මළබද්ධයට ආයුර්වේද ප්‍රතිකාර

අපි එදිනෙදා ගන්නා ආහාර නිසි ලෙස ජීරණය නොවීමෙන් නැත්නම් බඩ ගින්න අඩු වීමෙන් නැත්නම් ගත් ආහාර ඉක්මනින් ජීරණය නොවීමෙන් ආයුර්වේදයෙහි සඳහන් මන්දාග්නිය ඇතිවෙනවා. ඊට හේතුව නිසි ප්‍රමාණයට ජලය පානය නොකිරීම නිසි වේලාවට ආහාර නොගැනීම සමබර ආහාර වේලක් ලබා නොගැනීම කෙඳි සහිත ආහාර භාවිතයේ මදකම උෂ්ණ අධික ආහාර වැඩිපුර ගැනීම මානසික ආතති තත්ත්වය දීර්ඝ කාලීනව පවතින අම්ල පිත්ත රෝගයෙන් පෙළීම මධ්‍යසාර හා නිකොටීන් භාවිතය නිසිලෙස ව්‍යායාමවල නොයෙදීම නිසා ජීරණ ක්‍රියාවලිය නිසි ලෙස සිදු නොවීම යන කරුණු හේතුවෙන් මලබද්ධය ඇතිවෙනවා. මල බද්ධය නොයෙකුත් රෝගාබාධ වලට මූලික හේතුවක් හා රෝග නිධානයක් විය හැකියි. එනම් අර්ශස් බගන්දරාභාදය මස් දළු හුස්ම ගැනීමේ අපහසුතා බඩ පුරවා දැමීම කෑම අරුචිය ආදී රෝග අවස්ථා වලට මුහුණ දීමට ඉඩ තියෙනවා. මලබද්ධය නිසා එදිනෙදා වැඩකටයුතු කරගෙන යෑමට පවා අපහසුතාවයක් ඇති වන අතර නිරන්තරයෙන් මලබද්ධයෙන් පෙළෙන අය තමන්ගේ ආහාර රටාව දිනපතා පානය කරන ජලය ප්‍රමාණය පිළිබඳව පමණක් නොව ව්‍යායාම පිලිබඳවත් අවධානය යොමු කළ යුතු වෙනවා.
මලබද්ධය වළක්වා ගැනීමට සමහරු සියඹලා බොර පානය කිරීමට පුරුදු වී සිටින නමුත් ගැස්ට්‍රයිටිස් ආමාශයික අම්ල ගතිය වැඩි අයට මෙය අහිතකර වෙනවා. ඇඹුල් කෙසෙල් කෙසෙල්වල පවතින ෆෘක්ටෝස් නම් කාබනික සංයෝගය මගින් සෙම වැඩි කරන අතර සමහර විට බඩ දැවිල්ල ගතියද ඇති කරනවා. එම නිසා මලබද්ධය අවම කරගැනීම සඳහා අප යමක් යොදා ගන්නේ නම් ඒ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. අන්නාසි ආම්ලික තාවය නිසා වූ ශරීර උෂ්ණ ගතිය වැඩි කළත් මලබද්ධයට දුරලීමට නියම ඔසුවක් වෙනවා. හොඳින් ඉදුණු ගස්ලබු බෙලි රතුලූනු දොඩම් ධාන්‍ය වර්ග මල බද්ධය දුරලීමට උදව් වෙනවා. වැටකොළු යනු ඒ සඳහා උපකාර වන විශේෂිත ආහාර වර්ගයක්. මළ නිසිලෙස පිට නොවීම නිසා මළ මාර්ගය අවහිරවීම කොන්දෙ අමාරුව යටි බඩේ අමාරු මෙන්ම දණහිස් වේදනා පවා ඇතිවිය හැකි. ශරීරය වියලීමට පවා ලක් වෙන්න පුළුවන්. මලබද්ධය රෝග රැසකටම මූලික වන නිසා ඒ ගැන සැලකිලිමත් වෙමින් නිසි ප්‍රතිකාර සඳහා යොමු වීමටත් එදිනෙදා දින චර්යාවන් පිළිබඳව සහ රටාවන් පිළිබඳව සැලකිල්ලක් දැක්වීම වැදගත් වෙනවා. ඒ වගේම මානසික ආතතියෙන් තොරව ජීවත් වීමත් ඉතාම වැදගත් වෙනවා.
by Dilki Shamani
Photo Source: Internet
1246 Views
Comments