ඖෂධ ගැනීමෙන් තොරව කොලෙස්ටරෝල් සුවකල හැකිද

වර්තමානයේ දී දහදෙනෙක් ගතහොත් ඉන් අඩකට වඩා කොලෙස්ටරෝල් රෝගීන් බව ඔබ දන්නවාද. ඇත්තෙන්ම මෙය ඛේදජනක තත්වයකි. කොලෙස්ටරෝල් වල ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් සහ ශරීරයට හිතකර කොලෙස්ටරෝල් යනුවෙන් වර්ග දෙකක් පවතී. කෙනෙකුගේ ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් එනම් LDL වැඩිවීම අවම කරගන්නට ව්‍යායාම, භාවනා කිරීම මගින් බොහෝවිට පුළුවන්.
එසේම මේද අඩු ආහාර ගැනීමෙන් බර අඩුකර ගැනීමෙන් බොහෝ දුරට එම අහිතකර කොලස්ටරෝල් අඩු කරගත හැකියි. තවද කොලෙස්ටරෝල් අඩුකර ගැනීමට නම් මානසික ආතතියත් අඩු කරගත යුතු අතර මේ සඳහා අධික ආශාවන් පාලනය සහ ව්‍යායාම නිසි ලෙස කිරීම ඉතාමත් වැදගත්. සාමාන්‍යයෙන් පිරිමි පුද්ගලයකුගේ සම්පූර්ණ කොලස්ටරෝල් ප්‍රමාණය ගැහැණු අයට වඩා වැඩිය. එහෙත් කාන්තාවකගේ ආර්තව හරනය සිදු වීමෙන් පසු එම කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි විය හැකියි. කිසිම පුද්ගලයෙකු හෘදයාබාධයකට ගොදුරු වන්නේ කෙසේද යන්න ඔබ දන්නවාද. ඒ සඳහා බලපාන සාධක වන්නේ බර වැඩිවීම, අධික ලෙස කොලෙස්ටරෝල් වැඩිවීම, දියවැඩියා රෝගය පාලනය නොකර තිබීම යනාදියයි. මෙවැනි ගැටලු සහිත පුද්ගලයෙක් නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් මත ඖෂධ වර්ග ගැනීම අත්‍යාවශ්‍යයි. නමුත් වර්තමානයේ දී පුද්ගලයන් එම ඖෂධ ගැනීමට දෙවතාවක් සිතන්නට පෙළඹී ඇත. වෛද්‍යවරයෙක් රෝගියෙකුට හිතුමතේ ඖෂධ නියම කරන්නේ නැහැ. රෝගියාගේ ව්‍යායාම සහ ගති පැවතුම් මගින් පාලනය කරන්න නොහැකි වූ තැන තමයි ඖෂධ වර්ග නියම කරනු ලබන්නේ. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ ඖෂධ ගැනීම සිදු කළත් ඒවා පිළිවෙලකට නොගැනීම තුළින් සහ ආහාර පාලනයෙන් වැළකුණහොත් කොලෙස්ටරෝල් කිසිම විටෙක පාලනය කළ නොහැකි බවයි. මේ සඳහා නියම කරන ඖෂධ කීපයක්ම තිබේ. වැඩි වශයෙන් කොලෙස්ටරෝල් පාලනයට ලබා දෙන්නේ ස්ටැටිං නැමැති ඖෂධය යි. මෙම ඖෂධයෙන් රෝගියාගේ අක්මාවේ නිපදවන කොලෙස්ට්‍රෝල් පාලනය කෙරේ.
ශරීරයේ සෑදෙන කොලෙස්ටරෝල් වලින් තුනෙන් එකක් අක්මාවේදී නිපදවෙන අතර ඉතිරිය පුද්ගලයන්ගේ ආහාර පුරුදු නිසාවෙන් හටගන්නා බව ඔබ දන්නවාද. එමනිසාවෙන් වෛද්‍යවරුන් විසින් එම ඖෂධය නියම කර අක්මාවේ සෑදෙන කොලෙස්ටරෝල් පාලනය කරනු ලබයි. මීට අමතරව ඖෂධවලින් ආහාර වලින් සෑදෙන කොලෙස්ටරෝල් පාලනය කරන අවස්ථා ද බොහෝමයක් පවතී. එම ඖෂධ නියම කරනු ලබන්නේ වඩාත් ස්ථූලතාවයෙන් පෙළෙන පුද්ගලයන්ට වේ. ඔබත් කොලෙස්ටරෝල් වලින් පෙළෙන පුද්ගලයෙක් නම් මෙවැනි කරුණු පිළිබඳව ඔබ ලබන දැනුවත්භාවය ඉතාමත් වැදගත්. නිවැරදි වෛද්‍ය උපදෙස් අනුගමනය කිරීම තුලින් ඔබටත් ඉක්මනින්ම කොලෙස්ටරෝල් රෝගයෙන් මිදීමට හැකියාවක් ලැබෙනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
696 Views
Comments