පෞරාණික දේවලින් නිවසේ අලංකාරය

නිවාස අලංකරණය සඳහා යොදාගන්න දේ පැරණි යැයි සිතා අභාවයට ගියත් යළිත් අවුරුදු හතළිහක් පනහක් ගතවෙන විට ඒවා මෝස්තරයක් බවට පත්වෙනවා. අද මේ ලිපිය ඉදිරිපත් කරන්නේ එවැනි අපේ මුතුන් මිත්තන් පරිහරණය කළ පැරණි මෝස්තර යළිත් වර්තමානයේ ජනප්‍රිය වී ඇති ආකාරය පිළිබඳවයි.
වර්තමානයේ නිවෙස්වල එළියේ හා ඇතුළත අලංකරණය සඳහා අපේ පැරැන්නන් භාවිතා කළ ක්‍රම යොදා ගැනීමට සමහර නිවැසියෝ පෙළඹී සිටිනවා. නවීන නිවෙස් වලටත් මෙවා යොදා ගන්නවා. ඒත් ඒවා ලංකාවට ආවේණික වූ ආකාරයට නිර්මාණය කරන පාරම්පරික නිවාස වල හා නවීන නිවාස යන දෙවර්ගයටම නිවාස වලට මේ මෝස්තර ගැලපෙනවා.
නව නිවෙස් බොහෝ දුරට සරල නිර්මාණ වෙනවා. නිවස තුළට සරල මෝස්තර හැඩතල ටයිල් යොදාගන්නවා. උදාහරණයක් විදිහට මෙලෙස සරල හැඩතල ලෙස තැනූ නිවෙස් වලට කවිච්චි වැනි දේවල් පාවිච්චි කරන්නේ නැහැ. බොහෝවිට යොදාගන්නේ කැටයම් නැති ලී බඩු. මේ වගේ නිවාස වලට අලංකාරණය සදහා පාවිච්චි කළ බක්කි කරත්ත ගල් වංගෙඩි කුරහන් මුවහම අං තොප්පි එල්ලෙන රාමු වැනි දෑ නිවෙස්වල පාවිච්චි කිරීමට නොව බොහෝ විට යොදා යොදාගන්නේ අලංකාරය සඳහා.
එමගින් නිවස විසිතුරු කරගැනීමට බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. එමෙන්ම විශාල ලී දොරවල් නිවසේ ඇතුළු වන තැනට යොදා ගන්නවා. එහෙත් ඒවා නිවසට ඇතුළුවීමට හෝ පිටවීමට භාවිතා නොකර යොදාගනු ලබන්නේ නිවසේ අලංකාරයටයි. බක්කි කරත්ත එම නිවසේ වැරෙන්ඩාවේ තබා තිබෙන ආකාරය ඔබ දැක තිබෙනවාද? එමෙන්ම අද නිවාස වල ගරාජය වෙනම යොදන්නේ නෑ. එය විසිත්ත කාමරයේ කොටසක් ලෙස නිර්මාණය කරනවා. විසිත්ත කාමරය අසල ඇති මේ වගේ බක්කි කරත්ත තැබීමෙන් අලංකාරයක් නිවසට ගෙන දෙනවා.
ගෘහ භාණ්ඩ අතර වියන් ඇඳ කාමර වලට යොදාගන්නවා පෙට්ටගම කෑම මේසය හෝ විසිත්ත කාමරයට පිවිසෙන ස්ථානයක තැබීමට බොහෝ දෙනා පෙළඹෙනවා. ඒ සමගම මැටි වලින් හා කළුගල්වලින් කළ ප්‍රතිමාද තියෙනවා. ඒවා පැරණි තත්ත්වය ඉස්මතු කරන නිර්මාණ. නව නිවෙස්වල අලංකාරය සදහා භාවිතා කරන ද්‍රව්‍ය අතරට මේ වගේ දේවල් වලින් කළ නිර්මාණ නිවෙස් අලංකරණයට යොදා ගන්නවා නම් ඉන් ඇතිවන වෙනස්කම් නිසා නිවසට පිවිසෙන්නන්ගේ දෑස නිරන්තරයෙන්ම නිර්මාණවලට යොමු වෙනවා. මේවා වර්තමානයේ ඉතා ජනප්‍රිය ගෘහ අලංකරණ මාධ්‍යන් බවට පත් වෙලා තියෙනවා. ඉන් නිවසට පෞරාණික බවක් හා ගාම්භීරත්වයක් අත්කර දෙනවා.
by Dilki Shamani
Photo Source: Internet
969 Views
Comments