ගෙදර දොරේ ගෑස් පාවිච්චි කරන්නේ පරිස්සමට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
13

ගෙදර දොරේ ගෑස් පාවිච්චි කරන්නේ පරිස්සමට

ගෙදර දොරේ ගෑස් පාවිච්චි කරන්නේ පරිස්සමට

මේ වනවිට වැඩි දෙනෙක් ගෑස් උඳුන් භාවිතා කරනවා. කාර්‍යක්ෂම ගෑස් උදුනකින් නිකුත්වන ගිනිදැල්ල නිල් පාට ලෙස තබාගත යුතු වෙනවා. කහපාටට ගිනි දැල්ල නිකුත්වීම අකාර්යක්ෂම ගෑස් උඳුනක ලක්ෂණයක් වෙනවා. ගෑස් සිලින්ඩරේ කාර්යක්ෂමව භාවිතා කිරීම සඳහා ආහාර පිසීමේ ක්‍රම පිළිබඳව අවබෝධයෙන් සිටීම වැදගත් වෙනවා. ආහාර පිසීම ක්‍රම දෙකකට වෙන්කරන්න පුළුවන් ඒ නියම තාපාංක යටතේ පිසීම නැත්නම් තැම්බීම හා බැදීම පිලිස්සීම වශයෙන්. උයන පිහන විට ගෑස් අර පරිස්සමට පාවිච්චි කරන්න මේ ගැන දැනුවත් වෙන්න.
ධාන්‍ය වර්ග පිසීමට කලින් ඒවා ජලයේ පොඟවා ගැනීමෙන් එම ආහාර ඉක්මනින් පිස ගත හැකි වෙනවා. ඒ තුළින් විශාල ගෑස් ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙනවා.


පිසීමට ගන්න භාජනයේ ප්‍රමාණය මෙහිදී වැදගත් වෙනවා. ආහාර ස්වල්පයක් සකස් කිරීමට විශාල බඳුන් යොදා ගන්න එපා. එවිට අනවශ්‍ය ලෙස ගෑස් අපතේ යනවා. ඒ වගේම උදුනේ ප්‍රමාණයට වඩා කුඩා බඳුන්ද භාවිතා කිරීම සුදුසු වන්නේ නෑ. එසේ වූ විට උඳුනෙන් නිකුත්වෙන තාපය වැඩි ප්‍රමාණයක් නිකරුනේ වාතයට මුසු වෙනවා. එය අකාර්යක්ෂම ගෑස් පරිභෝජනයට හේතුවක් .


ගෑස් සිලින්ඩරේ ප්‍රවාහනයේ දී මෙන්ම නිවසේ තැන්පත් කරන තබන අවස්ථාවන් වලදී එය උඩ අතට සිටින සේ තබන්න. එක් සිලින්ඩරයක් අවසන් වී අලුත් එකක් සවි කරන සෑම අවස්ථාවකම regulator සහ ගෑස් උදුන කරා සම්ප්‍රේෂණය කරනු ලබන බටය පළුදු වී ඇද්දැයි හොඳින් සොයා බලන්න.


ගෑස් සුවඳක් ආවොත් අනිවාර්යෙන්ම ගෑස් කාන්දු වීමක්. ඒ වගේ අවස්ථාවන් වල මුළුතැන්ගෙයි දොර විවෘත කර තබන්න. ලයිටර් සිගරට් වැනි ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න.
ගෑස් සිලින්ඩරය මුළුතැන් ගෙයි පිටත තබා ගන්න පුලුවන් නම් එහි සිට ගෑස් කාන්දු වුව ද ඒ අවට පරිසරය විශාල නිසා අනතුරු සිදුවන්නේ නැහැ.

 

 


නිවසේ ගෑස් පරිභෝජනයේදී මේ වගේ සංරක්ෂණ ක්‍රම සහ ආරක්ෂිත උපක්‍රම භාවිතා කරන්න අමතක කරන්න එපා. එවිට දෛනික ගෑස් පරිභෝජනය සඳහා යන වියදම ඔබට අඩු කරගකරගන්න පුළුවන් වෙනවා. එසේම භාවිතා කරන ගෑස් සිලින්ඩරය එක් දිනක හෝ දෙකක් වැඩිපුර භාවිතා ඔබේ ආර්ථිකයට වගේම රටේ ආර්ථිකයටත් පිටුවහලක් වෙනවා. මොකද අපි ගෑස් ආනයනය කරන රටක් ඒ වෙනුවෙන් රට විශාල වශයෙන් මුදල් වැය වියදම් කරනවා.දෛනික ගෑස් පරිභෝජනයේදී මේ උපදෙස් අමතක කරන්න එපා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

668 Views

Comments

arrow-up