ජීවිතයේ ජයග්‍රහණය සොයන යුවතියන්ට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
09

ජීවිතයේ ජයග්‍රහණය සොයන යුවතියන්ට

ජීවිතයේ ජයග්‍රහණය සොයන යුවතියන්ට

කාන්තාවක් යනු උපතින්ම සුන්දර වස්තුවක්. එය සොබාදහමේ අපූර්ව නිර්මාණයක් වන අතර ස්වභාදහම විසින් යළිත් ඇගෙන් ඉක්මනින්ම සොරා ගන්නේද සුන්දරත්වයයි. එසේ පැවසීමට හේතු සාධකය වන්නේ කාන්තාවන් පුරුෂ පාර්ශවයට සාපේක්ෂව ඉතා ඉක්මණින් වියපත් වීමකට ලක් වන නිසාවෙනි. එමනිසා පවුලේ මෙන්ම සමාජය තුළ ද තමන්ට දක්වන අවධානය ආදරය එලෙසින්ම පවත්වාගෙන යාමට, තමන්ගේ පිරිසුදුකම ආදරය සහ සුන්දරත්වය ආරක්ෂා කරගැනීමට කාන්තාවක් වශයෙන් මනා සැලකිල්ලක් දැක්විය යුතුයි.

 

පිරිසිදුකම සහ නිරෝගී කම කියලා කියන්නේ සෑම පුද්ගලයකුටම වැදගත් දෙයක්. කාන්තාවක් ලෙස ඔබත් විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු දෙයක් තමා පිරිසිදු කමත් නිරෝගී කමත් කියලා කියන්නේ. පවුල තුළ සහ සමාජයේ වැඩිම කාර්යභාරයක් ඉටු කරන කෙනෙකු ලෙස පිරිසිදු කම පමණක් නොව පිළිවෙල පැහැපත්කම පිළිබඳ මනා සැලකිල්ලක් දැක්විය යුතුයි. මක්නිසාද සමාජය සෑම මොහොතකම ඔබ ගැන අවධානයෙන් පසුවන බැවින්. කාන්තාවකගේ බාහිර පිරිසිදුකම මෙන්ම අභ්‍යන්තරික පිරිසිදුකමත් වැදගත් වන බව ඔබ දන්නවාද. මනෝවිද්‍යානුකූලව සඳහන් කරන්නේ කිසියම් පුද්ගලයකු කාන්තාවක් දෙස එකවරම බලන විට ප්‍රථමයෙන්ම ඇස යන්නේ ඇගේ වරලසට බවයි. කේශ කලාපය යනු කාන්තාවන්ගේ රුව පමණක් නොව සමාජ අවධානයට ලක්වන දෙයක්. එම නිසා නිරෝගී දිදුලන අලංකාර කේශ කලාපයක් කාන්තා ඔබට ආභරණයක් වැනි යි. නමුත් වර්තමානය වන විට කාර්යබහුල සමාජයක වැඩ කරන කාන්තාවන්ට ඒ පිළිබඳව නිරන්තර අවධානය යොමු කිරීමට අපහසු වී ඇති බව පෙනේ. නිරෝගිමත් පැහැපත් සමක්, නිරෝගිමත් නියපෙලක්, නිරෝගිමත් කෙස්කලඹක් සැබැවින්ම කාන්තාවකට ආකර්ෂණීය පෞරුෂත්වයක් ගෙනදීමට සමත්වනු ඇත. කොපමණ හැඩ වැඩ දමා ඔබ ආකර්ෂණීය ලෙස සිටියත් ඔබේ මුහුණේ තිබෙන තරුණ බව ඔබේ දෑත්වල නොමැතිනම් එයද විශාල වශයෙන් ඔබ පවත්වාගෙන යන පෞරුෂත්වය බිඳ දැමීමට පුළුවනි.

 

 

බොහෝ අවස්ථාවන් වලදී දක්නට ලැබෙන දෙයක් නම් නිරෝගිමත් පැහැපත් සමක් නිරෝගී කෙස් කලඹක් දැකුම්කළු නියපෙලක් හිමි ආකර්ශණීය කාන්තාවන් සමාජයේ හොඳ පිළිගැනීමකට ලක් වීම, ඇතැම් රැකියාවල ඔවුන් නිරන්තරයෙන්ම මූලිකත්වය ලබා දෙන්නේ මෙවැනි ආකර්ෂණීය පෞරුෂත්වයක් තිබෙන යුවතියන්ට. එසේ සිදු වන්නේ ඔවුන් ගනුදෙනු කරන්නේ ඉහල සමාජ පසුතලයක් සමග නිසාවෙනි. මේ අයුරින් ලෝකයක් සමාජයක් ජයග්‍රහණය කිරීමට නම් නිරන්තරයෙන්ම කාන්තා ඔබ ඔබගේ ආකර්ශනීය රුව නිරෝගිමත් පෞරුෂත්වය නිරන්තරයෙන්ම පවත්වා ගත යුතුයි. එවිට ඔබටත් අභිමානයකින් යුතුව ජයග්‍රහණය කරා ලඟා වීමට මං පෙත් විවර කර ගැනීමට හැකියාවක් ලැබේවි. යුවතියක් වශයෙන් සිටින අවධියේදී පමණක් නොව බිරිඳක් මවක් වශයෙන් ගත කරන ජීවිතය තුළද නිරන්තරයෙන් ම කාන්තා ඔබ නිරෝගීමත් සහ ආකර්ෂණීය රූ සපුවක් පවත්වාගෙන යාම ඉතාමත් වැදගත්. අවශ්‍ය වන්නේ එදිනෙදා අනෙකුත් වැඩ කටයුතු වලට ප්‍රමුඛත්වයක් ලබාදෙන අතරවාරයේදීම තමන් වෙනුවෙන් ද කාලයක් වෙන්කර ගැනීමට උත්සාහ දැරීමයි. එවිට සියල්ල පරදා ඔබගේ ජයග්‍රහණය තහවුරු වනු ඇත.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 

views

963 Views

Comments

arrow-up