රාත්‍රියේදී සමෙහි ගල්වන නයිට් ක්‍රීම් පිළිබඳව ඔබ නොදත් දේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
02

රාත්‍රියේදී සමෙහි ගල්වන නයිට් ක්‍රීම් පිළිබඳව ඔබ නොදත් දේ

රාත්‍රියේදී සමෙහි ගල්වන නයිට් ක්‍රීම් පිළිබඳව ඔබ නොදත් දේ

ලස්සනට ඉන්න අපි කවුරුත් කැමතියි. අපගේ රූප සම්පත්තිය වර්ධනය කරගැනීම සඳහා අප විසින් නොයෙකුත් පිළියම් කරනු ලැබේ. වර්තමානයේදී ඒ සඳහා ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැත. සම පැහැපත් කර ගන්නට බහුලව භාවිතා කරන උපක්‍රමයකි විවිධ ආලේපන ගැල්වීම. සම සුන්දර කරන සහ පැහැපත් කරන ආලේපන වර්ග දහස් ගණනක් වර්තමානයේ දී වෙළඳපලේ දක්නට ලැබේ. එම සියලුම ආලේපන වර්ග day cream සහ night cream වශයෙන් වර්ග දෙකකින් සමන්විතයි.

 

බොහෝමයක් පුද්ගලයන් day cream වර්ග බහුලව භාවිතා කළ ද night cream භාවිතය එතරම්ම ජනප්‍රිය වී නැහැ. ඕනෑම ක්‍රීම් වර්ගයක් මිලදී ගැනීමට පෙර ඔබේ සමට සහ වයසට ගැලපෙන ක්‍රීම් එකක් තෝරාගත යුතුයි. ඒ සඳහා රූපලාවන්‍ය ශිල්පිනියකගේ උපදෙස් ලබා ගැනීමට හැකියාවක් පවතී නම් එය වඩාත් හොඳයි. ඔබ night cream එකක් භාවිතා කිරීමට අදහස් කරනවා නම් ඔබගේ වයස පිළිබඳව විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. කුඩා දරුවන්ට සහ තරුණ වියේ පසුවන අයට නයිට් ක්‍රීම් වර්ග භාවිතය ඇත්තෙන්ම සුදුසු නොවේ. වර්තමානයේ දී බොහෝ නවයොවුන් වියේ පසුවන තරුණියන් සම පැහැපත් කර ගැනීම සඳහා විවිධ වර්ගයේ නයිට් ක්‍රීම් වර්ග භාවිතා කිරීමට පෙළඹී සිටී. එය ඉතාමත් අහිතකර තත්ත්වයකි. night cream වර්ග භාවිතය සුදුසු වන්නේ වයස අවුරුදු 35 පසු වූ විටයි. නමුත් ඔබ තරුණ වයසේ අයෙක් නම් ඔබේ සම අධිකව වියළි ඇත්නම් පමණක් නයිට් ක්රීම් භාවිතා කිරීම සුදුසුයි. එමෙන්ම වැඩිපුර makeup භාවිතා කරන යුවතියක් නම් ඇයටද රාත්‍රී කාලයට night cream එකක් ගැලවීම හානිකර නොවනු ඇත. නයිට් ක්‍රීම් එකක් මිලදී ගැනීමේදී එහි කල් ඉකුත්වන දිනය, ප්‍රමිතිය සහ අඩංගු ද්‍රව්‍ය පිළිබඳව ද සැලකිලිමත් වෙමින් මිලදී ගැනීම අත්‍යාවශ්‍යයි. නයිට් ක්‍රීම් එකක් ප්‍රමිතියෙන් යුතුව පවතී නම් එය ඉතාමත් මෘදු ආලේපනයක් වශයෙන් පැවතිය යුතුය. ඔබේ සමේ කුරුලෑ පවතී නම් සම පිරිසිදු කිරීමේ හැකියාවක් ඇති night cream එකක් භාවිතා කළ යුතුය.

 

 

වියළි සමක් ඇත්නම් තෙතමනයක් ඇති ක්‍රීම් වර්ගයක් ද, සම තෙල් සහිත නම් තරල හෝ ජෙල් අඩු ක්‍රීම් වර්ගයක් ද තෝරාගත යුතුය. ඔබට ඇත්තේ මේරූ සමක් නම් කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරන නයිට් ක්‍රීම් වර්ගයක් තෝරා ගන්නට අමතක නොකරන්න. වැඩි වශයෙන් රසායනික සංඝටක අඩංගු ක්‍රීම් වලින් සමට ඉක්මන් තාවකාලික පැහැපත් බවක් ලබා දුන්නද ඉක්මනින්ම සම අවලස්සන කරයි. බොහෝ නයිට් කිරීම් වල විටමින් සී අඩංගු වන අතර එය සම පැහැපත් කිරීමට හේතුවකි. තවද විටමින් ඒ සහ ඊ, ජොජෝබා තෙල්, ඔලිව් තෙල්, රෝස තෙල්, කෝමාරිකා, මී පැණි, jasmine ඔයිල්, ඇමයිනෝ අම්ල, ප්‍රතිඔක්සිකාරක සහ කොලජන් වර්ධනය කරන පෝෂණ සංඝටක රැසක් ද අඩංගුය. නයිට් ක්‍රීම් එකක් ආලේප කළ යුත්තේ රාත්‍රී කාලයේදීය. දහවල් කාලයේ ආලේපකර හිරු එළියට නිරාවරණය වීමෙන් සම අවපැහැ ගැන්විය හැකි අතර අවශ්‍ය ප්‍රතිඵලද නොලැබී යයි. ඔබේ සම දිවාකාලයට වඩා රාත්‍රී කාලයේදී ක්‍රියාකාරී වන බැවින් පෝෂක අමුද්‍රව්‍ය අවශෝෂණය කරගනු ලැබේ. night cream ඔබේ මුහුණේ ඇති මැරුණු සෛල හා අපද්‍රව්‍ය ඉවත් කර මුහුණේ සෛල අලුත් කර පටක වලට හානි වීම වළක්වයි. night cream එකක් ලෙස හඳුන්වන්නේ moisturizer cream එකකි. එහිදී ඔබේ මුහුණේ වියලි කොටස්වලට තෙතමනය සපයයි.

 

නයිට් ක්‍රීම් ආලේප කිරීමට පෙර ඔබගේ මුහුණ හොඳින් සෝදා තෙත මාත්තු කර ක්‍රීම් ටිකක් ගෙන මුහුණේ තැනින් තැන ආලේප කර මුහුණ පුරාම විහිදී යන ලෙස රවුමට මෘදුව සම්බාහනය කළ යුතුයි. උදෑසන අවදි වූ පසු ගුණාත්මක face wash වර්ගයකින් හොඳින් මුහුණ සෝදා හැරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ඉක්මනින්ම ලබා ගැනීමට හැකිවේ. night cream භාවිතය තුළින් ඔබේ සම වඩාත් තරුණ අන්දමින් පවත්වා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

views

3502 Views

Comments

arrow-up