කෑම ඩීප් ෆ්‍රයිඩ් කරන්නේ පරිස්සමෙන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
21

කෑම ඩීප් ෆ්‍රයිඩ් කරන්නේ පරිස්සමෙන්

කෑම ඩීප් ෆ්‍රයිඩ් කරන්නේ පරිස්සමෙන්

අපි ගොඩක් වෙලාවට රස බලන්න පුරුදු පුරුදුවෙලා තියෙන්නේ ගැඹුරු තෙලේ බැදපු ආහාර. බැදපු අල පෙති බැදපු කුකුල් මස් බැදපු මාලු කෑම වලට ලොකු පොඩි කවුරු අතරේත් හොඳ ඉල්ලුමක් තියෙනවා. ඩීප් ෆ්‍රයිඩ් නැත්නම් ගැඹුරු තෙලේ බැදපු කෑම පරිභෝජනය සෞඛ්‍යයට හිතකර වන්නේ නැහැ. මේවගේ සෞඛ්‍ය සෞඛ්‍යාරක්ෂිතභාවයට අපි භාවිතා කරන තෙල් වර්ගය එහි ප්‍රමිතිය ඒවා බැදීමට ගන්නා ආහාරයේ සංයුතිය බැදීමට භාවිතා කරන උෂ්ණත්වය සහ එය බැදීමට ගත කරන කාලය බලපානවා. සාමාන්‍යයෙන් තෙල්වල මේදය සංතෘප්ත මේදය සහ අසංතෘප්ත මේදය ලෙස වර්ග කරන්න පුළුවන්.
 

 

 


ගැඹුරු තෙලේ බැදීමට සුදුසු වන්නේ සංතෘප්ත මේද අම්ල බහූල පොල්තෙල් වගේ තෙල් වර්ග. ඔබ දැක තිබෙනවාද සමහර වෙලාවල් වලට අපි එක වරක් යම්කිසි ආහාරයක් බැදලා අයින් කරපු තෙල්වලින් නැවත බැඳීම සිදු කරනවා. ගොඩක් වෙලාවල් වලට මුරුක්කූ වඩේ වගේ ආහාර සකස් කරන්න මේ විදිය යොදාගන්නවා. නමුත් ඒක ඉතාම භයානක සෞඛ්‍ය ගැටලු ඇති කරන හේතුවක්. තෙල් නැවත නැවත භාවිතා කරලා ගැඹුරු තෙලේ බදින එක අහිතකර මේද අම්ලය උත්පාදනය වෙනවා. ඒවා සිරුරට අහිතකරයි. ඒ නිසා කොලොස්ට්‍රෝල් අධිරුධිර පීඩනය හදවත් රෝග අවදානම් වැඩි වෙනවා. ඒ විතරක් නොවෙයි අපේ සිරුරේ අහිතකර කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය වැඩි වෙන්න බලපානවා. ගැඹුරු තෙලේ බැදීමේදී එය ඉතා අධික උෂ්ණත්වය හා දීර්ඝ කාලයක් බැඳීම සිදු කළොත් ඒ වාගේ අහිතකර අම්ල නිපදවීමේ හැකියාව වැඩිවෙනවා. මේ තුලින් පිළිකාකාරක ඇතිවන බව විශේෂඥයන් සොයාගෙන තියෙනවා. එනිසා ඔබත් ගැඹුරු තෙලේ බැදපු ආහාර භාවිතය සීමා කරන්න. ඒ වගේම නිවසේ දී කෑම පිසින විට පිසින විට ආහාරයක් බැදපු තෙල් වර්ගයකින් තවත් වරක් බැදීම සිදු නොකරන්න. එය සෞඛ්‍යයට ඉතාම අහිතකරයි. වර්තමාන ආහාර රටාව ඉතාම සංකීර්ණ හා කෘත්‍රිම බවට පත්වෙලා තියෙනවා. මේ නිසා විවිධ තෙල් වර්ග වෙළඳපොලේ දකින්න ලැබෙනවා. ඒවායේ ගුණාත්මක ගුණාත්මකභාවය පිළිබඳ තහවුරු කිරීම හරිම අපහසුයි. මේ නිසා ඔබ නිවසේ පිළියෙල කරන පිරිසිදු පොල්තෙල් ආහාරයට එකතු කර ගන්න උත්සහ කරන්න. එවිට අද සමාජයේ බහුලව දකින්න ලැබෙන බෝ නොවන රෝග වන පිළිකා අධි රුධිර පීඩනය හෘද රෝග වැනි රෝගී තත්ත්වයන්ගෙන් මිදීමට ඔබට අවස්ථාව උදා වේවි. ගැඹුරු තෙලේ බැදීමේදී ගැඹුරු තෙලේ බදින ලද ආහාර භාවිතයේ දී නැවත වරක් දෙවරක් සිතන්න.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

635 Views

Comments

arrow-up