පැපොල් වලින් රූ රහස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
05

පැපොල් වලින් රූ රහස්

පැපොල් වලින් රූ රහස්

රුව වඩන රහස් අතර මුල්තැන ගන්නා පළතුරු තිබේ. පැපොල් රසවත් පලතුරක් වගේම ඔබේ හිසටත් ගතටත් නැවුම් බවක් අත්කර දෙන පෝෂණීය රූපලාවණ්‍ය සත්කාරයක්. පැපොල්වලින් නිවෙසේදීම කර ගත හැකි එවැනි සත්කාරක කිහිපයක් පිළිබඳ මින් ඉදිරිපත් කෙරේ.


සමට පැපොල් සත්කාර


පැපොල් කියන්නේ සම ගැඹුරින් පිරිසුදු කළ හැකි සත්කාරකයක්. පැපොල් සමඟ යෝගට්, කහ, දෙහි ස්වල්පයක් මිශ්‍ර කර මුළු සිරුරටම ආලේප කර විනාඩි 15කින් පසු සෝදා හරින්න.
පැපොල් මදය සූරා එය මී පැණි සමඟ මිශ්‍ර කර පැය බාගයක් පමණ තබන්න. පසුව මුළු සිරුරේම ආලේප කර පැය කාලක් පමණ තබා සෝදා හරින්න. සතියකට තුන් වතාවක් පමණ මේ සත්කාරය කිරීමෙන් සමෙහි මෘදු බව වඩවා ගත හැකියි.
ඕට්ස් සහ පැපොල් දෙහි යුෂ සමඟ මිශ්‍ර කර මුළු සිරුරට ආලේප කර මෘදු ලෙස සම්බාහනය කර සෝදා හරින්න.
පැපොල් පොතු හැර කුඩා කැබලි කපා එයට මේස හැන්දක් පමණ වියළි කහ කුඩු මිශ්‍ර කර එම තලපය අනවශ්‍ය රෝම වැවී ඇති තැන්වල හොඳින් ආලේප කර පිරිමඳින්න. මිනිත්තු විස්සකට පමණ පසු සිසිල් ජලයෙන් සෝදා හරින්න. සමේ තිබෙන අනවශ්‍ය රෝම මේ සාත්කාරයෙන් ඉවත් කර ගත හැකියි. වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට සතියකට දෙවරක් පමණ සිදු කරන්න.


පැපොල්, හඳුන් කුඩු හා මී පැණි සමඟ හොඳින් මිශ්‍ර කර තලපයක් සකසා මුහුණේ හා බෙල්ලේ හෝ මුළු සිරුරේම වුවද ආලේප කරන්න. විනාඩි 20න් පසු සීතල වතුරෙන් සෝදා හරින්න. සතියකට වරක් කිරීමෙන් දිදුලන සමක් ලබාගත හැක.


කෙස් කළඹට පැපොල් සත්කාරය

හිසකෙස්වල දීප්තිමත් පෙනුම රැක ගැනීමට කෙසෙල් ගෙඩියක් හා පැපොල් ඔලිව් තෙල් ස්වල්පයක් සමඟ මිශ්‍ර කර හිස් කබලේ සහ හිසකෙස් මත ආලේප කරන්න. විනාඩි 10 හෝ පැය බාගයක් පමණ තබා හිස කෙස් සෝදන්න. මෙයින් හිසකෙස්වල තෙතමනය හා මෘදු බව ඇති කරයි.

 


ඇපල් සයිඩර් විනාකිරි සහ පොල්තෙල් සමඟ පොඩි කර ගත් පැපොල් මිශ්‍රණය හිස් කබලේ ආලේප කරන්න. පැපොල් වල ඇති එන්සයිම, හිස්හොරි ඇති වීම වළක්වයි. ඇපල් සයිඩර් විනාකිරි, හිස්කබලේ pH අගය සමතුලිත කිරීමට උපකාරී වෙයි. පොල් තෙල්වල ඇති අම්ලය තුළ දිලීර හා ක්ෂුද්‍ර ජීවීන් නැසීමේ ගුණය පවති.


පැපොල් රසවත් පළතුරක් ලෙස ආහාරයට ගන්නා අතරතුරම මෙවැනි සත්කාර ඔබේ කෙස් කළඹට සහ සමට සිදු කර වෙනස වටහා ගන්න.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

742 Views

Comments

arrow-up