ගැබිණි මවකට නින්දට සුදුසු ඉරියව්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
13

ගැබිණි මවකට නින්දට සුදුසු ඉරියව්

ගැබිණි මවකට නින්දට සුදුසු ඉරියව්

ගැබ් ගැනීමකින් පසුව ගත කරන මාස නවයක කාලය තුල බොහෝ කාන්තාවන්ට සුවබර නින්දක් නොලැබීම පිලිබඳව බොහෝ දෙනා කියන කාරනයක්. ගැබිනි සමයේ සුව නින්දක් නොලැබෙන හේතුව වන්නේ උදරය සහ පිට කොන්ද ප්‍රදේශය අපහසුතා ඇති වී නිදා ගන්නට හැකියාවක් නොමැති කමයි.මේ පිළිබඳව වැඩි දුරටත් කතා කිරීමට මෙම ලිපිය ඔබට ගෙන ඒමට සිතුවා.

සමහර කාන්තාවන් ඇලයට හැරී නිදා නොගෙන ඔබ උඩුබැලි අතට හැරී නිදා ගන්නට පුරුදු වී සිටිනවා .එසේ නිදා ගන්නා මොහොතේ ක්ෂණිකවම සිරුරට අපහසුවක් ඇති වුණේ නැතත් පැයක් දෙකක් යද්දි සිදුරට දැඩි අපහසුවක් ගෙන දෙනවා එයට හේතු වන කරුණු කීපයක්ම තියෙනවා.


උඩුබැලි අතර නිදා අතට නිදා ගැනීමෙන් වැඩෙමින් පවතින කලලය නිසා උදරයේ විශාල වීමෙන් සිරුරේ අභ්‍යන්තරය සමහර ඉන්ද්‍රියන් තෙරපුමට ලක් වෙනවා .මේ නිසා සිරුරට දැඩි අපහසුතාවයක් ඇති වෙන්න පටන් ගන්නවා.
විසින් උඩුබැලි අතට නිදා ගැනීමෙන් මුත්‍රාශය තෙරපී මාත් සමඟ කෙටි කාලයක් තුළ අවස්ථා ගණනකදී මුත්‍රා පහ කිරීමේ පහකිරීමේ අවශ්‍යතාව ඇති වෙනවා.මේ නිසා නින්දට බාධා ඇති වෙනවා.


තවත් කාරණයක් තමයි කළලයට මාස තුන සම්පූර්ණ වූ පසු තවදුරටත් උඩුබැලි අතර නිදා ගැනීමෙන් කලලයට යහපත් රුධිර සැපයුමක් ලැබීමට බාධා ඇති වෙනවා කලලයට රුධිර සැපයුමක් ලැබීම හෝ නොලැබීම කියන කාරණය මවට විශේෂයෙන් දැනුණ දෙයක් නෙමෙයි ඒ නිසා මව නොදැනුවත්වම කලලය අවදානම් සහිත තත්වයකට පත්වීමට ඉඩකඩ තිබෙනවා කළලයේ ප්‍රමාණය සහ බර වැඩිවීමත් සමගම උදරයේ බර ප්‍රමාණයත් ක්‍රමයෙන් වැඩි වෙනවා උඩුබැලි අතර අතර නිදා ගැනීමෙන් සිදුවන්නේ උදර අස්ථි පද්ධතිය උදර කුහරය තුළට තල්ලු වෙන එකයි ඒ නිසා උදරයේ සම්පූර්ණ බර කොඳු නාරටිය මතට පැටවෙනවා .ඉන් කොඳු නාරටියේ සහ කොන්දේ වේදනාව ඇතිවීමේ අවදානමක් තිබෙනවා.
 


ගැබිනියක් වශයෙන් සිටින ඔබට හොඳම නිදන ඉරියව්ව පිළිබඳව කතා කිරීමේදී සුව නින්දක් ලබා ගැනීමටත් බිහිවන්නට සිටින දරුවාට යහපත් රුධිර සැපයුමක් පවත්වා ගැනීමටත් පවත්වා සුදුසුම ඉරියව්ව වන්නේ එක් ඇලයකට හැරී නිදා ගැනීමයි. මෙයින් වඩාත් යෝග්‍ය වන්නේ දකුණු ඇලයට හැරී නිදා ගැනීමට වඩාවම් ඇලයට හැරී නිදා ගැනීමයි. සමහර අවස්ථාවල දකුණු ඇලයට හැරී නිදා ගැනීමත් අවදානම් සහිත ව වෙන්නට පුළුවන්

වම් ඇලයට හැරී නිදා ගැනීමේදී උදරය වම්පසට එල්ලී තිබීමෙන් වලක්වා ගන්නා අවශ්‍යයයි . මේ සඳහා කුඩා සැහැල්ලු පුළුල් කොට්ටයක් මත උදරයේ සිටින පරිදි ඇලයට හැරීම වැදගත් වෙනවා. ඉන් සිරුරට ඉතා සැහැල්ලු බවක් ගෙන දෙනවා. එසේම දෙපා තබා ගත යුතු වන්නේ වම් පාදය මත දකුණු පාදය සිටින පරිදි නෙමෙයි එම ඉරියව්ව යම්තාක් දුරකට අසීරු ඉරියව්වක් ඒ නිසා දෙපා අතරින් දිගින් වැඩි කොට්ටයක් තබා ගෙන කොට්ට තබාගෙන දකුණු පාදයේ සුළු වශයෙන් ඉදිරියට ඔසවා තැබෙන ආකාරයට නිදා ගන්න පුළුවන් නම් ඉතා සුවබර මෙන්ම ආරක්ෂිත නින්දක් ලබා ගන්න හැකියාව ලැබෙනවා.

 

views

860 Views

Comments

arrow-up