අධික හිරු එළියෙන් රුව රැකිය හැකි ඇඳුම් පැළඳුම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
08

අධික හිරු එළියෙන් රුව රැකිය හැකි ඇඳුම් පැළඳුම්

අධික හිරු එළියෙන් රුව රැකිය හැකි ඇඳුම් පැළඳුම්

මේ දිනවල පවතින්නේ දරාගත නොහැකි රස්නයක්. කෙතරම් ජලය පානය කළද ඔබට ඇතිවන පිපාසය නම් නිවා ගන්නට නොහැකි වේවි. ඉතින් මේ දිනවල පවතින අධික හිරු රශ්මියට නිරාවරණය වීමේදී ඔබ විසින් භාවිතා කළ යුතු ඇඳුම් පැළඳුම් පිළිබඳව ඔබට කිසියම් අවබෝධයක් තිබෙනවා ද. අවබෝධයකින් තොරව ඇඳුම් පැළඳුම් භාවිතා කිරීම තුලින් සිදුවන්නේ අහිතකර හිරු කිරණ ඔබේ සිරුරට ඇතුල්වීම මගින් සමට හානි සිදුවීමයි.

 

 

දවසේ උණුසුම වැඩිම පෙරවරු 11. 00 සිට පස්වරු 3. 30 දක්වා කාලයේ දී බව ඔබ දන්නවාද. එම කාලසීමාවේදී එළිමහනෙහි ව්‍යායාම නොකිරීම, ගමන් නොයා සිටීම වඩාත් සුදුසුයි. නමුත් ඇතැම් අවස්ථාවන්වලදී ඔබට අත්‍යවශ්‍යම ගමන් බිමන් මෙම කාලයේදී යෑමට ඔබට සිදුවිය හැකියි. එවැනි ගමන් බිමන් සඳහා කුමන විලාසිතාවක් තෝරා ගත්තත් එම විලාසිතා සුදු හෝ ළා පැහැති වර්ණයෙන් තෝරාගැනීමට ඔබ වැඩි අවධානයක් යොමු කරන්න. අව් කණ්ණාඩි පැලඳීමෙන් මූලික අරමුණ දෙනෙත් හිරු එළියේ ඇති පාරජම්බුල කිරණ වලින් ආරක්ෂා කර ගැනීමට වුණත් වැඩි දෙනෙක් මේවා පලඳින්නේ විලාසිතාවක් ලෙසිනි. මේ විලාසිතාව කැමති කැමති ආකාරයෙන් ප්‍රදර්ශනය කිරීමට හොඳම කාලය මෙයයි. මේ දිනවල පවතින අධික හිරු රශ්මියෙන් ඔබගේ දෑස් ආරක්ෂා කරගැනීමට ඔබට අව් කණ්ණාඩි පැළඳීමට හැකියාවක් පවතී. පාට පාට කුඩ මෙන්ම පන් තොප්පි විලාසිතාවත් කල එළි දකින කාලයක් තමයි මේ. පන් තොප්පියෙන් මුළු ඔලුවම වැසෙන නිසා ග්‍රීෂ්ම කාලයට හොඳම තොප්පි විලාසිතාව පන් තොප්පි වශයෙන් හඳුනාගත හැකියි. මෙවැනි විලාසිතාවන්ට යොමු නොවුනහොත් දහදිය දැමීම නිසා ඇතිවන විජලනය හා ලවණ ඉවත් වීමට, මස්පිඩු පෙරලීමට, අත් පා සහ උදරයේ මස්පිඩු වේදනාවට පත් වීමට සහ පෙරලීමට ඉඩකඩක් පවතී. එවැනි තත්ත්වයක් ඇති වූ විටක වහාම සියලු වැඩ නවත්වා සිසිල් තැනකට ගොස් විවේක ගැනීම වඩාත් සුදුසුයි. දැඩි හිරු එලියේ උපරිමව ඇති පාරජම්බුල කිරණ සමට ඉතා හානිකරයි. එමගින් සමේ පැහැය අඳුරු වෙනවා මෙන්ම සමේ ස්වභාවයද වෙනස් වීමට පුළුවනි. එමගින් සමේ රෝග, සමේ පිළිකා සෑදීමේ අවදානමද ඉහළ යයි. එම නිසාවෙන් මේ කාලයේදී ඇඳුම් පැලඳුම් තෝරා ගැනීමේදී ඉතාමත් සැලකිල්ලකින් යුතු පුද්ගලයන් වශයෙන් ක්‍රියා කිරීම ඔබගේ ශරීර සෞඛ්‍යයට වඩාත් යෝග්‍ය වනු ඇත. තවද ඔබට අධික රස්නයක් දැනෙන අවස්ථාවකදී කඩදාසිවලින් සැදූ අවානකින් පවන් සැලීම තුළින්ද එම රස්නය යම්තාක් දුරට අවම කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. හිරු එළියෙන් ඔබේ සමට සිදුවන හානිය යථා තත්ත්වයට පත් කරගැනීමට ඔබට සැලකිය යුතු කාලයක් ගතවේ. එම නිසාවෙන් ඔබ විසින් කළ යුතු වන්නේ හැකි පමණ හිරු එළියට නිරාවරණය නොවී සිටීමයි. ඔබට ආදරය කරන සමට ඔබත් ආදරය කරනවා නම් මෙම කරුණු පිළිපදින්නට අමතක කරන්නට එපා.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

views

823 Views

Comments

arrow-up