නිවැරදිව සම්බාහන ප්‍රතිකාරයක් සිදු කරගන්නේ මෙහෙමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
01

නිවැරදිව සම්බාහන ප්‍රතිකාරයක් සිදු කරගන්නේ මෙහෙමයි

නිවැරදිව සම්බාහන ප්‍රතිකාරයක් සිදු කරගන්නේ මෙහෙමයි

වර්තමානය වන විට බහුතරයක් පුද්ගලයන් සම්බාහන ප්‍රතිකර්මයට යොමු වීමේ වැඩි ප්‍රවනතාවයක් දක්නට ලැබේ. රූප සම්පත්තිය වැඩිදියුණු කරගැනීම සඳහා ද මහඟු උපකාරයක් මෙම ප්‍රතිකර්මය හරහා ලැබේ. සම්බාහන ප්‍රතිකර්මයට දීර්ඝ ඉතිහාසයක් පවතී. පේර කොල රාජ කුමාරිකාවන් විසින් තමාගේ රූ සපුව වර්ධනය කර ගැනීම සඳහා මෙවැනි සම්බාහන ක්‍රම උපයෝගී කරගත් බවට පැරැණි පොත්පත්වල සඳහන් වේ. එවැනි වටිනාකමක් සහිත සම්බාහන ප්‍රතිකාරය පිළිබඳව මෙම ලිපිය හරහා දැනුවත් කිරීමක් සිදු කෙරේ.

 


රූපලාවන්‍යයේදී සම්බාහනය අන්‍යෝන්‍ය ක්‍රියාවලියක් වශයෙන් පෙන්වාදිය හැක. මෙහිදී සම්බාහන ශිල්පියා විසින් තම සේවාදායකයාගේ ශරීරය ස්පර්ශ කරමින් නිවැරදි ලෙස ප්‍රතිකර්ම ලබා දීම අවශ්‍ය වේ. එවිට ක්ෂණිකව කිසියම් ක්‍රියාවලියක් සිරුර පුරා සිදුවෙයි. සම්බාහනයේදී අතෙ සහ කනෙ නිල ස්ථාන උත්තේජනය කරමින් මුළු ශරීරයටම උත්තේජන ලබා දෙයි. සම්බාහනය තුළින් රුධිර සංසරණය දියුණුවී පටකවලට ඔක්සිජන් සහ පෝෂණ සැපයුම වැඩි කරයි. එමෙන්ම අන්තර් සෛලීය පටකවල අපද්‍රව්‍ය ඉවත් වීමටද රුකුලක් වෙයි. එසේම සම්බාහනයේ දී යොදා ගන්නා මාධ්‍ය සැමවිටම සුමුදුව තෙත් සහිතව සහ සුනම්‍යව පැවතීමද අත්‍යවශ්‍ය වේ. සම්බාහන ක්‍රියාවලියේ දී යොදා ගන්නා ක්‍රම කිහිපයක් පහතින් දැක්වේ.

ඇනීම -
මෙමගින් එකට නැවී ඇති මාංශ තන්තු, පේශි, රුධිර නාල ,සම්බන්ධක පටකවල ලිහිල් කිරීමක් සිදුවෙයි.

ඇතිල්ලීම -
මෙමඟින් සමට යටින් ඇති මේද ස්ථරය දියකර හැරීම සඳහාත් සමේ පවතින ග්‍රන්ථි උත්තේජනය කිරීම සඳහාත් ප්‍රධාන වශයෙන් භාවිතා කරයි.

මිරිකීම -
මෙමගින් ඝනකම් මාංශ පේශීන් සහ වේදනා සහිත පේශීන් සම්බාහනයකට ලක් කරන අතර එමගින් සේවාදායකයාට මහත් සැනසිල්ලක් ගෙනෙනු ඇත.

තට්ටු කිරීම -
විවිධ ක්‍රම උපයෝගී කරගනිමින් සම මතට තට්ටු කිරීම මෙහිදී සිදුවේ.

අවපීඩන ප්‍රහාර -
බලය යෙදීමට විරුද්ධව සම අල්ලා ඉහලට ඇද සම්බාහනය කිරීමක් මෙම ක්‍රමයේදී සිදු වේ. මෙම ප්‍රතිකාරය ආකාර කිහිපයකට සිදු කළ හැකි වේ. එනම් තදින් ග්‍රහණය කිරීම, අල්ලා ඉහලට ඇද අතහැරීම සහ මම ඔසවා කරකැවීම යනාදිය යි.

තද කිරීම සහ ඇදීම -
මෙය බොහෝ විට ඇඟිලි, වළලූකර, මැණික් කටුව ආශ්‍රිත කෙස් අල්ලා ඇදීම සිදුකරයි.

ඇදීම -
මෙම ක්‍රමයේදී සම්පූර්ණ දෑතම හෝ මහපට ඇඟිල්ල හා දබර ඇඟිල්ල යොදා ගනියි. මෙහිදී සම්පූර්ණයෙන්ම සිදු වන්නේ සම ඇදීමකට ලක් කිරීමයි. තුවාල නිසාවෙන් අවලස්සන වී ඇති සමක් ඇති පුද්ගලයන්ට මෙය වඩාත් උචිත සම්බාහන ක්‍රමයකි.

රවුමට කැරකැවීම -
මෙම ක්‍රමය ද සම්බාහනයේ දී බහුලව භාවිතා කරන ක්‍රමයකි. සම මත අතේ විවිධ ස්ථාන තබා තද කර රවුමට කරකැවීම සිදු වේ. ඔරලොසුවක කටු කරකැවෙන අතට මෙන්ම අනෙක් අතට ද සිදු කරනු ලබයි.

සියුම් මර්ධනය -
බොහෝවිට මෙම ප්‍රතිකර්මය සිදු කරනු ලබන්නේ මානසික ඒකාග්‍රතාවය ඇති කිරීමටයි. මෙහිදී සම මල් හෝ පටක මතට පීඩනයක් එල්ල නොකරයි.

මෙවැනි ක්‍රම බොහෝමයක් භාවිතයට ගනිමින් සම්බාහන කරුවන් විසින් මෙම සම්බාහන ප්‍රතිකර්ම සිදු කරනු ලබයි. විශේෂයෙන්ම මෙහිදී සඳහන් කළ යුත්තේ සෑම පුද්ගලයකුටම සම්භාහන කාර්යය සිදුකළ නොහැකි බවයි. ඒ සඳහා යම් යම් ගුණාංග වලින් පරිපූර්ණ සම්බාහනකරුවෙකු තෝරා ගැනීම වැදගත්. ඉවසිලිවන්ත භාවය, කරුණාව සහ මානසික සැහැල්ලුව, කීකරුකම හා විනයගරුක බව, ස්ථානෝචිත ප්‍රඥාව, කාර්යශූරත්වය සහ නිපුණත්වය එම ගුණාංග කිහිපයකි. නිවැරදි සම්භාහන කරුවෙකු යටතේ සිදු කරගනු ලබන සම්භාහන ප්‍රතිකර්මයක් මගින් ඔබට ද ඉහල රූප සම්පත්තියක් හිමිකර ගැනීමට හැකිවනු ඇත.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

views

1492 Views

Comments

arrow-up