නිවසේ සැලැස්ම අනුමත කරන හරි පිළිවෙල

නිවසක් ඉදිකිරීමේදී ප්‍රදේශයට අදාළ නගර සභාවෙන් හෝ ප්‍රාදේශීය සභාවෙන් ඊට අදාල සැලැස්ම අනුමත කරගත යුතු වෙනවා. එය ක්ෂණිකව කළ හැකි ක්‍රියාවක් නොවෙයි. මොනතරම් ඉක්මනින් කටයුතු සිදු කළ හැකි වුණත් ඊට අදාළ නීති රීති රෙගුලාසි පද්ධතියක් තියෙනවා. මේ ඒ පිළිබඳ සටහනක්.
නිවසක සැලසුම් නිර්මාණය කිරීමට පෙර අදාළ ප්‍රදේශයේ ඉදිකිරීම් සඳහා බලපවත්වන නීතිමය රාමුව පිළිබඳ අවබෝධයක් ලබාගැනීම ඉතා වැදගත් වෙනවා. වෘත්තිය සැලසුම්කරුවන්ට මෙම නීතිරීති පිළිබඳ අවබෝධයක් තියෙනවා. නිසියාකාරව සම්පූර්ණ කරන ලද ගොඩනැගිලි සැලැස්මක් අදාළ ප්‍රදේශය පළාත් පාලන ආයතනයට භාර දීමට ප්‍රථම අනුගමනය කළ යුතු පිළිවෙත් තියෙනවා. ඒ අනුව අප විසින් නව නිවසේ සැලැස්ම ප්‍රාදේශීය සභාවට හෝ නගර සභාවට භාරදීමේ කරුණු කිහිපයකින් සමන්විත ඇමුණුම් පොතක් වගේ සැපයිය යුතුයි. ඒ ඇමුණුම අදාල ආයතනයෙන් සපයන අතර එහි නිවසේ සැලැස්ම අනුමත කිරීම සඳහා සලකා බලන කාරණා ඇතුළත් කර තියෙනවා.
අප විසින් සම්පූර්ණ ඉල්ලුම්පත නිවාස සැලැස්මේ පිටපත් කිහිපයක් ඇතුලත් පොතක් පළාත් පාලන ආයතනයට භාර දීමෙන් අනතුරුව සලකා බැලෙන්නේ මෙම ඉදිකිරීමට අදාළ බිම් කොටස සඳහා වරිපනම් බදු අය කරන්නේ ද යන්නයි. අපි විසින් සකස් කරන ලද ගොඩනැගිලි සැලැස්මට අනුව ඉදිකිරීමක් සුදුසු මට්ටමක පවතිනවා ද යන්න තාක්ෂණ නිලධාරින් විසින් මුලින්ම පරික්ෂා කරවා ඉන්පසු ඉඩම පිහිටි ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂාවක්ද සිදුකරනු ලබනවා. එහි කිසියම් අඩුපාඩුවක් තිබෙනවා නම් තාක්ෂණික නිලධාරියා විසින් ඒවා නිවැරදි කිරීමට උපදෙස් ලබා දෙනවා.
නිවාස සැලසුමක් පරීක්ෂාකිරීමේදී හිරු වලිය වාතාශ්‍රය නිවෙස තුළට ප්‍රමාණවත් පරිදි ලැබෙනවා දැයි පරීක්ෂාවට ලක්කරනවා. එසේ නොවන අවස්ථාවන් වලදී නැවත සැලසුම් සංශෝධනය කිරීමට සිදුවෙනවා. ළිඳ වැසිකිලි පිහිටන ස්ථානය ජලය බැස යන ආකාරය ඊළඟට අවධානය යොමුකරන ප්‍රධාන කාරණා වෙනවා. තාක්ෂණ නිලධාරියා විසින් හෝ ඇතැම් ප්‍රාදේශීය සභාවල මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් මේ සඳහා නිර්දේශ ලබාදෙනවා. මේ ආකාරයට නිසි පරිදි පිළියෙළ කර ඉදිරිපත් කරන සැලසුම් නාගරික සංවර්ධන පනත යටතේ අනුමත කරවා ගැනීම සඳහා අදාළ පළාත් පාලන ආයතන වෙත යොමු කරනවා. අනුමත කරගන්නා ලද ගොඩනැගිලි සැලැස්මක් වසරක කාලයක් සඳහා වලංගු වෙනවා. නමුත් එම කාලය තුළ ඉදිකිරීම් සිදුකිරීමට නොහැකි වුණේ නම් පළාත් පාලන ආයතනට ඉල්ලීමක් කර නැවත වසරක කාලයක් සඳහා වලංගු කාලය දීර්ඝ කර ගන්න පුළුවන්. මේ ආකාරයට වසරෙන් වසර අලුත් කරමින් වසර පහක කාලයක් දක්වා අනුමත කරවා ගත් ගොඩනැගිලි සැලසුමක වලංගු භාවයක් පවත්වාගෙන යන්න පුළුවන්.
by Dilki Shamani
Photo Source: Internet
2592 Views
Comments