දරුවාට අමතර ආහාර - 01
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
26

දරුවාට අමතර ආහාර - 01

දරුවාට අමතර ආහාර - 01

උපන් දා සිට මව්කිරි බොන දරුවාට මාස 06 ක එසේත් නැත්නම් දින 180 ක් සම්පූර්ණ වූ විගසම අමතර ආහාර ලබා දීම ආරම්භ කළ යුතුයි. බිළිඳකුට මාස 06 සම්පූර්ණ වූ විට මව්කිරි වලට අමතරව ආහාර වර්ග කෙමෙන් කෙමෙන් හුරු කරවීම පටන් ගැනීම පිණිස අමතරව දීමට පටන් ගන්නාවූ ආහාර " අමතර ආහාරයන් " ලෙස අප හදුන්වනවා. ඉතා ඉක්මනින් වර්ධනය වන ක්රියාශීලි දරුවන්ගේ කායික හා මානසික වර්ධනයට මෙන්ම මනා සෞඛ්ය තත්වයක් පවත්වාගෙන යාම සඳහා දරුවාට මාස 06 කට පසුව මව්කිරි දීමෙන්ම පමණක් ප්රමාණවත් නොවන නිසා අනිවාර්යයෙන්ම අමතර ආහාර වර්ග වලට හුරු කරවීම පටන් ගත යුතුයි.

 

මාස 06 ක පටන් වසර 02 ක් දක්වා දරුවාට මව්කිරි සමඟ මෙසේ ප්රමාණවත් ලෙස අමතර ආහාර ලබා දීමත්, අවුරුදු 02 න් පසුව සාමාන්ය ආකාරයට ආහාර වර්ග දරුවාට ක්රමයෙන් වැඩි කිරීමත් සිදු කළ යුතුයි. බොහෝ දෙමාපියන් තම දරුවාට අමතර ආහාර ලබා දීම පිළිබඳව නිසි අවබෝධයක් හා නිවැරදි ක්රමවේදයන් පිළිබඳව නොදැනුවත්ව කටයුතු කරයි. එයින් දරුවාගේ පෝෂණය, මානසික හා කායික සෞඛ්ය නිසි ප්රමාණයට සංවර්ධනය නොවෙයි. ඒ නිසා අපි මේ ලිප තුළින් දරුවාගේ අමතර ආහාර ලබා දීම පිළිබඳව සැලකිලිමත් විය යුතු ඉතා වැදගත් කරුණු සම්බන්ධව පැහැදිලි කර දෙන්නට සිතුවා. මූලිකවම දරුවාට මාස 06 ක් වීමත් සමඟම අමතර ආහාර ලබා දීමට පෙරාතුව දෙමාපිය ඔබ දැනගත යුතු මූලික කරුණු කිහිපයක් තිබෙනවා.

 

දරුවාගේ ආහාර වේල පිරිසිදුව පිළියෙල කිරීම

 

දරුවාට ඒ ඒ කාල සීමාවේදී ලබා දිය යුතු පෝෂදායී ආහාරයන් වර්ග ඉතා සෞඛ්යාරක්ෂිතව පිළියෙල කර තම දරුවාට දිය යුතුයි. සෑම විටම දරුවාට ආහාර ලබා දෙන භාජන, කෝප්ප හා හැඳි වැනි දෑ හොඳින් පිරිසිදු කර හැකිනම් උණුසුම් වතුරෙන් තම්බා වෙන් කර තබා ගත යුතු වෙනවා. එමෙන්ම ආහාර පිළියෙල කිරීමට පෙර හා දරුවාට කැවීමට පෙර ඔබගේ දෙ අත් සෝදා හොඳින් පිරිසිදු කර ගත යුතුයි.

 

දරුවාට ආදරය හා සෙනෙහස දක්වන්න

 

 

දෙමාපිය ඔබ දරුවා සමඟ ඉතාමත්ම ඉවසීමෙන් යුතුව කටයුතු කළ යුතු වෙනවා. ආදරයෙන් , සෙනෙහසින් දරුවාට කවන්න. එයින් දරුවාගේ මොළය වර්ධනය මෙන්ම ආහාර රුචිය වැඩි වීම හා ආහාර ගැනීමට ප්රියතාවය වැඩි වීම සිදුවේ.

 

අමතර ආහාර සඳහා නුසුදුසු දේවල්

 

දරුවාගේ ආහාරයට ලුණු සහ සීනි කිසිසේත්ම එක් නොකළ යුතුයි. දරුවාට එවැනි දෑ එක් කළ යුතු වන්නේ දරුවාට අවුරුද්දක් වූ පසුවයි. එබැවින් ඒ පිළිබඳව සැළකිලිමත් වෙන්න.

 

දෙමාපිය දෙදෙනාම එක්ව කටයුතු කිරීම

 

සෑම විටම දරුවාගේ වර්ධනයට මව සහ පියා ඔහුගේ හෝ ඇයගේ ළගින්ම සිටීම කළ යුතුයි. මව මෙන්ම පියාද දරුවාට අමතර ආහාර ලබා දීමේ ක්රියාවලියට සම්බන්ධ විය යුතුයි. දරුවාගේ හා දෙමාපිය, නෑ හිතමිත්රාදීන් අන්යෝන්ය සබැඳියාව වර්ධනය විය යුතුයි.

 

 

අනවශ්‍ය දේවල් නොකිරීම

 

දරුවාට රූපවාහිනි යන්ත්ර ඉදිරියේ, ජංගම දුරකථන අතට දීමෙන් හෝ ගෙවත්තෙහි තැනින් තැන ඇවදිමින් ආහාර කැවීම කිසිසේත් සුදුසු වන්නේ නැත. ඒ සඳහා දරුවාටත් මව හෝ කවන්නාට පහසු වූ සුදුසු වූ ස්ථානයක් තෝරා ගන්න.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

594 Views

Comments

arrow-up