කාන්තාවන්ට වැළදෙන සුදයාමේ රෝගය පිළිබඳව ඔබ දැනුවත්ද

වර්තමානයේදී බොහොමයක් කාන්තාවන්ට පවතින රෝගයකි සුද යාමේ රෝගය. නමුත් මෙම රෝගයට අවශ්‍ය ප්‍රතිකාර සිදුකර ගැනීම කාන්තාවන් විසින් අතපසු කරනු ලබන අතර ඊට හේතුව ඒ පිළිබඳව හෙළි කිරීමට ඇති ලැජ්ජාව නිසාවෙනි. මෙම රෝගාබාධය සඟවාගෙන කාලයක් සිටීම අතිශයින් භයානක විය හැකියි. මෙම රෝගය සුව කිරීමට අපහසු තත්ත්වයක් දක්වා වර්ධනය වීමට වුවද රෝගය සැඟවීම හේතුවෙන් මුහුණ පෑමට සිදුවෙයි.
බොහෝ කාන්තාවන් මුහුණ දෙන රෝගයේ ස්වභාවය නිසාම අඩුවෙන් කතා බහට ලක්වන ශ්වේත ප්‍රදරය එසේත් නැත්නම් සුද යාම පිළිබඳව කාන්තා ඔබ දැනුවත් විය යුතු වන්නේ ඒ නිසාය. මෙම රෝගය දිගින් දිගටම සඟවා ගෙන සිටීමෙන් සිදුවන්නේ මව් පදවිය අහිමි වීමයි. එබැවින් මවක් වීමට සිහින දකින සෑම යුවතියක්ම මගනොහැර මෙම රෝගය පවතින්නේ නම් ප්‍රතිකාර ලබාගත යුතුයි. අතීතයේ සිට පැවත ගෙන එන දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රම රෝග සුව කිරීමේ සුවිශේෂී හැකියාවක් ඇති බව වර්තමානයේ දී තහවුරු වී ඇත. කාන්තාවන් බහුතරයකට ඇතිවන සුද යාම වැනි තත්වයන්ට පාරම්පරික වෛද්‍ය ක්‍රම ආශ්‍රිතව සාර්ථක පිළියම් පවතිනවා ද යන්න සොයා බැලීමේ පර්යේෂණ බොහෝමයක් සිදු කර ඇත. සාමාන්‍ය කාන්තාවකගේ යෝනි මාර්ගය අවට ප්‍රදේශවල තෙත් වූ ශ්‍රාවයක් සහිත ස්වභාවයක් දැකගත හැකි වේ. ඊට හේතුව වන්නේ ගර්භාෂය නිරන්තරයෙන් කළලයක් දරා ගැනීමට සූදානමින් පසුවන නිසා එම ක්‍රියාවලියේදී ඩිම්බ නිකුත් වීමක් සිදුවීමයි. ඒ නිසා මේ කාලය තුලදී යෝනි මාර්ගය ආශ්‍රිතව ඇතිවන ශ්‍රාවයන් වැඩි වශයෙන් දකින්නට පුළුවනි. නමුත් සුද යාම වැනි තත්ත්වයන් නිරන්තරයෙන්ම දැකගත හැකි වේ. එවිට ප්‍රමාණය ඉක්මවා ශ්‍රාවයන් පිටවීමට පටන් ගනී. එය සුද යාම නැතිනම් ශ්වේත ප්‍රදරය යනුවෙන් හඳුන්වයි.
නිරෝගී කාන්තාවකගේ සරු කාලය තුලදී ඩිම්බ නිකුත් වන අවස්ථාවලදී යෝනි මාර්ගය ඔස්සේ පිට කරන ශ්‍රාවයන් කිසිදු වර්ණයකින් හෝ ගන්ධයකින් තොරව නිකුත්වේ. නමුත් රෝගී තත්ත්වයක් ඇති නම් එවැනි කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් කිරි පැහැයට සමාන ද්‍රවයක් වැඩි වශයෙන් පිටවෙයි. තවද සුදුපැහැති කැබලි ලෙස යෝනි මාර්ගය අවට පැතිර පවතින්නටත් පුළුවනි. මීට අමතරව රතු, ළා රතු, කහ මෙන්ම තද කහ පැහැයට හුරු ද්‍රාවණද දකින්න පුළුවන්. ඔබත් කාන්තාවක් වශයෙන් කෙදිනක හෝ මවක් වීමට යාමේදී මෙවැනි රෝග තත්ත්වයන් පැවතුණ හොත් එය ඔබගේ එම දරු සිහිනය බිඳ දමන්නට හේතුවක් වන්නට පුළුවනි. එමනිසාවෙන් නොසඟවා ප්‍රතිකාර ලබාගැනීම ඔබ විසින් සිදු කර ගැනීම අත්‍යවශ්‍ය වේ.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
1292 Views
Comments