ජීවිතය ජයගන්න අවස්ථා හදුනාගැනීම
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
13

ජීවිතය ජයගන්න අවස්ථා හදුනාගැනීම

ජීවිතය ජයගන්න අවස්ථා හදුනාගැනීම

අපි හැමෝම ජීවිතේ දිනන්න උත්සහ කරනවා. නමුත් ඒ උත්සාහය ස්මාර්ට් වෙන තරමට ඒක ළඟා කරගන්න ලේසි බව ඔබ දන්නවාද? ලෝකයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර ආයතන සාර්ථකව මිනිසුන් ව්‍යාපාර නායකයන් බොහෝ දෙනා තමන්ගේ ශක්තීන් දුර්වලතා අවස්ථා තර්ජන හඳුනාගන්නවා. SWOT analysis එකක් කරනවා. ඒක ව්‍යාපාරයක් විදියට ගත්තොත් තමන්ගේ මුදල් ආයෝජනය කරන්න සුදුසුම ව්‍යාපාර අවස්ථාව හඳුනාගන්න මේ විශ්ලේෂණ උපකාරී වෙනවා. ඒක පෞද්ගලික ජීවිතයට ආදේශ කර ගත්තොත් අපේ ජීවිතය සාර්ථක කර ගන්න යොදා ගන්න පුලුවන් හොදම ක්‍රමය වෙනවා. ඒ තුළින් ජීවිතයේ අභ්‍යන්තර තත්ත්වය සහ බාහිර තත්ත්වය පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගන්න හැකියාව තියෙනවා. ඒ තුළින් ඔබ සතුව ඇති අවස්ථා මොනවාද කියන එක හඳුනා ගෙන අනාගතයේ ඔබ කරා පැමිණෙන අවස්ථාවන් වලට හොඳ සූදානමක් ලබාගන්න පුළුවන් වෙනවා.

ජීවිතයේ තමන්ට කිසිදු අවස්ථාවක් ලැබුණේ නැතැයි දොස් නගන්න කිසිම කෙනෙකුට බැහැ. අපි හැමෝටම හැමෝටම අවස්ථාවක් ලැබෙනවා. නමුත් ඒ අවස්ථාව හරිහැටි අදුරගන්නේ බොහොම සීමිත පිරිසක් විතරයි. ජිවිතේ දිනන්න අවස්ථාවක් නෑ කියලා මැසිවිලි නගන අයට හොඳ පිළිතුරක් දීලා තියෙන්නේ ටාටා සමූහ ව්‍යාපාර හිමිකරු විසින්. ඔහු පවසන්නේ අවස්ථා හරියට බස් එකක් වගේ කියලා. එක බස් එකක් යනකොට තව බස් එකක් එනවා. ඒ වගේ ජීවිතේ තුළත් නිරන්තරවම අවස්ථාවන් පැමිණෙන බව ඔහු පවසනවා. නමුත් ඇතැම් විට ඔබ සිටින ප්‍රදේශය ඔබ සිටින ඉසව්වට බස් එක එන්නේ නෑ නේද කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඇතැම්විට ප්‍රදේශය තුළ බස් රථයක් ධාවනය වෙන්න තරම් සුදුසු මාර්ගයක් නැති වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක බස් එකක් අල්ලගන්න ඔබ ප්‍රධාන පාරට පයින් ඇවිදගෙන යනවා නැත්නම් වෙනත් ප්‍රවාහන මාධ්‍යයක් භාවිතා කරනවා. ඔබ එම විකල්ප දෙකම භාවිතා නොකර ඔබේ ගමන නවතා දමන්න සිතුවොත් ඔබට ඔබ අවශ්‍ය තැනට යාමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඔබ ළඟට බස් එකක් එන්නෙ නැත්නම් බස් එකක් එන තැනට ඔබ යන්න ඕන. අන්න ඒ වගේ ජිවිතේ ඔබට අවස්ථා හමුවන්නේ නැත්නම් ඔබ අවස්ථා සොයා ගෙන යා යුතු වෙනවා.

 

 

 


ඔබ දන්නවාද ලොව වටිනාකමින් ඉහලම ඡායාරූප සමාගම ලෙස සැලකෙන instagram ආයතනය කිසිම කැමරාවක් විකිණීමක් සිදුකරන්නේ නැහැ. ඒ වගේම ලොව විශාලතම ටැක්සි සමාගමක් ලෙස සැලකෙන uber ආයතනය සතුව කිසිදු රථවාහනයක් නැහැ. ඔවුන් ලොව ප්‍රබල ව්‍යාපාර බවට පත්ව තියෙන්නේ පවතින අවස්ථාව හඳුනා ගෙන ඊට අනුගත වීම තුලින්. ඉතින් ඔබත් ජීවිතය දිනන්න අවස්ථා අලුතෙන් හඳුනාගන්න. ඒවා එකක් වත් මගාරින්න එපා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

650 Views

Comments

arrow-up