සුභවාදී පුද්ගලයකු වන්න 01
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
03

සුභවාදී පුද්ගලයකු වන්න 01

සුභවාදී පුද්ගලයකු වන්න 01

කිසිවෙකුට දුකින් සිටීමට හෝ සෘණාත්මක වීමට අවශ්ය වන්නේ නෑ. වීදුරුවක් අඩක් හෝ හිස් ලෙස බැලීම අශුභවාදියෙකුගේ ලක්ෂණයි. අනෙක් අතට, සුභවාදී පුද්ගලයන් මුළුමනින්ම ඊට ප්රතිවිරුද්ධයි. ඔවුන් වීදුරුව අඩක් හෝ පිරී ඇති බව දකින අතර, සැමවිටම ප්රීතිමත් මනෝභාවයකින් පසුවෙයි. ඔවුන් සෑම දෙයක්ම දෙස බලන්නේ ගැටළු වලට වඩා අවස්ථාවන් ලෙසය. සුභවාදීන් ගේ ලක්ෂණ මොනවාද? දිගටම කියවන්න

 

1. ඔවුන් ස්වයං අභිප්රේරණ පුද්ගලයන්ය. සුභවාදී පුද්ගලයන් යනු ස්වයං අභිප්රේරණ පුද්ගලයන් ය. ඔවුන් සෑම දෙයක්ම දකින්නේ ගැටලුවකට වඩා අවස්ථාවක් ලෙස වන අතර, ඔවුන් ක්රියා කිරීමට හා ඔවුන්ට අවශ්ය දේ සඳහා වැඩ කිරීමට වැඩි කැමැත්තක් දක්වයි. ධනාත්මක පුද්ගලයන් නව දේ අත්හදා බැලීමට කැමැත්තක් දක්වන්නේ ඔවුන් අසමත් වුව ද ඔවුන්ගේ අත්දැකීම් වලින් ඉගෙන ගන්නා තාක් කල් එය නිවැරැදි කරගනිමිනි.

 

ඊට පටහැනිව, සෘණාත්මක පුද්ගලයින් ඔවුන්ගේ තත්ත්වය පවත්වා ගැනීම තෝරා ගනී. ඔවුන්ගේ සුවපහසු කලාපයෙන් පිටතට යාමට ඔවුන් ඔවුන් උත්සාහ කරන්නේ නැත. ඔවුන් පියවර ගැනීමට පෙර මනසෙන්ම පරාජයට පත් වී අවසානයි. මේ අනුව, ඔබට ජීවිතයේ විශාල සාර්ථකත්වයක් අත්කර ගැනීමට අවශ්ය නම්, ඔබව එයින් නවත්වන ගැටළුවක් හෝ මාර්ග බාධකයක් ලෙස නොසිතා හැකිතාක් ඉගෙනීමට, එයින් වර්ධනය වීමට හා වඩා හොඳ මට්ටමකට යාමට අවස්ථාවක් ලෙස දේවල් දෙස බලන්න. සුභවාදීන් යනු ඔවුන් කරන දේ විශ්වාස කරන අයයි. ස්වයං අභිප්රේරණය පැමිණෙන්නේ අභ්යන්තරයෙන් බව ඔබ තේරුම් ගත යුතුය. ඔබේ සිහින හා අරමුණු කළ හැකි බව දැන ගැනීමෙන් දුෂ්කරතා සහ ගැටලු ගැන ඕනෑවට වඩා නොසිතා ඉදිරියට යාමට ඔබව පොළඹවයි. එබැවින් ස්වයං අභිප්රේරණය වීමට ඉගෙන ගන්න. ධනාත්මකව දේවල් දෙස බලා ඔබට අවශ්ය ඕනෑම දෙයක් කළ හැකි බව ඔබටම කියා ගන්න. අභිප්රේරණ කථිකයකු වන බ්රවුන් බොහෝ විට පවසන්නේ “එය කළ හැකිය!” ලෙසයි.

 

 

2. ඔවුන් වෙනත් ධනාත්මක පුද්ගලයන් සමඟ එක් වේ එකම වර්ගයක කුරුල්ලෝ එකට රැදී සිටිති. ඔබ පරාජිතයන් සමඟ සම්බන්ධ වුවහොත්, ඔබ ද පරාජිතයෙකු බවට පත්වනු ඇත. එබැවින් ඔබට ධනාත්මක වීමට අවශ්ය නම් ඔබ වටා සිටින සියලු සෘණාත්මක පුද්ගලයින් ජීවිතයෙන් ඉවත් කරගන්න. කියමනට අනුව, “ධනාත්මක ජීවිතයක් කිසි විටෙකත් සෘණාත්මක මනසකින් ආරම්භ විය නොහැක.” සුභවාදී මිනිසුන්ගේ එක් ගුණාංගයක් වන්නේ ඔවුන් වෙනත් සමාන අදහස් ඇති පුද්ගලයන් සමඟ එක් රොක් වී සිටීමයි. ඔබ තාරාවන් සමඟ පිහිනමින් සිටියහොත් ඔබට කිසිදිනෙක රාජාලියෙකු විය නොහැක. සුභවාදීන් සෑම විටම ධනාත්මක පුද්ගලයන් සමඟ එක් වී සිටිති. එබැවින්, ඔබ ආශ්රය කළ යුතු පුද්ගලයින් කවුරුන්දැයි හඳුනාගෙන ඔවුන් සමඟ වැඩි කාලයක් ගත කරන්න. ඔබ ව්යාපාරික පුද්ගලයින් සමඟ සම්බන්ධ වූ විට, ව්යාපාර සහ ආර්ථිකය වැනි මාතෘකා ඔස්සේ ඔබව ඉදිරියට ගෙනයනු ඇත.

 

ඔබ දුම් පානය කරන අය සමඟ එක්වී සිටිනා විට, ඔබද එවැනි එක් අයෙකු වනු නොඅනුමානය. එමනිසා, ඔබ වැඩිපුරම කාලය ගත කරන්නේ කා සමඟද යන්න පිළිබඳව විමසිල්ලෙන් සිටින්න. ඔබට සුභවාදී වීමට අවශ්ය නම්, ධනාත්මක පුද්ගලයන් සමඟ සම්බන්ධ වන්න.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Interent

views

629 Views

Comments

arrow-up