දරුකමට හදා ගැනීමේ නීතිය ගැන

දරුවන් නොමැති පාර්ශ්වයන් විසින් දරුවන් හදා ගැනීම සමාජයේ වැඩිපුර දක්නට ලැබෙනවා. ලංකාවේ ඊට අදාළව ක්‍රියාත්මකවෙන්නේ කුලවද්දා ගැනීමේ නීතියයි. මේ ඒ පිළිබඳ සටහනක්.
ලංකාවේ පවතින සාමාන්‍ය නීතිය මගින් පාලනය වන්නන්ට දරුකමට දරුවන් හදාගන්න පුළුවන් වයස අවුරුදු 14 ට වඩා අඩු දරුවන් විතරයි. ඒත් ළමයෙක් කියන්නේ වයස අවුරුදු 18 ට අඩු කෙනෙක් නිසා අධිකරණය වයස 18ට අඩු දරුවන් ගැන කරන ඉල්ලීමක් වුණත් එක විට අහක දාන්නේ නෑ. එතනදී වයස අවුරුදු 10ට වැඩි දරුවෙක් නම් දරුවාගේ කැමැත්ත අධිකරණයට විමසන්න පුළුවන්.
සාමාන්‍ය නීතියේ විදිහට දරුවෙක් දරුකමට හදාගන්න ඉල්ලන පුද්ගලයෙක් හරි නැත්නම් අඹුසැමියන් හරි වයස අවුරුදු 25 ඉක්මවලා තිබීම දරුවාට වඩා අවුරුදු විසි එකක් වැඩිමහල් වීම අත්‍යවශ්‍ය වෙනවා. ඒත් ඒ දරුවා ඉල්ලීම කරන පුද්ගලයාගේම හරි ඒ පුද්ගලයාගේ පූර්ණ හෝ අර්ධ සහෝදරියකගේ සහෝදරියක ගෙන් පැවත එන්නෙක් හරි ඉල්ලීම කරන පුද්ගලයාගේ සැමියා හෝ බිරිඳගේ වෙනත් විවාහයක දරුවෙක් හරි නම් වයස් පරතරය කියන එක නීතියේදී සලකන්නේ නැහැ.
සාමාන්‍ය ව්‍යවහාරය අනුව පොලිස් පොතේ ලියලා දරුවන්ව හදාගන්න බැහැ. දරුවෙක් කුලවද්දා ගන්න උසාවි නියෝගයක් තියෙන්න අවශ්‍යයි. අනිත් අතට සැමියා සහ බිරිඳ යන දෙදෙනාම ජීවත්ව සිටියදී ඒ දෙදෙනාගේම කැමැත්ත නැතිව දරුකමට හදාගැනීමේ නියෝගයක් ගැනීම අපහසුයි. දෙපාර්ශවය අතින් එක් කෙනෙක් හෝ සොයාගන්න නැත්නම් හෝ යුවල ඩිවෝස් වෙලා සිටිනවා නම් හෝ එක් පාර්ශවයක් හරි මානසික ආබාධයකින් පෙළෙනවා නම් එහෙම තැනකදී අධිකරණය මේ පිළිබඳ ලිහිල් ලෙස සලකා බලනවා. එපමණක් නොවෙයි දරුවාව දෙන්න දරුවාගේ ස්වභාවික දෙමවුපියන්ගේ කැමැත්ත අවශ්‍ය වෙනවා. ඒ වගේම දරුවා ඉපදුනේ නීත්‍යනුකූල විවාහයකින් පිට නම් දරුවාගේ තාත්තා ලෙස හඳුනාගත් යම් නිශ්චිත පුද්ගලයෙක් හොයන්න නැත්නම් අම්මාගේ විතරක් කැමැත්තට දරුවාව වෙනත් පාර්ශවයකට හදාගන්න දෙන්න හැකියාව තියෙනවා.
දරුවාගේ ස්වභාවික මව දරුවකු අතැර ගිය පසු හෝ නඩත්තු කිරීම පැහැර හරින වෙලාවක වගේම භාරකාරුට යම් මානසික ආබාධයක් තිබේ යැයි ඔප්පු වෙන වෙලාවක නම් උසාවිය ඔවුන්ගේ කැමැත්ත පිළිබඳ තැකීමක් නැතුවම වෙනත් ඉල්ලන පාර්ශ්වයකට දරුකමට හදාගැනීමේ නියෝගයක් දීම ගැන සැලකිල්ලක් දක්වනවා. මොකද දරුවකුගේ උපරිම යහපත ගැන සිතා තීරණ ගැනීමට පුළුවන් උපරිම භාරකරු වෙන්නේ සෑම වෙලාවකම දිසා අධිකරණයයි.
යම් අවස්ථාවක දරුවාගේ ස්වභාවික මවට ගෙවීම් කර හෝ තෑගි ඇබ්බැහි දරුවකු හදා ගන්න කැමැත්ත ඉල්ලීම නීතියෙන් සම්පූර්ණයෙන්ම තහනම්. මේ අයුරින් අධිකරනයෙන් දරුකමට හදාගැනීමේ නියෝගයක් දුන් පසු ස්වභාවික දෙමව්පියන් සමග දරුවාට තිබූ සියලු නීත්‍යානුකූල බැඳීම් අවසන් වෙනවා.
ඒ නිසා යම් අවස්ථාවක කෙනෙකුට මෙවැනි තීරණයක් ගැනීමට සිදු වුවහොත් ඒ පිළිබඳ නීත්‍යානුකූල පසුබිම සොයා බලා කටයුතු කිරීම පසු කාලීන ගැටලු ඇතිවීම වළක්වනවා.
by Dilki Shamani
Photo Source: Internet
1186 Views
Comments