ඖෂධ හා ආහාර අතර අන්තර් ක්‍රියා
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
03

ඖෂධ හා ආහාර අතර අන්තර් ක්‍රියා

ඖෂධ හා ආහාර අතර අන්තර් ක්‍රියා

විවිධ රෝගාබාධ සඳහා භාවිතා කරන ඖෂධ හා ආහාර සමග අන්තර් ක්‍රියා සිදු වෙනවා. මේ ඒ පිළිබඳ සටහනක්.

විශාදය සඳහා භාවිතා කරන ඖෂධ භාවිතා කිරීමට පටන්ගත් පසු ප්‍රතිඵල ලැබීමට සති දෙකක් පමණ කාලයක් ගත වෙනවා. එසේම හොඳින්ම සුවය ලැබීමට සති හයක් පමණ ගත වෙනවා. ඖෂධ භාවිතා කිරීමට පටන් ගත් මුල් කාලයේ අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒවා කාලයක් භාවිතා කිරීමත් සමඟ මග හැරෙනවා. වෛද්‍යවරයා විසින් අනුමත කරන ලද මුළු කාලය පුරාම ඖෂධ ලබාගත යුතු අතර වෛද්‍යවරයා නියම කළ පරිදි ඖෂධ භාවිතා කරන විට ඔබට සම්පූර්ණ සුවය ලැබීමට හැකිවෙනවා. අතර මගදී ඖෂධ ගැනීම නතර කිරීම අනතුරුදායක වෙනවා. ඖෂධ නියමිත කාලයට භාවිතා කිරීමෙන් පසුව වෛද්‍යවරයා ක්‍රමයෙන් ඖෂධ නවත්වන තුරු ඒවා භාවිතා කලයුතුයි. ඖෂධ කුස පිරී ඇති විටද හිස් වී ඇති විට ද භාවිතා කළ හැකි. Paroxetine සම්පූර්ණ පෙත්ත ලෙස ලබාගත යුතුයි. සැපීම හෝ කුඩුකර කැබලි ලෙස භාවිත නොකළ යුතුයි. Paroxetine උදෑසන භාවිතා කිරීම වඩාත් සුදුසු වෙනවා. එමගින් රාත්‍රී නින්දට බාධා වීම අවම වෙනවා. අසාත්මිකතාවයන් හෝ කැසීම පලු දැමීමක් සිදු වුවහොත් ඖෂධ ගැනීම වහාම නතර කළ යුතු වෙනවා.

 

 

 


මෙම ඖෂධ භාවිතා කරන්නන් සංකීර්ණ යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවීම රිය පැදවීම ආදි ක්‍රියාවන් වලදී වඩාත් ආරක්ෂාකාරී විය යුතු වෙනවා. එම ඖෂධ සමඟ Tyramine අඩංගු ආහාර ලබා නොගත යුතුය. එමගින් ක්ෂණිකව රුධිර පීඩනය වැඩිවිය හැකියි. Tyramine අඩංගු ආහාර ලෙස සැලකෙන්නේ අසුරා නොතැබූ ආහාර, කල් තැබූ ආහාර, අච්චාරු වර්ග, පැසවන ලද ආහාර, දුම් ගසා සකස් කරන ලද ආහාර, චීස් යෝගට් මස්වලින් සැකසූ කල්පවත්නා ආහාර.

මෙම ඖෂධ සමඟ කැෆේන් අධික ප්‍රමාණවලින් අඩංගු ආහාර පාන නොගත යුතු වෙනවා. මෙහිදීද විශේෂයෙන් ඔබ කැෆේන් අඩංගු ආහාර පාන ගැනීම පාලනය කළ යුතු දැයි වෛද්‍යවරුන්ගෙන් අසා දැනගන්න. මත්පැන් ගැනීමෙන් ද වැළකිය යුතු වෙනවා. මත්පැන් මගින් අතුරු ආබාධ වැඩි කරනවා. තවද බොහෝ පාන වල Tyramine අඩංගු වෙනවා. මීට අමතර ව බිම අත ඇති කරවන ඖෂධ හා වෙනත් රෝගයන් සඳහා භාවිතා කරන ඖෂධ ආහාර සමඟ අන්තර්ක්‍රියා සිදු කරනවා. මේ නිසා ඔබ භාවිතයට ගන්නා සෑම ඖෂධයක්ම ආහාර සමඟ සිදුවන අන්තර් ක්‍රියාව පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගත යුතු වෙනවා. ඒ අනුව එම ඖෂධ භාවිතය අතරතුරදී ලබාගත යුතු සහ ලබා නොගත යුතු ආහාර ද්‍රව්‍ය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

611 Views

Comments

arrow-up