සිරුර සමබර කරන ඇවිදීමේ ව්‍යායාම
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
21

සිරුර සමබර කරන ඇවිදීමේ ව්‍යායාම

සිරුර සමබර කරන ඇවිදීමේ ව්‍යායාම

ව්‍යායාමයක් ලෙස ඉතාම පහසුවෙන් සිදු කරන්න පුළුවන් ව්‍යායාමයක් තමයි ඇවිදීම. මානසික ආතතිය දුරු කරගැනීමට මහඟු ඖෂධයක් ලෙස ඇවිදීම හදුන්වන්න පුළුවන්. මේ සඳහා ඇවිදින විට හොඳ වාතාශ්‍රයක් සහිත එළිමහන ඉතාම ප්‍රතිඵලදායක වන මානසික ආතතිය අඩුවන විට සිතට නැවුම් අදහස් ගලා එනවා. කායික මානසික සුවතාවය මෙන්ම දෛනික ජීවිතයටත් එය ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. එයින් සිරුරේ අධික රුධිර පීඩනය දියවැඩියාව කොලෙස්ටරෝල් වැඩිවීම හෘදයාබාධ වැනි තත්ත්ව පහසුවෙන් අවම කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඇවිදීමේ ව්‍යායාම කිරීමෙන් පසු ඕනෑම කෙනෙකුට සිරුරට බෙහෙවින් සැහැල්ලු බවක් දැනෙනවා. ඒ නිසාම සුව නින්දක් ලබාගැනීමට හැකියාවක් ලැබෙනවා. මේ ආකාරයෙන් ඇවිදීමේ ව්‍යායාම සිදුකරනු ලබන පුද්ගලයාගේ ශරීරයේ නම්‍යශීලී බව වැඩිවීම සිරුරේ සමබරතාවය වැඩි වෙනවා. මිනිසා වියපත් වුවත් දෙපා සමබරව තබා ගැනීමට එය ඉවහල් වෙනවා.
 

 

 


ඇවිදීමට වඩාත්ම සුදුසු වන්නේ තණ පිටියක් හෝ මුහුදු වෙරළ ආසන්නයේ ස්ථානයක්. ඉන් ගතට සුවදායී බවක් දැනෙනවා. එහෙත් එය සෑම කෙනෙකුටම අපහසු නම් ජනාකීර්ණ නොවන මාවතක් තෝරා ගැනීම ඊට සුදුසු වෙනවා. සෑම විටම වේගයෙන් ඇවිදින නිසා ආරක්ෂාකාරී ස්ථානයක් තෝරාගැනීම වැදගත් වෙනවා. අද ඇවිදීම නිවසේ සිටම කළ හැකි ව්‍යායාම උපකරණත් වෙළෙඳපොළේ තියෙනවා. ඇවිදීමට ස්ථානයක් නොමැති අයට මෙවැනි ව්‍යායාම උපකරණයකින් ඇවිදීමෙන් ශරීරය ලැබෙන ව්‍යායාම ලැබෙනවා. එහෙත් වඩාත් සුදුසු සුවදායි පරිසරයක වේගයෙන් ඇවිද යාමයි. ව්‍යායාමයක් ලෙස ඇවිදීම ඔබට පමණක් නොව ඔබ ජීවත් වෙන සමාජයටත් මතු පරම්පරාවට ද වාසියක් වෙනවා. මේ නිසා තමන්ගේම වාහනයක් නැති කෙනෙකුට බස් නැවතුම් පලවල් කිහිපයක් දුර ඇවිද යාමට හුරුවීම වාහනයක් සඳහා වන වියදම අඩු කිරීමේ මාර්ගයක් වෙනවා. එසේම මනසටත් හිතකරයි. ගෝලීය උණුසුම වැඩිවීම වළක්වා ගැනීමට වායු දූෂණය වළක්වා ගැනීමට උපකාරී වෙනවා. මේ ව්‍යායාමයට කිසිම පුද්ගලයකුට වියදමක් වැය වන්නේ නැහැ. ඉඳහිට හෝ ඒ වෙනුවෙන් මුදලක් වැයකිරීමට සිදු වුණොත් ඒ ගෙවී යන පාවහන් යුගලක් වෙනුවෙන්. සිරුරේ බර පාලනය කරන ඉතා සාර්ථක ව්‍යායාමයක් වන ඇවිදීම නිසා සිරුරේ අනවශ්‍ය වල ලෙස තැන්පත්ව ඇති මේදය දිය කිරීමට හැකියාව ලැබෙනවා. මේ ව්‍යායාමයට වයස් බේදයක් නැහැ. මේ නිසා ඔබත් ඉතාම පහසුවෙන් සිදු කරන්න පුළුවන් ව්‍යායාමයක් වන ඇවිදීම දිනපතා සිදු කරන්න උත්සාහ කරන්න. එය ඔබට නීරෝගී ජීවිතයකට මඟ පාදාවි.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

1100 Views

Comments

arrow-up