වර්ණ දෙකේ ඇස් ඇතිවන රෝගය
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
25

වර්ණ දෙකේ ඇස් ඇතිවන රෝගය

වර්ණ දෙකේ ඇස් ඇතිවන රෝගය

වර්ණ දෙකකින් යුත් ඇස් ඇති පුද්ගලයකු ඔබ කෙදිනක හෝ දැක තිබෙනවාද? වර්ණ 2 කින් යුතු ඇස් සහිත වීම සමහර සතුන් අතර සුලභ නමුත් මිනිසුන් අතර මෙම තත්ත්වය දුර්ලභ වේ. එවැනි තත්ත්වයන් හඳුන්වන්නේ මෙය Heterochromairidis නමින්.


මෙහිදී පුද්ගලයකුගේ ඇස් දෙක එකිනෙකට‍ වෙනස් පැහැයන් දෙකකින් දිස් වේ. එනම් ඔහුගේ එක ඉංගිරියාවක් එක් පැහැයක් ද අනෙක් ඉංගිරියාව තවත් පැහැයක් ද ගැනීමයි. සමහරවිට, එය කිසිදු ගැටලුවක් ඇති නොකරයි. බොහෝ විට මෙය මව්පියන්ගෙන් උරැම වූ ජානමය ගැටලුවක් නිසා ඇතිවන වර්ණ විභේදනයක් වේ. එහෙත්, එවැනි අවස්ථා වාර්තා වන්නේ කලාතුරකින්. එය ඇතැම්විට වෙනත් රෝගයක් පිළිබඳ අතුරැ ලක්ෂණයක්ද විය හැකිය.

පුද්ගලයෙකුගේ ඇස්වලට මෙලනින් නමින් හැඳින්වෙන වර්ණකවලින් වර්ණය ලබා දෙනවා. ඒවා නිල්, කොළ, දුඹුරැ හෝ ලා දුඹුරැ පැහැයෙන් දක්නට ලැබෙන්නේ ඇසේ ඇති මෙලනින් සාන්ද්‍රණය අනුවය. මෙලනින් සාන්ද්‍රණය වැඩි ඇස් කළු වර්ණයෙන් දිස්වන අතර වර්ණකය අඩු ඇස් ලා වර්ණයකින් දිස් වේ.

එය සාමාන්‍ය තත්ත්වය වුවත් මෙම රෝගී තත්ත්වය ඇතිවන්නේ ඇස් කණිකාවේ මෙලනින් වර්ණකයේ අසාමාන්‍ය අඩු හෝ වැඩි වීමක් වූ විටය. මෙය බොහෝවිට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන අතර ප්‍රතිකාර අත්‍යවශ්‍ය රෝග ගණයට නොවැටේ. මෙය ඉතාමත් දුර්ලභ ජානමය අසාමාන්‍යතාවයකි.
මෙම රෝගී තත්ත්වයේ එකිනෙකට වෙනස් වර්ග 3 ක් ඇත. එනම්,


සම්පූර්ණයෙන්ම එක් ඉංගිරියාවක් අනෙකට වඩා වෙනස් පැහැයක් ගැනීම නිසා ඇස් 2 වර්ණ 2කින් දිස්වීම. උදාහරණයක් ලෙස එක් ඇසක් නිල් වර්ණයෙන් යුක්ත වන අතර අනෙක් ඇස දුඹුරැ වර්ණයෙන් දිස්විය හැකිය.
එක් ඉංගිරියාවක කොටසක් ඉතුරු කොටසට වඩා වෙනස් පැහැයක් ගැනීම
එක් ඉංගිරියාවක වෙනස් පැහැති වක්‍රයක් තිබීම.

මෙය උපතේ සිට දැකීමට හැකි අතර කලාතුරකින් පසු කාලයේදී මතුවිය හැක. ඒ අනුව උපතේදී හටගත් ජානමය අසාමාන්‍යතාවක් හෝ අන්තර් ගර්භාෂ ආසාදනයක් නිසා ද මෙය සිදුවිය හැක. ජීවිතයේ පසු කලකදී මෙය ඇතිවීමට හේතු සාධක වන්නේ,
- ඇසට සිදුවන යම් අනතුරක්
- ග්ලූකෝමා යන රෝගි තත්ත්වයට ප්‍රතිකාර කරන ඖෂධ
- ස්නායු සෛලවල හටගන්නා Neuro blastoma යන පිළිකාව ආදී කරුණුයි.

 


දරුවන් අතර මෙම තත්ත්වය වාර්තා වේ නම්, වහාම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුවන්න. ඔහු අවශ්‍යතාවයක් ඇත්නම් දරැවා අක්ෂි රෝග විශේෂඥ වෛද්‍යවරයකුට යොමුකරනු ලබයි. ඉතාමත් කලාතුරකින් මෙය වෙනත් සහ ලක්ෂණ රෝග සමඟ බැඳී පවතින බව වාර්තා වෙනවා.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

783 Views

Comments

arrow-up