නාන කාමරේ ලක්සරි පෙනුම නැතිකරන හේතු
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
21

නාන කාමරේ ලක්සරි පෙනුම නැතිකරන හේතු

නාන කාමරේ ලක්සරි පෙනුම නැතිකරන හේතු

නිවසක නානකාමරය කියන්නේ සුඛෝපභෝගී පෙනුම ඇති කරන එක ප්‍රධාන ස්ථානයක්. සාමාන්‍යයෙන් දිනකට පුද්ගලයෙක් පැයකට ආසන්න වෙලාවක් නානකාමරයේ ගත කරනවා. ඒවගේම මනස නිදහස් කරගන්නත් සමහරු එය යොදාගන්නවා. ඒ නිසා නාන කාමරයක සුන්දරත්වය වගේම සුඛෝපභෝගීභාවයත් ඉතාම වැදගත් වෙනවා. ඔබ නොසිතා සිදු කරන යම් යම් කාරණා නිසා එහි සුඛෝපභෝගීභාවය සහ සුන්දරත්වය වගේම පිළිවෙල නැතුව යනවා. මේ ඒ පිළිබඳ සටහනක්.

ඔබේ ආලේපන නියමිත තැන නොතිබීම

නාන කාමරය විශේෂයෙන්ම ගෑණු ළමයින් හැඩ වැඩ වෙන ස්ථානයක්. ඉතින් ඔවුන් භාවිතා කරන ක්‍රීම ෂැම්පු ෆේස් වොශ් වගේ දේවල් නාන කාමරේ සින්ක් එක උඩ හැමතැනම තියෙන අවස්ථා තියෙනවා. මේ වගේ වෙලාවකදි ඊට වෙනම වෙන් කරන ලද කබඩ් එකක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. එවිට ඒවා ඉක්මනින් අපිරිසිදු වෙන්නෙත් නැතිව ආරක්ෂිතව ගබඩා කරලා තියාගන්න ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම නාන කාමරේට හොඳ පෙනුමක් එකතු වෙනවා.

තුවා රඳවනයක් නොමැතිකම

ඔබේ නාන කාමරයෙන් තුවාය රඳවන්න නිසි ස්ථානයක් නොමැති වීම හෝ එය ප්‍රමාණවත් නොවීම නිසා නානකාමරයට අපිළිවෙළ පෙනුමක් එකතු වෙන්න පුළුවන්. ඒ නිසා තුවායන් පිළිවෙලට් රඳවන්න සුදුසු පරිදි රැක් එකක් සකස් කරල එය දොරට වැසෙන තැනක තැබුවොත් ඒ නානකාමරයේ සුඛෝපභෝගී බව වැඩි කරගන්න පුළුවන්.

තැන තැන එල්ලෙන බට

ඔබේ නාන කාමරය අපිළිවෙළ බව පෙනෙන්න බලපාන ප්‍රධානතම කාරණයක් තමයි ඒවා සවි කරල තියෙන බට එළියට පෙනෙන ආකාරයට තිබීම. මේ නිසා සුඛෝපභෝගී නානකාමරයක පෙනුම ලබාගන්න නම් තැන තැන එල්ලෙනවා වයර් බට හොඳින් ආවරණය කරලා හොඳ නිමාවක් ඊට දෙන්න අවශ්‍ය වෙනවා.

 

 

 


නඩත්තු නොවුණු පැළෑටි

ගොඩක් අය නානකාමරයට පැළෑටි වර්ග එකතු කරන්න උත්සාහ කරනවා. නමුත් ඒ පැළෑටිය නිසි ලෙස නඩත්තු නොකර තිබීමෙන් එහි අපිළිවෙලක් අපිරිසිදු බවක් සහ ඍණාත්මක පෙනුමක් ගෙන දෙනවා. මේ නිසා නාන කාමරයේ පරිසරයට ගැලපෙන පැළෑටියක් එහි තබා හොඳින් නඩත්තු කරන්න උත්සාහ කරන්න.

පුංචි කණ්නාඩි එපා

දැන් නම් සාමාන්‍යයෙන් නානකාමර වලට සවි කරන්නේ ඉතා විශාල කණ්නාඩි. එයින් නානකාමරයේ සුඛෝපභෝගී පෙනුම සහ ඉඩකඩ වැඩි කර පෙන්වනවා. මේ නිසා නාන කාමරයේ ඇති කුඩා කණ්නාඩි ඉවත් කරන්න.

හරිම සරල කාරණා විදියට පෙනුණත් මේ දේවල් ඔබේ නාන කාමරයටත් අත්හදා බලන්න. එහෙම වුනොත් වැඩි වියදමක් නැතුවම ඔබටත් සුඛෝපභෝගී නාන කාමරයක් සකස් කර ගන්න පුළුවන්.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 
views

623 Views

Comments

arrow-up