මුඛ සෞඛ්‍ය රැකගන්න ස්වාභාවික ක්‍රම

මුඛ සෞඛ්‍යාරක්ෂාව පුද්ගලයෙකුට අතිශයින්ම වැදගත් ය. ඔබගේ දත් වල මැලියම් බැදී ඇත්නම්, දත් කැක්කුම, විදුරුමස් ඉදිමීම, දත් කුහර හා දත් දිරායාම වැනි හේතූන් ඇතිවන්නට ඇති ඉඩකඩ වැඩියි. මෙයට හේතුව බැක්ටීරියා ආසාදනයන් ඔබේ සංවේදී දත් වලට හානි පමුණුවීමයි.
ඔබේ දත් වලින් මැලියම් ඉවත් කිරීමට නිවසේදීම සකස් කරගත හැකි පිළියම් කිහිපයක් අපි අරගෙන ආවා. මේ සියල්ලම ස්වාභාවික ස්ක්‍රබ් සහ පිරිසිදු කිරීමේ විසඳුම්. ඔබේ දත් සහ මුඛය මෙමගින් නිරෝගීව තබා ගන්න උපකාරී වේවි.
> විනාකිරි
සුදු විනාකිරි වල ඇසිටික් අම්ලය අඩංගු වන අතර එය එනැමලයේ මැලියම් බැදීම අඩු කිරීමට උපකාරී වේ. එයට ප්‍රතිබැක්ටීරීය ගුණයද ඇත.
උසස් සෞඛ්‍ය විද්‍යා පිළිබඳ ජාත්‍යන්තර සඟරාවේ, 2014 වසරේ දී ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකට අනුව ආසවනය කළ ජලය හා ග්ලිසරින් හා සසඳන විට විනාකිරි වල (සියයට 4 ක ප්‍රතිශතයක ඇසිටික් අම්ලය) අඩංගු වන බවත්, එයින් මැලියම් සැලකිය යුතු ප්‍රමාණයක් ඉවත් කිරීමට හැකියාව ඇති බවත්ය.
මද උණුසුම් ජලය කෝප්පයක සුදු විනාකිරි තේ හැඳි 2 ක් සහ ලුණු තේ හැන්දක් මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණයෙන් දිනකට වරක් හෝ දෙවරක් ඔබේ මුඛය සෝදන්න.
> කෝමාරිකා සහ ග්ලිසරින්
කෝමාරිකා වල විවිධ වූ ප්‍රතිලාභ ඇති බව අපි දනිමු. විවිධ වූ ලෙඩ රෝග මෙන්ම රූපලාවණ්‍ය සඳහාත් භාවිතා කරන කෝමාරිකා මුඛයේ සෞඛ්‍යය රැකගැනීමටත් භාවිතා කළ හැකි බව ඔබ දැන සිටියාද?
වතුර කෝප්පයක් ගෙන එයට බේකිං සෝඩා කෝප්ප භාගයක් හා කෝමාරිකා ජෙල් තේ හැන්දක් සමඟ මිශ්‍ර කරන්න. ඉන්පසු ලෙමන්, පොල් තෙල් ස්වල්පයක් හා ග්ලිසරින් තේ හැඳි හතරක් එකතු කරන්න. දැන්, ඔබේ දත් සෝදන්න.
by Kaushalya De Silva
Photo source : Internet
777 Views
Comments