම්කායම්

වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ මෙන්ම බොහෝ රටවල වෛරස් රෝග සීඝ්‍රයෙන් පැතිර යාමක් දක්නට ලැබේ. මේ දිනවල ලෝක ජනයා අතර මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ කොරෝනා වෛරසය ද ඉන් එකකි. විවිධ වෛරස් වර්ග සහ බැක්ටීරියා වර්ග සහ වෙනත් වෙනත් ක්ෂුද්‍රජීවීන් වර්ග නිසා කාලයෙන් කාලයට මේවා හිස ඔසවනු ලබයි.

 

මෙවැනි වෛරස් රෝග වලට ස්ථිර ඖෂධ සොයාගෙන නොමැති බැවින් වෛරසය වැළඳුණු අවස්ථාවේදී තාවකාලික ප්‍රතිකාර ගනිමින් රෝග සුව කිරීම හැර වෙනත් කිසිදු ප්‍රතිකර්මයක් නොමැත. වෛරස් රෝග වල පවතින විශේෂත්වය වන්නේ එය එක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට බෝ වීම නිසා රටවල් අතර සීඝ්‍රයෙන් පැතිර යාමයි. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් ආකාරයට අබි වාත රෝගය ද එවැනි රෝගයකි. එම රෝගය අබි සර්පයාගෙන් ඇතිවී ඇති වෛරස් රෝගයකි. මේ අයුරින් පැතිරී යන රෝග වැළඳීමට ප්‍රධාන හේතුව ශරීරයේ ප්‍රතිශක්තිය අඩු වීමයි. මහජනතාවට මෙවැනි රෝග වළක්වා ගැනීම සඳහා තමන්ගේ ආරක්ෂාවට කළ යුතු වැදගත්ම කාර්යය වන්නේ ශරීරයේ ප්‍රතිශක්තිය ඇති කර ගැනීමයි. එලෙස බෝවන රෝග වලින් ආරක්ෂා වීම සඳහා අතීතයේ සිටම භාවිතා කරන ලද දිව ඔසුවකි පෙරුම්කායම්. අතීතයේ සිටම ගම්බද පළාත් වල පැපොල, සරම්ප වැනි බෝ වන රෝග වැළඳුන විට රෝගියාගේ සිරුරේ ස්පර්ශ වන පරිදි අතේ බඳින ලද්දේ මෙම පෙරුම්කායම්ය. එය මේ වන විටත් ඖෂධයක් ලෙස යොදා ගත හැකිය. පෙරුම්කායම් පෙර අපරදිග රටවල් වලද දෙවියන්ගේ ආහාරයක් ලෙස හඳුන්වාදී ඇති අවස්ථා ගණනාවක් ඉතිහාස පොත්පත්වල සඳහන් වේ. මෙය H1N1 සඳහා ප්‍රති වෛරසයක් ලෙස පරීක්ෂණ වලින් සොයාගත් බෙහෙතකි. ඊට අමතරව ආහාර මාර්ගයට ආවේණික ක්ෂුද්‍රජීවීන් පාලනය කරන අතර මෙය කුළුබඩුවක් ලෙසින්ද භාවිතා කළ හැකි වේ. පැණි රස තිත්ත රස ලුණු රස මිශ්‍ර රසයන් ලෙස මෙය සැලකේ. කිරි සහ වතුර සමඟ බීමට ගත හැකිය.

 

 

මලබද්ධයට, බඩ පුරවා දැමීමට, ඇදුමට, ස්නායු රෝග සඳහා ද ,කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ, සියලු ශ්වසන රෝග වලට වඩාත් ගුණදායක ඖෂධයකි පෙරුම්කායම්. ආම්ලික ගුණය අඩු කරන නිසා අම්ල පිත්තයට ද වඩාත් ගුණදායක ඔසුවකි. මානසික ආතතියට මෙන්ම පුද්ගලයන්ගේ හෘදයට ද වඩාත් ගුණදායක ඖෂධයක් වශයෙන්ද වෛද්‍ය විද්‍යාවේදී හඳුනාගෙන තිබේ. පුද්ගලයන්ගේ ශරීරයේ රුධිර ගමනාගමනය ද යහමින් සිදුකිරීමට මෙම පෙරුන්කායම් දායක වන අතර ඉඟුරු සහ කොත්තමල්ලි වැනි පානයකට පෙරුම්කායම් ඉතා ස්වල්පයක් එකතු කිරීමට හැකියාවක් පවතී. සලාද ,තුනපහ මිශ්‍රණයට, වෑංජන වලට ද ඉතා ස්වල්ප වශයෙන් එකතු කිරීමටද පුළුවනි. මෙවැනි ගුණ රැසකින් සමන්විතවූ පෙරුම්කායම් ඈත අතීතයේ පටන් පැවත එන දේශීය ඖෂධයක් වශයෙන් ද හඳුන්වා දිය හැකියි. වර්තමානයේ දීත් ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූල ප්‍රතිකාර ක්‍රමවලදී බහුලව පෙරුම්කායම් භාවිතා කරනු ලැබේ.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

views

1186 Views

Comments

arrow-up