ආගමික කටයුතු වලින් ඉහළ යන ඔබේ ප්‍රතිශක්තිකරණය

අදවන විට ලෝකයම මුහුණ දී සිටින්නේ රෝ බිය පැතිරුණු අවදානම් තත්ත්වයකටය. අපේ රටත්, ලෝකයත් මෙයට පෙරත් භයානක වසංගතවලට විවිධ අවස්ථාවල මුහුණදී ඉන් ගැලවුණු බව ඉතිහාසය දෙස බැලීමේදී පෙනේ. කොරෝනා විපතින්ද ලෝකය ඉදිරියේ ගැලවෙනු ඇත. ඒ අතර සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් ජීවත්වීමද අත්‍යවශ්‍ය වී තිබේ. එසේම දැන් බොහෝ විහාරස්ථානවලින් හැන්දෑවට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් විසුරුවා හරින රතන සූත්‍ර පිරිත් හඬ පැතිරී යයි. ඒ අතර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලිඛිතව දන්වා සිටියේ රටපුරා සියලු විහාරස්ථානවල රතන සූත්‍රය දේශනා කිරීමේ කටයුතු සංවිධානය කරන ලෙසයි.
නමුත් වර්තමාන සමාජ මාධ්‍ය ඔස්සේද සමාජයේද පිරිත් කීම වැනි ආගමික කටයුතු දෙස උපහාසයෙන් බැලීම සුලබ වී තිබේ. නමුත් පුරාණ සමාජයේ මෙවැනි ආගමික කටයුතු ඉතා ශ්‍රද්ධාවෙන් ඒ ගැන පේ වීමෙන් පසුව කර ඇත. අද තරගකාරීව එකිනෙකා පසුපස හැල්මේ දුව යන සමාජයේ පිරිසිදු සිත් ඇතිව පිරිත් ඇසීම පවා දුලබ සිදුවීමකි.
බුදු දහමින් බොහෝදුරට කරන්නේ මනස ශක්තිමත් කිරීම. ඒ සඳහා ත්‍රිවිධ රත්නය ගැන විශ්වාසයෙන් ආගමික කටයුතු කිරීමට බෞද්ධයන් පුරැදු වී සිටිනවා. රතන සූත්‍රය, බොජ්ජංග සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය වැනි සූත්‍ර දේශනාවලින් ධර්මයේ තිබෙන ශක්තිය පුද්ගලයන්ගේ මනස තුළ ගොඩනැගෙනවා. මේ වගේ අවස්ථාවක මානසිකව බිඳ වැටුණොත් ශරීරය දුර්වල වෙනවා. පසුගිය දිනවල කොරෝනා රෝගය ගැන බියට පත්වී සියදිවි හානිකරගත් අය ගැන වාර්තා වුණේ මනස දුර්වලවීම නිසයි. මනස දුර්වල වුණොත් විපත ඉහළ යනවා.
නමුත් මෙවැනි ක්‍රම තුලින් ඔබේ ප්‍රතිශක්තිකරණ වැඩිවන බව ඔබ දන්නවාද? ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය සංගමයේ හිටපු සභාපති විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ සඳහන් කරන්නේ වසංගත රෝග සම්බන්ධයෙන් ආධ්‍යාත්මික ආරෝපණයන් කිරීම පුරාණයේ පටන් පැවති බවයි. පැපොල, සරම්ප, කම්මුල්ගාය වැනි වසංගත රෝග දෙවියන්ගේ ලෙඩ නමින් හඳුන්වමින් ගුප්ත විශ්වාස සහ අභිචාර විධි මත පදනම් වූ උපක්‍රම මගින් රෝගීන්ගේ සහ ඒ පවුල්වල පුද්ගලයන්ගේ මානසික බිඳ වැටීම වැළැක්වූ බව වෛද්‍යවරයා පවසා සිටී. මෙවන් දැඩි මානසික බිඳ වැටීම්වලදී යමකුගේ ශරීරයේ පවත්වා ප්‍රතිශක්තිය හීනවීමෙන් හටගෙන ඇති රෝග උත්සන්නවීමට හෝ අලුතින් රෝග හටගැනීමටද පුළුවන් බව ඔහු පවසයි. එබැවින් ආගමික වතාවත් තුලින් ඔබේ මානසික ශක්තිමත්භාවය ආරක්ෂා කර සිරුරේ ප්‍රතිශක්තිකරණය වඩවා ගන්න.
by Dilki Shamani
Photo source : Interent
952 Views
Comments