අවබෝධයෙන් යුතුව ලස්සන වෙමු

ලස්සනට ඉන්න අඳින්න පළඳින්න ගමන් බිමන් යන්න කාන්තාවන් වශයෙන් අප කවුරුත් කැමතියි. මමත් ලස්සන යුවතියක් යන සිතුවිල්ල ධනාත්මක වන තරමටම ඔබ ලස්සන වේවි. ලස්සනට ඉන්න ඕනෙ කියන දේ ඇත්ත. ආස කරන්න ඒත් කෝ වෙලාව. හැමෝම ගාව බෑග්වල කන්නාඩි මේසෙ උඩ මේකප් බඩු ඕනේ තරම්. භාවිතයට ගන්න තමයි බැරි. මේ පුරුදු තමයි ප්‍රශ්නය. තරුණ මහලු ඕනෑම කෙනෙක් ෆේස් වොෂ් එකකින් මුහුණ සේදීම වරදක් නොවේ. face cream එකක් lipstick එකක් භාවිතා කරන්න. ෆේස් වොෂ් එකකින් මුහුණ සෝදලා cream එක ගාලා රෝස පවුඩර් ටිකක් ගාගන්න. ලිප්ස්ටික් ටිකකුත් දාලා බලන්න. මේ තමයි සරලම විදිය ඔයාගේ මූණ ලස්සනට තියාගන්න.
උත්සව අවස්ථාවකට හැර අන් හැම වෙලාවකදීම හිස හොඳින් පීරලා පිළිවෙලකට පිටුපසට කර ගැට ගසා ගන්න. කොටට කැපූ කොන්ඩ මුහුණට වැටෙන්න දෙන්න එපා. ඔබගේ පියකරු සුන්දර මුහුණ හොඳින් පෙනෙන විදිහට තබාගන්න. සතියට තුන් පාරක්වත් හිස්කබල මත තෙල් දමා විනාඩි තිහක් පමණ හොඳින් මසාජ් කරන්න. අග පැළුණු කෙස් කපාගත යුතු අතර ඉඳලා හිටලා තමන්ගේ වයසට මුහුණට ගැලපෙන hair cut එකක් කරගන්න. තරුණ දරුවන් කාන්තාවන් සෑම දිනකම තමන් වෙනුවෙන් වේලාවක් තබා ගන්න. මුහුණ සේදීම, නෑම, ඇඟ සේදීම සඳහා වෙළඳ පොලෙන් මිලදී ගන්නා නිෂ්පාදනය ගැන සැලකිලිමත් වීමත් වැදගත්. තමන්ගේ මුහුණේ සමට නොගැලපෙන cream, face wash නිසා මුහුණේ තිබුණු තත්ත්වයටත් වඩා විනාශයක් විය හැකියි. එම නිසා දැනුම ඇති කෙනෙක් මුණගැසී ඔබට සුදුසු දේ තෝරා ගන්න. ඇග සේදීමට භාවිතා කරන සේදුම්කාරක වුවද සමට නොගැළපෙන එකක් නම් සම මත ඉරි තැලීම්, කුෂ්ඨ, අවපැහැගැන්වීම් විය හැකියි. ඒ නිසා ප්‍රමිතියකින් යුතු නිෂ්පාදන භාවිතා කරන්න. හිසකෙස් සදහා ෂැම්පු වර්ග ද එසේමයි. දෑත් දෙපා ද ඉතා හොඳින් පිරිසිදුව තබා ගැනීම වැදගත්. නියපොතු නිතර කැඩී යනවා නම්, නිය අවට කලු වීම, කුණු රැඳීම නිසා නියපොතු අවලස්සන වීම සිදුවේ. දෙපා සෙදීමට සුදුසු දේවල් භාවිතා කරන්න. මුහුණ සහ කොණ්ඩෙ වගේම දෑත් දෙපාවල නියපොතු ලස්සනට තබා ගන්න. වියලීම, රළු බව, කකුල් පැලීම වලක්වා ගැනීමට hand cream, foot cream භාවිතයට ගන්න. මේ විදිහට කරුණු කාරණා පැහැදිලි කරගෙන ඉතාමත් අවබෝධයකින් යුතුව අවශ්‍ය දේවල් ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක කරනවා නම් දිනෙන් දින ඔබ ලස්සන වනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
597 Views
Comments