ඔබේ නියපෙල නිරෝගීද?

නිය අලංකරණ එහෙමත් නැත්නම් nail art කලාව රූපලාවණ්‍ය ක්ෂේත්රයේ ජනප්‍රියතම අංගයක් වෙලා තියෙනවා. සාමාන්‍ය ගමනකට උත්සවයකට මනාලියකට ආදී වශයෙන් සුදුසු නියරටා අද වන විට ඉතා ජනප්‍රියයි. නමුත් මේ සියලු දේ සිදු කරන්න කලින් ඔබේ නිය පෙළෙහි නිරෝගී බව මැන ගත යුතුම වෙනවා. අත්දැකීම්වලින් දැනුමින් පරිපූර්ණ රූපලාවණ්‍ය ශිල්පිනියක් නම් මුලින්ම සිදුකරන්නේ නිය රටාවක් සිදුකිරීමට ප්‍රථම ඔබේ නිය නිරෝගී දැයි පරීක්ෂා කර බැලීමයි. නියවල නිරෝගී බව කොතරම් වැදගත්ද කියනවා නම් ඔබේ නිය මගින් වෙනත් රෝග පිළිබඳව වුණත් විනිශ්චය කරන්න පුළුවන් බව ඔබ දන්නවාද? ඒ නිසා ඒ තරම් වැදගත් නියපෙල රෝගී වෙන්න දෙන්න එපා. සම හිසකෙස් වල මියගිය පටක මත දිලීර ආසාදන ඇති වෙන්න පුළුවන්. ඒවා අතර නිය මත හටගන්නා රෝගාබාධ හඳුනාගැනීමත් වැදගත් වෙනවා. ඒ වගේ නිය ආශ්‍රිතව ඇතිවන රෝගාබාධ තත්ත්ව කීපයක් පහත දැක්වෙනවා.
Paroncychia ආසාදනය
මෙම රෝගී තත්ත්වයේදී නියවල වේදනාව රතු පැහැවීම හා නියපොතු ඉදිමීම සිදු වෙනවා.
නියපොතු තහඩුවේ දිලීර ආසාදනය
සාමාන්‍යයෙන් සුදු හෝ කහ පැහැයෙන් දිස්වන අතර නියපොතුවල හැඩයද මෙම රෝගය නිසා වෙනස් වෙනවා.
නියපොතු ඇට්රෝෆි
නියපොතු තහඩුව නාස්ති වීම නිසා එහි දීප්තිය නැතිවී සමහරවිට මුළුමනින්ම නිය විනාශවීමට ලක්වෙනවා.
ලියුකොනිචියා
නියපොතු තහඩුවේ සුදු රේඛා හෝ ලප ලෙස පැහැදිලිව පෙනෙන අතර කම්පනය හේතුවෙන් තහඩු ස්තර වල කුඩා වායු බුබුලු ලෙස දකින්න පුළුවන් වෙනවා.
බියුස් රේඛා
මෙහිදී මන්දපෝෂණය අසනීප හෝ ඕනෑම ප්‍රධාන පරිවෘත්තිය තත්ත්වයක් රසායනික චිකිත්සාවක් හෝ වෙනත් හානිකර සිදුවීමක් නිසා හට ගැනීමක් සිදුවෙනවා.
නියපොතු තහඩුවේ සිරස් බෙදීම්
මෙහිදී සිරස් අතට බෙදීම හෝ සිරස් කඳුවැටි මෙන් නිය තුල දකින්න පුළුවන් වෙනවා.
විශේෂයෙන්ම නියපොතු ආශ්‍රිතව මෙවැනි රෝගී තත්ත්වයන් ඇති වන්නේ පෝෂණ ඌණතා නිසයි. ඒ වගේම නිසි පිරිසිදුකමක් නොමැති වීමත් ඊට එක් හේතුවක් වෙනවා. නිය අලන්කරනංකරණයට ප්රවිශ්ඨ වීමට පෙර ඔබේ නිය නිරෝගීද යන්න පිරික්සිය යුතු අතර රෝගී නියමත පිරිසිදු අලංකාර කටයුත්තක් සිදු කිරීම සුදුසු වන්නේ නැහැ. එසේ රෝගී තත්ත්වයක් වේනම් නිසි රෝග විනිශ්චය හා වෛද්‍ය ප්‍රතිකාර සඳහා චර්ම රෝග වෛද්‍යවරයකු හමුවීම වැදගත් වෙනවා. ඔබ සුන්දර මුහුණකට හිමිකම් කියන්න උනන්දු වෙනවා වගේම සුන්දර නිය පෙළක් ලබා ගන්න අවශ්‍ය සත්කාර කරන්නත් පුරුදුවෙන්න.
by Dilki Shamani
Photo Source: Internet
799 Views
Comments