සමේ පැහැපත් බව රැකදෙන moisturizer
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
21

සමේ පැහැපත් බව රැකදෙන moisturizer

සමේ පැහැපත් බව රැකදෙන moisturizer

සමේ පැහැපත් බව රැකගන්න අප වඩාත් උනන්දුයි. හේතුව සම දුර්වර්ණ වුණහොත් සමේ වියළි බව වැනි ගැටලු මතුවුවොත් එය සමේ පැහැයට බලපෑම් ගෙන දෙන නිසාවෙනි. තරුණ පෙනුම හැමදාම රැකගන්න අකමැති කෙනෙක් නම් මෙලොව නැති තරම්. නමුත් සොබා දහමට අනුව අප වයසට යන විට තරුණ පෙනුම අපෙන් ගිලිහී යාම සාමාන්‍ය දෙයක්. එසේ වුවද අපට වුවමනාව ඇත්නම් බොහෝ කාලයක් යනතුරු තරුණ පෙනුම ආරක්ෂා කරගැනීමට බැරිකමක් නැත. ඒ සඳහා කළ යුතු වැදගත්ම දේ වන්නේ සම ආරක්ෂා කර ගැනීමයි. සම ආරක්ෂා කර ගැනීමට නම් අපේ සමයේ නිරෝගී බව පිරිසිදු බව රැක ගැනීම කෙරෙහි උනන්දු විය යුතුයි. බොහෝ විට සමේ විවිධ ගැටලු මතුවන්නේ අප සම කෙරෙහි දක්වන අවධානය සහ නොසැලකිල්ල නිසාවෙන්. සමේ දුර්වර්ණ ලප කැළැල් කුරුලෑ වැනි දේ හට ගැනීම හේතුවක් සහිතව මිස හේතුවක් රහිතව ඇතිවන දෙයක් නොවේ. එම නිසා එවන් තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම කෙරෙහි සැළකිලිමත්ව කටයුතු කිරීමෙන් සමේ පැහැය නිරෝගී බව රැක ගත හැකියි.

දැන් බොහෝ දෙනෙක් සම පැහැපත් කර ගැනීම සඳහා විවිධ රූපලාවණ්‍ය ආලේපන භාවිතා කරති. සාමාන්‍යයෙන් එවන් වූ ආලේපන ගැල්වීම ඉතා වැදගත් දෙයක්. නමුත් මෙහිදී අප ආලේපන ගැල්වීමේ දී මෙන්ම තෝරා ගැනීමේදීද ඒ පිළිබඳව ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. බොහෝවිට ආලේපන තෝරා ගත යුත්තේ තමන්ගේ සමට ගැළපෙන අයුරින් ආලේපන වර්ග එකම අයුරින් සෑම කෙනෙකුටම නොගැලපෙයි. හේතුව එක් එක් අයගේ සම එකිනෙකාට වෙනස් වන නිසාවෙනි. තෙල් සහිත සමකට තෙල් ගතිය වැඩි ක්‍රීම් සුදුසු නොවන්නාසේම සමේ වියළි බව වැඩිනම් වියළි බව වැඩි ක්‍රීම් වර්ග සුදුසු නොවේ. මේ නිසා සම අනුව සුදුසු ක්‍රීම් වර්ගය තෝරා ගැනීමට අප දැනුවත් විය යුතුයි. බොහෝවිට නොගැලපෙන ක්‍රීම් වර්ග භාවිතා කිරීමෙන් විවිධ ගැටලුවලට මුහුණ පෑමට සිදුවන අවස්ථා නැතුවාම නොවේ.

 

 

 


සැර සබන් වර්ග භාවිතය සහ සැර ෆේස් වොෂ් වර්ග නිතර භාවිතය නිසාද සමේ ස්වාභාවික තෙල් ගතිය ඉවත්ව සම වියළි යයි. මේ අනුව බලන විට සෑම කෙනෙකුටම මොයිස්චරයිසර් ගැල්වීම ඉතාමත් වැදගත්. එක් එක් සම සඳහා moisturizer වර්ගද විවිධ වේ. මේ අනුව වියළි සමට තෙල් සහිත සමට වියපත් සමට ප්‍රශ්න සහිත සමට වශයෙන් ගැලපෙන මොයිස්චරයිසර් වර්ග තෝරා ගැනීම ගැන සැලකිලිමත් විය යුතුයි. මෙහිදී උසස් ප්‍රමිතියෙන් යුත් moisturizer වර්ග තෝරා ගත යුතු අතර උසස් ප්‍රමිතියක් තිබීම යනුවෙන් අදහස් කරන්නේ මිල වැඩි ඒවාට නොවන බව විශේෂයෙන් අවධාරණය කළ යුතුයි. moisturizer ආලේපනය දිනපතාම කළ යුතුයි. සම වඩාත් වියළි නම් රාත්‍රියටද ගැල්වීම සුදුසුයි. රාත්‍රියට සමයේ ක්‍රියාකාරීත්වය වැඩි නිසා වඩා වියළි සමකට රාත්‍රියේ මොයිස්චරයිසර් ගැල්වීම වඩාත් ඵලදායක වනු ඇත. මොයිස්චරයිසර් තෝරාගැනීමේදී විටමින් ඊ අඩංගු වර්ගයක් ගැනීම ගැන ද සැලකිලිමත් විය යුතුයි. මෙය ගැල්වීමට පෙර මුහුණ ෆේස්වොෂ් වලින් සෝදා cleanser වලින් වැඩිදුරටත් පිරිසිදුකළ යුතුයි. අප moisturizer වැනි ආලේපන භාවිතා කිරීමේදී ඒ පිළිබඳව දැනුවත්ව කටයුතු කරනවා නම් එහි නිසි ප්‍රතිඵල ලැබිය හැකි බව දැන් ඔබට වැටහෙනවා නේද.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

views

650 Views

Comments

arrow-up