ව්‍යාපාරික ලෝකයට නැතුවම බැරි ණය සහ සුරැකුම්

ව්‍යාපාරික ලෝකය තුළ බැංකු සහ මූල්‍ය ආයතන වැනි ණය සපයන ආයතන ස්ථාපනය කර ඇත. මේ ලබා දෙනු ලබන ණය ආපසු පියවා ගැනීම සඳහා යම් ආකාරයක සුරැකුමක් තබා ගනිමින් ඔවුහු පාරිභෝගිකයින් වෙත ණය ලබා දෙති. ලබා ගන්නා ණය ආපසු ගෙවීම පැහැර හරිනු ලබන සහ එසේ ආපසු ගෙවීමට පාරිභෝගිකයාට මුදල් නොමැති අවස්ථාවකදී රක්ෂණයක ස්වරූපයෙන් මෙය ක්‍රියාත්මක වේ.
ඉඩම්, ණයට ලබාදුන් වත්කම් මත උකස්, ජීවිත රක්ෂණ සහතික, සීමිත වගකීම් සමාගම්වල කොටස්, තෙවන පාර්ශවයකින් ඇපකරුවන්, කාර්ය සාධන බැඳුම්කර, භාර ලදු පත යනාදිය ණය දෙන්නන් විසින් ප්‍රධාන සුරැකුම් වශයෙන් ලබා ගනී. උසස් පාලනය කරනු ලබන්නේ 1949 අංක 6 දරන උකස් පනත සහ එයට පසුව කරන ලද සංශෝධන මගිනි. පනතේ සදහන් වන උකසක් යන්නට මුදල් හෝ මුදලේ වටිනාකම ආරක්ෂා කිරීම සඳහා දේපළ මත කරනු ලබන යම් අයකිරීමක් යනුවෙන් හැඳින්වේ. උකස්කරයක ප්‍රධාන පාර්ශවයන් වන්නේ උකස් ලාභියා සහ උකස් හිමියාය. උකස් හිමියා යනු දේපළක් මිලදී ගැනීම සඳහා උකස් ලාභියාට මුදල් ණයට ලබා දෙන තැනැත්තෙකු හෝ ආයතනයකි. උකස්කරයකදී උකස් බැඳුම්කරය නම් ලියවිල්ලකට පාර්ශවකරුවන් එළඹෙති. සාමාන්‍යයෙන් උකස් බැඳුම්කරයක ප්‍රධාන ස්වරූප තුනක් දැකිය හැකිය. ණය මුදල පොළිය සමග ආපසු ගෙවීම පිළිබඳ විධිවිධාන, උකස් කරන ලද වත්කම් උකස් ලාභියාට පාවිච්චි කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳ විධිවිධාන, උකස් ලාභියා පැහැර හරිනු ලැබුවහොත් උකස් කරන ලද වත්කම් උකස් හිමියාට භාවිතා කළ හැකි ආකාරය පිළිබඳ විධිවිධාන එම ස්වරූප තුනයි. උකස් ලාභියා විසින් උකස්කරයක් යටතේ පැහැර හරිනු ලබන අවස්ථාවකදී ආපසු අයකරගැනීමේ නඩුවක් ආරම්භ කරනු ලැබිය හැකිය. 1949 අංක 6 දරන උකස් පනත සහ එයට පසුව කරන ලද සංශෝධන සහ පරාටේ බලය ක්‍රියාත්මක කිරීම මෙහිදී සිදුවේ. පරාටේ යනු වහාම යන අර්ථය දෙනු ලබන රෝම ලන්දේසි නීතියෙන් බිඳී ආ වචනයකි. පරාටේ බලය ක්‍රියාත්මක කිරීම යනු උසස් කරන ලද දේපල අධිකරණයේ සහායකින් තොරව විකිණීමට උකස් හිමියාට බලය ලබාදෙන ණය ආපසු අය කර ගැනීමේ ක්‍රියාවලියකි.
කෙටියෙන් දැක්වුවහොත් ණය මුදල ලබා දුන් මූල්‍ය ආයතනය ණය නොගෙවා මගහරින ණයකරු ගෙන් එම ආයතනයට අයවිය යුතු ණය මුදල ඉල්ලා සිටින අතර ණයකරු එය නොගෙවන්නේ නම් පරාටෙ දැන්වීම නම් ලිඛිත දැන්වීම යවනු ලැබේ. මින් අනතුරුව තවදුරටත් ණය නොගෙවා මගහරින ණය කරුවන්ගෙන් ආයතනයට අයවිය යුතු ණය මුදල නොගෙවන්නේ නම් මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යෝජනාවක් සම්මත කර ගැනීමෙන් පසු ණය නොගෙවා මගහරින ණයකරුගේ උකස්කර ඇති දේපල වෙන්දේසි කොට එම ආයතනයට අයවිය යුතු ණය මුදල පියවා ගත හැකියි. ඉහත ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අදාල මූල්‍ය ආයතන මගින් ක්‍රියාත්මක කරන බැවින් ණය නොගෙවා මගහරින ණයකරුට හෝ කිසියම් බැදියාවක් ඇති පක්ෂයකට අධිකරණයකට ගොස් මෙම ණයකරුගේ උකස්කර ඇති දේපල වෙන්දේසි කිරීමේ ක්‍රියාවලිය නැවත්වීම සඳහා ආඥාවක් ලබාගැනීමේ හිමිකමක් ඇත. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවලදී අධිකරණය විසින් ඒකපාර්ශවීයව මෙම ණයකරුගේ නඩුව අසන අතර එනම් ණය නොගෙවා මගහරින ණයකරු මූල්‍ය ආයතන වෙත නොතීසි නොයවා අධිකරණය වෙතට පැමිණෙන අතර අධිකරණය විසින් එක් පාර්ශවයක් ඉදිරිපත් කරනු ලබන කරුණු පමණක් සලකා බලමින් අදාල නැවැත්වීමේ ආඥාව ලබාදෙනු ලැබේ. එම නිසා මෙම ක්‍රියාවලිය ඒකපාර්ශවීය ක්‍රියාත්මක කිරීම යනුවෙන් ද හැඳින්වේ.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
1130 Views
Comments