බඩවැලේ පිළිකා නසන ප්‍රතිකාර

දැනට ලෝකයේ වඩාත් විශාලව පැතිරී යන රෝග තත්ත්වයක් ලෙස මහ බඩවැලේ ඇතිවන පිළිකා හදුන්වන්න පුළුවන්. කාන්තාවන් හා පිරිමින් අතර වැඩි වශයෙන් පවතින රෝගයක් වන මෙම පිළිකා තත්වය ඉතා භයානක බව ලොව පුරා වෛද්‍යවරුන් තහවුරු කරනවා. දැන් මහ බඩවැලේ ඇතිවන පිළිකා සෛල සියයට අනු තුනක් විනාශ කර දැමිය හැකි අමුද්‍රව්‍යයක් සොයාගෙන අවසන්.
ඒ අපි හොඳින්ම දන්නා පොල්තෙල්. මේ පිළිබඳ පිළිබද වැඩිදුර අධ්‍යනය කරමින් තොරතුරු ගවේෂණය කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ඇඩලයිඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක්. ඔවුන් පවසන ආකාරයට පොල්තෙල් වල ලෝරික් අම්ලය අඩංගු වීම නිසා එම අම්ලය හරහා බඩවැලේ පිළිකා සෛල සියයට අනූ තුනක් නිසි ප්‍රතිකාර සිදු කිරීමෙන් පසුව විනාශ කළ හැකියි.
පොල් ගෙඩියක් තුළ ලෝරික් අම්ලය විශාල ප්‍රමාණයක් අඩංගු වන බවත් ඔවුන් පවසනවා. ඒ අනුව පොල්තෙල් වල පවතින ලෝරික් අම්ලය හරහා මහ බඩවැලේ පිළිකා සෛල වෙත ඔක්සිකාරක මුදාහරිනු ලබනවා. මේ ක්‍රියාවලිය අතරතුර පිළිකා සෛල තුළ පවතින ග්ලූටතයෝන් ප්‍රමානය පාලනය කිරීමත් ලෝරික් අම්ලය හරහා සිදුකරනවා. මීට අමතරව ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මිනිසුන් විවිධ රෝග සුවකර ගැනීමට පොල්තෙල් භාවිතා කර ඇති බව ඔවුන් පවසනවා. වෙනත් අධ්‍යයනයන්ට අනුව පොල්තෙල් මගින් අහිතකර බැක්ටීරියා විනාශ කිරීමත් දිලීර රෝග සහ වෛරස් ආසාදන තත්ත්ව සඳහා මනා ප්‍රතිකර්මයක් ලබාදෙන බවට හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම පොල්තෙල් අක්මාව ආශ්‍රිත ජීවන ක්‍රියාවලිය පහසු කිරීමට උපකාරීවන බව සොයාගෙන තියෙනවා.
වෛද්‍යවරුන්ගේ හඳුනාගැනීම අනුව පොල්තෙල් භාවිතය මගින් දියවැඩියාව සමේ ඇතිවන පිළිකා තත්ත්වයන් වළක්වා ගැනීමට හැකියාව ලැබෙනවා. වසර 1960 පෙර සිටම කාන්තා පිරිමි දෙපාර්ශවයම වෙනත් කෘත්‍රිම තෙල් වර්ග වෙනුවට පොල්තෙල් භාවිතා කර තිබෙන බව සොයා ගෙන තියෙනවා. සොබාදහමේ විස්මිත විස්මිත ඖෂධයක් වන පොල්තෙල් වල පවතින ගුණ දැනටමත් විද්‍යාඥයන් හඳුනාගෙන අවසන්. මේ නිසා නිතරම පිරිසිදු පොල්තෙල් ආහාරයට ගැනීමට උත්සහ කරන්න.
by Dilki Shamani
Photo Source: Internet
695 Views
Comments