හිසකෙස් තෙත්ව තිබියදී නින්දට යාමේ පලවිපාක
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
07

හිසකෙස් තෙත්ව තිබියදී නින්දට යාමේ පලවිපාක

හිසකෙස් තෙත්ව තිබියදී නින්දට යාමේ පලවිපාක

හිසකෙස් තෙත්ව තිබියදී නින්දට යාමේ පුරුද්දක් ඔබටත් තිබෙනවාද? එසේ නම් මේ ලිපිය ඔබ අනිවාර්යයෙන්ම කියවිය යුතුමයි.

මෙසේ හිසකෙස් තෙත්ව නින්දට යාමේ අතුරු ආබාධ ගණනාවක්ම ඇත. මෙම ලිපිය කියවීමෙන් පසුව, ඔබ රාත්‍රී කාලයේ ස්නානය කරන්නෙකු නම්, නින්දට පෙර ඔබේ හිසකෙස් වියළීමට මහන්සි වන බව නොඅනුමානයි.

තෙත් හිසකෙස් සමඟ නිදා ගැනීම ඔබේ සෞඛ්‍යයට සහ ඔබේ පෙනුමට බලපාන ආකාර කිහිපයක් අපි ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

- හිස්කබලේ කැසීමක් ඇති කරයි.

ඔබට හිස්කබලේ කැසීමක් ඇතිවී තිබෙනවාද? ඔබේ හිස් කබලේ කැළඹිලි සහගත හැඟීමක් කවදා හෝ අත්විඳ තිබේද? සාමාන්‍යයෙන් අපි ඒ සඳහා අප භාවිතා කරන ෂැම්පූ වර්ග වලට දොස් පවරනවා, නමුත් සත්‍ය නම් මෙම අපහසුතාවයට හේතුව තෙත් හිසකෙස් සමඟ නින්දට යාමේ පුරුද්දයි.

හිස්හොරි වැනි රෝගද බොහෝ සෙයින් ඇතිවිය හැක. එයට හේතුව අපි තෙත් හිසකෙස් සමඟ නිදාගන්නා විට තෙතමනය සමග කොට්ටයට තද වීමෙන් උණුසුම් පරිසරයක් ඇති වෙයි. එම උණුසුම් බව සමගින් හිස තුළ බැක්ටීරියා වර්ධනය වැඩි කරයි.

- හිසකෙස් ගැට ගසෙයි

තෙත් හිසකෙස් ඉතා ඉක්මනින් කැඩෙන සුළුයි. ඔබේ හිසකෙස් වියළීමට පෙර ඔබ නින්දට ගිය විට, එය ඔබේ නින්දේදීත් පටලැවීමට පටන් ගනී.

උදෑසන අවදි වන ඔබට, ඔබේ කොණ්ඩයේ ගැට ලිහිල් කිරීමට අපහසු වන අතර එය ඔබගේ උදෑසන චර්යාවට අමතර ආතතියක් එක් කළ හැකිය.

- හිසරදය සෑදීමේ අවධානම

ඔබගේ හිසකෙස් තෙත්ව නින්දට ගියහොත්, ඔබට අනිවාර්යයෙන්ම හිසරදය සමඟ අවදි වීමට පුලුවන්.

හිසකේ සත්කාරක පිළිබඳ විශේෂ දැනුමක් ඇති අය පවසන්නේ තෙත හිසකෙස් සමඟ නිදා ගැනීම ඔබේ ශරීරයේ උෂ්ණත්වය අඩු කරන අතර ඔබේ ශරීරය උණුසුම් වීමට ඉතා ප්‍රබල උත්සාහයක් දරණ බැවින් හිසරදය ඇති කරන බවයි.

තවත් මේ සම්බන්ධයෙන් විග්‍රහ කරන ඇතැම් පිරිස විශ්වාස කරන්නේ ඔබේ හිසකෙස් තුවායෙන් ඔතා නින්දට යාමේදීද, හිසරදය ඇති කරන අතර ඔබේ නින්දට පවා බාධාවක් විය හැකි බවයි.

- ඔබේ කොණ්ඩය තුනී වීම.

තෙත් හිසකෙස් සමඟ නින්දට යාම බරපතල සෞඛ්‍ය ගැටළු වලට තුඩු නොදෙන නමුත් එය ඔබේ හිසකෙස් වල පෙනුමට බලපායි.

හිසකෙස් කෙමෙන් තුනී බවට පත් වේ. එනිසා නින්දට තෙත කොණ්ඩය පිටින් යාමට පෙර දෙවරක් සිතන්න. ඔබේ කොණ්ඩය තුනී වීම වැලැක්වීමට ඔබ මිලදී ගන්නා නිෂ්පාදන සඳහා වියදම් කරන මුදල් ඉතිරි කර ගත හැකිය.

- හිසකෙස් පරිපූර්ණ නොමැති වීම

පෙර කී පරිදී හිසකෙස් තුනී වීමෙන් පරිපූර්ණ ගතියද නැති වේ හිසකෙස් සිහින් වන අතර පරිමාව කෙමෙන් කෙමෙන් අඩු වේ.

එබැවින් තෙත හිසකෙස් සමග නිදාගැනීම ඔබේ හිසකෙස් වලට විශේෂයෙන් හානිදායක වේ.

- කොණ්ඩයේ අග පැලීම තවත් ප්‍රධාන හේතුවකි

ඔබේ කොණ්ඩා මෝස්තරකරු කොපමණ වාරයක් ඔබේ කොණ්ඩයේ අග කපා දැමිය යුතුදැයි ඔබට පැවසුවා ද?
ඔබ ඔබේ කොණ්ඩයේ අග කී වාරයක් කපා ඉවත් කලාද?

තෙත් හිසකෙස් සමඟ නිදා ගැනීමේ පුරුද්ද නිසා නිතර නිතර ඔබේ කොණ්ඩයේ අග පැලී යාමද තවත් එක් හේතුවකි.

- මුහුණේ සමේ ද කැසීමක් ඇති කරයි.

තෙත් හිසකෙස් සමඟ නිදාගැනීම ඔබේ හිස්කබලට පමණක් නොව ඔබේ මුහුණේ සමටද බලපායි. ඔබ නින්දෙන් ඇද මත පෙරලෙන අයෙකු නම්, හිසකෙස් ඔබේ මුහුණට වැටීමට ඇති ඉඩකඩ වැඩි වේ.

තෙත් හිසකෙස් හා ඔබේ නිදන කාමරයේ උෂ්ණත්වය සංයෝජනය වීමෙන් මුහුණේ සම මත බැක්ටීරියා වර්ධන ක්‍රියාවලිය සඳහා ඉඩ සැලසේ.

ඔබ සාමාන්‍යයෙන් රෑ නින්දට යාමට පෙර ස්නානය කරනවාද? නැතිනම් ඔබේ හිසකෙස් සෝදා ගන්නවාද? එසේ නම් හොඳින් පිසදා වියළා ගැනීමට අමතක නොකරන්න...

 

 

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

663 Views

Comments

arrow-up