අලිගැටපේර පේරවලින් eye mask එකක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
29

අලිගැටපේර පේරවලින් eye mask එකක්

අලිගැටපේර පේරවලින් eye mask එකක්

බොහෝ කාන්තාවන්ට තියෙන ගැටළුවක් තමයි ඇස් යට කළු වීම. ඇත්තටම තාරුණ්‍යයේ පසු වන අයට මේක හරිම වදයක්. ඇස් යට කළු වෙන්නේ නිදි වැරීම ප්‍රමාණවත් තරම් වතුර බොන්නේ නැතිකම නිසයි. අද කාලේ අපි ගොඩක් කරන වැරැද්දක් තමයි ජංගම දුරකතනයෙන් වැඩි වේලාවක් රැඳී සිටීම. මේ නරක පුරුද්ද ඇස් යට කළුවෙන බලපානවා. මේ ගැටළුවට විවිධ විසඳුම් වෙළදපොලේ තිබ්බත් අපි ඇස ලඟට ආලේප කරන නිසා ගොඩක්ම ස්වාභාවික දේවල් යොදාගෙන මාස්ක් එකක් සකස් කර ගත්තොත් තමයි හොඳ. ඇවකාඩෝ නැත්නම් අලිගැටපේර කියන්නේ සුපර් ෆෘට් එකක් කියලා ඔබ දන්නවාද? මේ පළතුර භාවිතයෙන් ගොඩක් ප්‍රතිලාභ අපට ලැබෙනවා. පලතුරක් විදියට ආහාරයට ගන්නවා නම් වගේම අනෙක් පසින් රූපලාවණ්‍ය ක්‍රම සඳහා යොදාගන්න වැදගත්ම ස්වභාවික පලතුරක් විදිහට අලිගැටපේර අපි භාවිතා කරනවා.

අලිගැටපේර වලින් අපි ෆෝලික් ඇසිඩ් ඔමේගා3 විටමින් ඒ ඩී ඊ කේ සහ සී ලබා ගන්නවා. ඒ වගේම තමයි අලිගැටපේර කියන්නේ මුහුණේ සමට ඇස් වලට හදවතට හොඳ බෙහෙතක්. දැන් අපි බලමු ඇස් වලට හොඳ මාස්ක් එකක් කොහොමද අලිගැටපේර වලින් හදාගන්නෙ කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය:
*ආමන්ඩ් ඔයිල්
*ෆ්‍රෙෂ් මිල්ක්
*හොඳින් පැසුණු අලිගැටපේර ගෙඩියක්

සාදන ආකාරය:
පිරිසිදු භාජනයක් ගෙන ආමන්ඩ් ඔයිල් මේස හැඳි දෙකක් පමණ එම භාජනයට දමන්න. අලිගැටපේර අවශ්‍ය වෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. අපි සාදා ගන්නෙ eye mask එකට සුළු ප්‍රමාණයක් සූරා අපි ආමන්ඩ් තෙල් දමාගත් භාජනයටම දමා ගන්න. ඉන්පසුව ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි දෙකක් පමණ එම මිශ්‍රණය දමා ගන්න. දැන් ඒ මිශ්‍රණය හොඳින් මිශ්‍ර කර ගත යුතුයි. මාස්ක් එක සාදා අවසන් කරලයි තියෙන්නේ. දැන් හොඳින් ක්ලෙන්සර් කර ගත් මූණ මත සාමාන්‍ය මාස්ක් එකක් ආකාරයට අතේ ඇඟිලි වලින් හොඳින් ඇස් වටා පිරිමදින්න. විනාඩි 10කට පස්සේ ටිෂූ එකකින් mask එක හොඳින් ඉවත් කරගන්න. හැමදාම නොවෙයි දවසක් ඇර දවසක් මේ ක්‍රමය භාවිතා කරන්න. ඔබටම ඔබේ ඇස් යට වෙනසක් අත්විඳින්න පුළුවන් වේවි.

 

 

by  Dilki Shamani 

Photo Source: Internet

views

835 Views

Comments

arrow-up