මනාලියකගේ වැඩි වගකීමක් පැවරෙන්නේ රූපලාවන්‍ය ශිල්පියාටයි

සුන්දර මනාලියක් වීම සෑම යුවතියකගේ සිහිනයක්. තමාගේ මංගල දිනය වෙනුවෙන් බොහෝ කාලයක සිට ඇය සැරසෙන්නේ ඉතාමත් කැමැත්තකින්. මංගල දිනයට අඳින පළඳින ඇඳුම් ආභරණ යනාදිය සැලසුම් කරගන්නවා මෙන්ම තමාව හැඩගැන්වීමට වඩාත් සුදුසුම රූපලාවණ්‍ය ශිල්පියෙක් හෝ ශිල්පිනියක් තෝරා ගැනීමද මෙහිදී යුවතියන් විසින් වැඩි අවධානයක් යොමු කරමින් සිදු කරනු ලබයි. මංගල දිනයේදී මනාලියකගේ වැඩි වගකීමක් රූපලාවණ්‍ය ශිල්පියාට හෝ ශිල්පිනියට පැවරෙන බව ඔබ දන්නවාද. මනාලියක් ලෙස හැඩ වන අවස්ථාවන් මෙන්ම ඇයට ඒ දිනයත් වඩාත් සුවිශේෂ කර ගැනීම සඳහා ඇයගෙන් මෙන්ම රූපලාවන්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය විසින් උපයෝගී කරගනු ලබන වැදගත් කරුණු රාශියක් තිබේ. ඇයගේ ස්වභාවික සුන්දරත්වයට හානි නොවන අයුරින් මේක්අප් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් ද ඒ අතර ප්‍රධාන වේ. යුවතියකගේ ස්වභාවික සුන්දරත්වය පෙනෙන අයුරින් විවාහ දිනයේදී මේකප් එකක් කරගැනීම අත්‍යවශ්‍ය වන අතර ඒ සඳහා පළමුවෙන්ම රූපලාවණ්‍ය ශිල්පියාගේ හෝ ශිල්පිනියගෙන් ඉටුවිය යුතු යුතුකම් කිහිපයක්ද තිබේ. ඔවුන් ඒ සඳහා වායුසමනය කරන ලද කාමරයක් පාවිච්චියට ගනු ලබන අතර උසස් තත්ත්වයෙන් යුතු makeup ද්‍රව්‍ය යොදාගැනීම කරනු ලැබේ. පැය විසි හතරක් පුරාවට මුහුණේ රඳා පවතින උසස් ගණයේ makeup ද්‍රව්‍ය අද වෙළඳපොලේ දක්නට ලැබේ. වර්තමානයේදී මනාළියන් වැඩි වශයෙන් කැමැත්තක් දක්වන්නේ සරලව හැඩ වීමටයි. සරල යන්නෙන් අදහස් කරන්නේ අඩුවෙන් මේකප් කිරීම නොවේ. මේකත් කිරීම චාම් වුවත් අවශ්‍ය ක්‍රමවේද අනිවාර්යයෙන්ම ඇතුළත් කරමින් මේකප් කිරීම වැදගත් බව ඔබ දන්නවාද.
රූපලාවන්‍ය ශිල්පීන් හෝ ශිල්පිනියන් විසින් මේකප් ක්‍රමවේදය කොටස් කිහිපයකට බෙදමින් සිදුකරයි. ඒ අතර සමේ පැහැය, සාරියේ පැහැය අනුව වගේම විවාහය පැවැත්වෙන වේලාව මත රූපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය විසින් එය තීරණය කරනු ලබයි. ඇයගේ ස්වභාවික පෙනුම ඉස්මතු කර ගැනීම සඳහා රූපලාවන්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය සතුව මනා දැනුමක් තිබීම ඉතාමත් වැදගත්. උසස් තත්ත්වයෙන් යුතු මේකප් අමුද්‍රව්‍ය භාවිත කරමින් මනාලියක් සුන්දර කිරීමට ඔවුන් වගබලා ගත යුතුයි. මෙහිදී උසස් තත්ත්වයෙන් යුතු මේකප් ද්‍රව්‍ය යනුවෙන් හඳුන්වන්නේ දහදිය එළියට නොඑන සේ මුහුණ සදහා භාවිතා කරන භාහිර ආලේපන වර්ගයි. තවද මනාලියගේ ස්වභාවික ලස්සන ඉස්මතු කරගැනීම සඳහා මේකප් එක යොදා ගැනීමේදී එය පැතිකඩ තුනටම පෙනෙන ලෙස එසේත් නැත්නම් ත්‍රිමාණව පෙනෙන ලෙස මේකප් කරයි. සාමාන්‍යයෙන් මේකප් ක්‍රමයට කිසිසේත්ම එය සමාන වන්නේ නැත. ඊට උදාහරණයක් වශයෙන් ගතහොත් මනාලියක් හැඩ ගැන්වීමේ දී ඇයට රූපලාවන්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය විසින් පැය දෙකක පමණ කාලයක් මේකප් එක වෙනුවෙන්ම වැය කරයි. එහෙත් විවාහ දිනයකට සහභාගි වන සාමාන්‍ය අයෙක් සඳහා ඇයගේ කොණ්ඩය සාදාගැනීම, සාරිය අන්දවා ගැනීමේ සිට මේකප් එක යන මුළු හැඩගැන්වීම දක්වාම වැය කරනු ලබන්නේ පැයක කාලයක් පමණි.
මංගල දිනයේ දී සෑම කෙනෙකුගේම ආකර්ෂණය සහ අවධානය වැඩි වශයෙන් හිමි වන්නේ මනාලියටයි. එමනිසාවෙන් මනාලිය වඩාත් සුන්දර කිරීමේ වගකීම පැවරී ඇත්තේ රූපලාවණ්‍ය ශිල්පියාට හෝ ශිල්පිනියට වේ. එම කාරණාව හොඳින් තේරුම් ගනිමින් සිය සේවය වඩාත් කාර්යක්ෂමව සහ සොඳුරු නිමාවකින් යුතුව මනාලියකට ලබාදීමට රූපලාවණ්‍ය ශිල්පීන් වගබලාගත යුතුයි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
1091 Views
Comments