විවිධ මානසික රෝග

පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍යය කායික සෞඛ්‍යයට බෙහෙවින්ම බලපානවා. ඒ අතර අන්තර් සම්බන්ධතාවක් තියෙන බව බොහෝ වෛද්‍යවරුන් දැන් ප්‍රකාශ කරනවා. මේ සූදානම් වෙන්නේ එදිනෙදා ජීවිතයේ මිනිසුන්ට වැලඳෙන විවිධ මානසික රෝග කීපයක් පිළිබඳ දැනුවත් වෙමු.
කාංසාව
Anxiety Disorder එහෙමත් නැත්නම් කාංසාව වැනි මානසික ව්‍යාධි තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් බොහොමයක් සමාජයේ ඉන්නවා. මේ මානසික තත්ත්වයේදී තමන් අවට පරිසරය සිදුවන බොහෝ සිදුවීම් වලට ප්‍රතිචාර දක්වන්නේ බයෙන්. බොහොම කලබලකාරි විදියට සුළු මට්ටමේ ඉඳන් තමන්ගේ ආවේග පාලනය කරගන්න අපහසුතාවයක් මේ රෝගීන්ට තියෙනවා. අනවශ්‍යය ලෙස ඇතිවන හෘද ස්පන්දනය දහඩිය දැමීම වැනි රෝග ලක්ෂණ ප්‍රධාන වශයෙන්ම මේ තත්ත්වය ලක්ෂණ විදියට හඳුනාගෙන තියෙනවා.
මනෝ ව්‍යාධි
මනෝ ව්‍යාධි හඳුන්වන්න පුළුවන් වන්නේ විකෘති වැටහීම් සහ සිතුවිලි වලින් සමන්විතවීම. ඒ කියන්නේ තමන් අවට තියෙන දේවල් ඇත්තටම නැති ශබ්ද රූප ඇසීම පෙනීම නොයෙක් කටහඩවල් වලින් තමන්ට කතා කරන බව සිතීම වගේ වැරදි මතයන් තදින් විශ්වාස කිරීම වගේ දේවල්. ඇත්තටම හොයලා බැලුවොත් ඔවුන් මෙය කියන ශබ්ද රූප වල කිසිම ප්‍රායෝගිකව සිදුවන්නේ නැහැ. මේ රෝගයේදී සමාජයෙන් තනිවෙලා තමන් විශ්වාස කරන රූප ශබ්ද සමඟ ගනුදෙනු කරමින් ජීවත් වන තත්ත්වයක් මිනිසුන්ට උදාවෙනවා.
ආවේග දරාගත නොහැකි වීම
මේ තත්වය නම් සමාජයේ වැඩි දෙනෙක් අතර දකින්න ලැබෙනවා. ඉතා සුළු දෙයටත් කේන්ති යන මේ මිනිසුන්ට මානසික ගැටලුවක් ඇති බව හඳුනාගන්න පවා ඉතාම අපහසුයි. මේ පුද්ගලයන්ට තමන්ට හෝ අවට ඉන්න වෙනත් කෙනෙකුට හානිවිය හැකි සිදුවීම් වලට තමන් තුළින්ම විරෝධතාවය දක්වන්න හැකියාවක් නැහැ. හදිසියේ ඇතිවන පෙළඹීම් නිසා ගිනි තබන්න සොරකම් කරන්න වගේ දරුණු ක්‍රියාවන් වලට මොවුන් නිරන්තරයෙන් යොමු වෙනවා. බොහෝවිට මෙවැනි පුද්ගලයන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමක් දකින්න ලැබෙනවා.
භීතිකාව
භීතිකාව කියන්නේ කාංසාව රෝගයේ ප්‍රධානතම තත්වයක්. ඒ කියන්නේ පුද්ගලයකු තුළ තියෙන තර්කානුකූල නොවන අධික බිය. මේ තත්ත්වය සාමාන්‍යයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. යම් ක්‍රියාවකට දක්වන අහේතුක බිය, සමාජය තුල පුද්ගලයා දක්වන බිය, සමහර ස්ථානවල දී ඇතිවන අධික කලබලකාරි තත්ත්වය. සර්පයන් කැරපොත්තන් වගේ සතුන්ට දක්වන බිය වගේ සුළු සුළු තත්ත්වයන් වුණත් මේ භීතිකාවකින් තත්ත්වයට ඇතුළත් කරන්න පුළුවන්. නමුත් ඒවා ලොකු බලපෑම් කරන්නේ නැහැ. නමුත් කලින් කියපු තත්ව නම් ටිකක් බැරෑරුම් වෙනවා.
by Dilki Shamani
Photo Source: Internet
1228 Views
Comments