දිගුකල් පවතින පැන්ට්‍රියක්

සෑම නිවසකම වඩාත් වැඩි වැදගත් කමක් ලබා ගන්නා තැන වෙන්නේ මුලුතැන්ගෙයයි. සාමාන්‍යයෙන් මුළුතැන්ගෙයක් සකස්කිරීමේදී පැන්ට්‍රියට හොඳ පෙනුමක් ලබාගැනීමට වැඩි දෙනෙක් කැමති. ඒත් ඊට ගැළපෙන ද්‍රව්‍ය තෝරා ගන්න දන්නෙ නැහැ. වර්තමානයේදී ලී කොන්ක්‍රීට් ටයිල් සිමෙන්ති ග්‍රැනයිට් වගේ දේවල් වලින් පැන්ට්‍රිය සකස් කරනවා. මේ වගේ දේවල් වලින් හොඳ පෙනුමක් සහිත දිගු කාලයක් පවත්වා ගැනීමට අමුද්‍රව්‍ය තෝරා ගැනීම වඩාත් සුදුසුයි. ඒවගේ පිරිසුදු කිරීමටත් නඩත්තුවත් හරිම පහසු විය යුතුයි.
සාමාන්‍යයෙන් ලී අමුද්‍රව්‍ය නිතරම තෙත් වීම ඉක්මනින් දිරා යනවා. මේ නිසා ලීයෙන් කළ පැන්ට්‍රිය පිරිසිදු කිරීම තරමක් අපහසුයි. මේ නිසා පැන්ට්‍රි කබඩ් සදහා අමුද්‍රව්‍ය තෝරා ගැනීමේදී වතුරට ඔරොත්තු දෙන වර්ගයක් තෝරා ගැනීම ඉතාම සුදුසු වෙනවා.
අද කාලයේ සුදු යකඩවලින් පැන්ට්‍රි සකස් කිරීමත් විලාසිතාවක් වෙලා තියෙනවා. නවීනපන්නයේ සුදු යකඩ පෙට්ටියක් සඳහා විශාල මුදලක් වැය කරන්න වෙනවා. ඒත් සුදු යකඩ මල නොබදින වතුරට ඔරොත්තු දෙන වර්ගයක් නිසා පිරිසිදු කරන්න හරිම පහසුයි.
කොන්ක්‍රීට් වලින් නිර්මාණය කරන අවස්ථා දකින්න ලැබෙනවා. කලින් කලට වෙනස් කරනවා නම් මේ ක්‍රමය ඉතාම සුදුසුයි. මූලික පැන්ට්‍රි නිර්මාණය කොන්ක්‍රීට් වලින් නිර්මාණය කරලා පසුව කැමති පරිදි ලී ටයිල් වගේ දේවල් වලින් ආවරණය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මුලුතැන්ගේ කෑම පිසින ස්ථානය සඳහා කොන්ක්‍රීට් භාවිතය වඩාත් පහසුයි. මොකද එය කැපුම් කෙටුම් වලට මෙන්ම ජලයට ඔරොත්තු දෙන නිසා. විවිධ වර්ණවලින් අලංකාර රටාවන්ගෙන් හැඩතල වලින් යුත් ටයිල් යොදා අලංකාර කර ගන්නත් පුළුවන්. කොන්ක්‍රීට් භාවිතය වගේම ටයිල් භාවිතය තරමක් පහසුයි. එය වතුරට ඔරොත්තු දෙන නිසා කල් පැවැත්මක්ද සහිතයි. නමුත් වන පරිදි ඉවුම් පිහුම් කටයුතු වලදී ටයිල් අතර ඇති හිඩස කුණු නොපිරෙන පරිදි ප්‍රවේශමෙන් කටයුතු කිරීමටත් වගබලා ගත යුතු වෙනවා. කොන්ක්‍රීට් පැන්ට්‍රියක් මෙන් නොවෙයි ටයිල් කරන ලද පැන්ට්‍රිය සකස් කරන විටත් නඩත්තු කරන විට වැඩි සැලකිල්ලක් යෙදිය යුතු වෙනවා. මුළුතැන්ගේ පැන්ට්‍රි කබඩ් එකක් අතර බිත්තියේ ඇති ආවරණය කිරීම සඳහා වඩාත් සුදුසු වෙන්නේ ටයිල්. විශේෂයෙන්ම සින්ක් එක අසල බිත්තියත් කෑම පිළියෙල කරන ස්ථානයටත් ටයිල් යෙදීම පිරිසිදු කිරීමට පහසුවක් වගේම දිගුකල් පැවැත්මටත් හේතුවක් වෙනවා.
මේ පිළිබඳව අවධානය යොමු කරමින් ඔබත් දිගුකල් පවතින පැන්ට්‍රියක් නිර්මාණය කරගන්න උත්සාහ කරන්න .
by Dilki Shamani
Photo Source: Internet
692 Views
Comments