ප්‍රථමාධාර - 03
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
29

ප්‍රථමාධාර - 03

ප්‍රථමාධාර  - 03

රෝගියෙකු හෝ තුවාල කරුවෙකු නිශ්චලව බිම වැටී සිටින විට ඔහුව හෝ ඇයව පරීක්ෂා කිරීම සදහා D R A B C යන ක්‍රමය භාවිතා කෙරේ. අප මෙම ක්‍රමය හා එය සිදුකරන ආකාරය පිළිබඳව ඔබට පිළිවෙළින් පැහැදිලි කර දෙන්නට සූදානම්.

 අවදානම - Danger

ඉහත කී ක්‍රමයෙහි පළමු අකුර " D " මගින් අර්ථවත් වන්නේ අවදානමයි. එසේත් නැත්නම් වැටී සිටින රෝගියා වෙතට යාමේදී ඔබට හෝ ඔබ අවට සිටින අයටත් අනතුරක් විය හැකි දැයි මූලිකවම පරීක්ෂාකාරී වීමයි. එසේ නොවේ නම්, තවත් අයෙකුට තවත් අනතුරක් ඇතිවීමේ ඉඩකඩ වැඩි බැවිනි. මෙහිදී ඔබත් ආරක්ෂාකාරීව සිටිමින් තුවාලකරු හෝ රෝගියාට ඇති අවදානම ඉවත් කිරීමයි.

 ප්‍රතිචාරය - Response

" R "
අකුරෙන් පැහැදිලි කරන්නේ ප්‍රතිචාරයයි. යම් රෝගියෙකුගේ හෝ තුවාලකරුවෙකුගේ ප්‍රතිචාර කෙසේද යන්න නිගමනය කිරීමයි. සෙමෙන් රෝගියාට කථා කරමින්, උරහිසට සෙමෙන් තට්ටු කරමින් යම් ආකාරයකින් ප්‍රතිචාර දක්වන්නේ ද නැතිද යන්න සොයා බලන්න.

ප්‍රතිචාර දක්වන්නේ නම්, අනතුර හොඳින් හදුනාගනිමින් සුදුසු ප්‍රථමාධාර ලබා දෙන්න. ප්‍රතිචාර නොදක්වයි නම් ඒ ඔහු හෝ ඇය සිහි නැති වී ඇතිදැයි හොඳින් පරීක්ෂා කළ යුතුයි.සිහි නැති බව තහවුරු කරගත් පසුව ඊළග පියවරයන් අනුගමනය කරන්න.

 ස්වසන මාර්ගය - Airway

" A"
අකුරින් ස්වසන මාර්ගය හදුන්වනවා. සිහි නැති රෝගියෙකු නම් අනිවාර්යයෙන්ම මේ වන විට ස්වසන මාර්ගය වැසී තිබෙනු ඇත. එසේ නම් එය ඔබ විවෘත කිරීම සිදු කළ යුතුයි. ඒ සදහා ඔහුගේ හෝ ඇයගේ නළලට අත තබමින් නිකටට ඇගිලි දෙකක මද තෙරපුමකින් හිස ඔසවා පිටුපසට නැඹුරු කළ යුතුයි.


 හුස්ම ගැනීම - Breathing

මෙහි " B " අකුරට අනුව ඔබගේ ඇසීම, දැනීම හා පෙනීම පරිදි තත්පර 10 ක් පමණ රෝගියා හුස්ම ගන්නවාද නැත්ද යන්න පරීක්ෂා කළ යුතුයි. රෝගියා හුස්ම නොගනී නම් CPR ක්‍රමයට කෘතිම ස්වසනය ලබා දීම කළ යුතුයි. හුස්ම ගන්නේ නම් රුධිර සංසරණයට යම් කිසි හානියක් වී ඇත්දැයි සලකා බලා අවශ්‍ය ප්‍රථමාධාර ලබා දී ආරක්ෂිතව ඉරියව්වකින් තබා රෝගියා හෝ තුවාලකරුව ඉතා ඉක්මනින් රෝහල්ගත කළ යුතුයි.

 රුධිර සංසරණය - Circulation ( Blood Circulation )

අවසාන අකුර වන " C " මගින් රුධිර සංසරණය පිළිබඳව සදහන් කරනවා. මෙහිදී රෝගියාගේ හෝ තුවාලකරුගේ ලේ ගැලීමක් සිදු වනවා නම් අනිවාර්යයෙන්ම එය පාලනය කිරීමට කටයුතු කර යුතුයි. නාඩි නොවැටෙන්නේ නම් ඉහත කී කෘතිම ස්වසනය ඉතා ඉක්මනින් ආරම්භ කළ යුතුයි. අවසානයේදී රෝගියා හෝ තුවාලකරුව ආරක්ෂිත ඉරියව්වෙන්ම වහාම රෝහල වෙත ගෙන යන්න.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

1303 Views

Comments

arrow-up