ගැබිනි සමයේ මේ ආහාර ගන්නේ බලාගෙනයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
04

ගැබිනි සමයේ මේ ආහාර ගන්නේ බලාගෙනයි

ගැබිනි සමයේ මේ ආහාර ගන්නේ බලාගෙනයි

ගැබිනි මවුවරුන්ට ගැබිනි සමය තුලදී යම් ආහාර වර්ග වලට දැඩි රුචියක් දැක්වීමට පෙළඹෙනවා. ඇතැමුන් ඊට දොළදුක යැයි කිව්වත් ගැබිනි සමයේ පාලනය කර ගත යුතු කෑම බීම වර්ගත් තියෙනවා. මේ ඒ පිළිබඳ සටහනක්.


තැඹිලි හා දොඩම්

කුසතුල සිටින දරුවාගේ සම පැහැපත් වීමට තැඹිලි හා දොඩම් ආදී පාන වර්ග ගැනීම ගැබිනි සමයේදී යහපත් බව ගම්බද මෙන්ම නගරබද ප්‍රචලිතව පවතින මතයක්. එහෙත් මෙවැනි සීතල පාන වර්ග සුලබව භාවිතා කිරීම මඟින් සමහර ගැබිනියන්ට සෙම තත්ත්වයේ වැඩිවීමක් සිදු වෙන්න පුලුවන් බව වෛද්‍යවරුන් පවසනවා.

කළු පැහැති මාළු

බලමාළු කෙලවල්ලෝ අලගොඩුවා වැනි කලු පැහැති මාළු වර්ග වල අධිකව අඩංගු වන හිස්ටමින් සංයෝගය මගින් ගැබිනියන් විවිධ අසාත්මිකතාවයන්ට ගොදුරු වීමට හැකියාව ලැබෙනවා. හිස කැක්කුම, සිරුරේ පලු දැමීම, කැසීම වැනි ආසාත්මිකතාවයන් මේ මාළු වර්ග ආහාරයට ගැනීමෙන් ඔවුන්ට ඇති වෙනවා.

ඉස්සන් කකුළුවන් දැල්ලන් සහ හුරුල්ලන්

මෙවැනි වැනි මාලු වර්ග සාමාන්‍යයෙන් උෂ්ණ ආහාර ලෙස හැඳින්වෙනවා. මෙවැනි මාළු වර්ගවල පවතින අසාමාන්‍ය ප්‍රෝටීන් වල බලපෑමෙන් පාචන තත්ත්ව ඒවත් බඩ බුරුලට යාම හුස්ම ගැනීමේ අපහසුතා වැනි ගැබිණි මවකට නුසුදුසු තත්ත්වයන් ඇතිවීමට ඉඩකඩ තියෙනවා. මෙවැනි ආහාර වල අඩංගු අසාමාන්‍ය ප්‍රෝටීන් වර්ග ශරීරගත වීමෙන් කුස තුළ සිටින දරුවාට අහිතකර ලෙස බලපෑම් ඇති වෙනවා. මේ ආහාර නිතරම අනුභවය කරන මවකගේ දරුවකු බිහි වීමෙන් පසු වුවද හිටිහැටියෙම විවිධ අසාත්මිකතාවයන්ට ගොදුරු වෙන්න පුලුවන්. සමහරු ඉස්සන් දැල්ලන් කකුළුවන් හුරුල්ලන් වැනි ආහාර වර්ගවලට මුරුංගා කොළ හෝ නිවිති කොළ එක්කර පිසගැනීමට පුරුදු වී සිටිනවා.

ඇතැම් අල වර්ග

බතල අර්තාපල් වැනි වර්ග ගැබිණි මවකට සුදුසු වුවත් සේද අල හෙවත් කිරි අල ආහාරයට ගැනීම ගැබිනි සමයේදී සුදුසු වන්නේ නැහැ. ඊට හේතුව කිරි අල අධික උෂ්ණ අල වර්ගයක් වීමයි.


අන්නාසි

අමු අන්නාසි හා බාගෙට ඉදුණු අන්නාසිවල අඩංගු ප්‍රොස්ටග්ලැන්ඩින් නම් සංයෝගය ගැබිනි මවකගේ ගර්භාෂය සංකෝචනය වීමට බලපෑම් ඇති කළ හැකියි. ඉදුණු අන්නාසි වලට මේ තත්වය තරමක් අඩුවී තියෙනවා. ගැට අන්නාසි හෝ බාගෙට ඉදුණු අන්නාසි අමුවෙන් හෝ ව්‍යාංජනයක් සලාදයක් ලෙස පිළියෙල කර ආහාරයට ගැනීම සිදු නොකළ යුතුයි.

 

 

 


වර්ණවත් කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු ආහාර හා අධික සීනි සහිත ආහාර

කෘතිම වර්ණක රසකාරක යෙදූ ආහාර මෙන්ම කල්තබාගැනීමේ කෘතීම රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර වර්ග වගේම සීනි අධිකව යෙදෙන ඕනෑම ආහාර වර්ගයක් අධික ලෙස පැණි රස බිස්කට් ආහාර ලෙස නොගැනීමටත් ගැබිනි සමයේ අමතක නොකළ යුතුයි

අසාමාන්‍ය ආහාර රුචිකම්

සාමාන්‍යයෙන් ගැබිනි සමයේ අලුත සමහර මව්වරු ඇඹුල් සහිත ඇතැම් ආහාර වර්ග වලට ප්‍රියතාවයක් දක්වනවා. එහෙත් අධික ඇඹුල් සහිත ආහාරත් හා උෂ්ණාධික ආහාර ගැබිනි සමය තුළ භාවිත නොකිරීමට වගබලා ගත යුතු වෙනවා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

2769 Views

Comments

arrow-up