සුපිරි ක්‍රීඩක මුරලිගෙ කතාව දිග හැරෙන චිත්‍රපටයේ පලමු වීඩියෝව නිකුත් වේ

ලොව බිහිවූ විශිෂ්ඨතම දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිතකතාව ඇසුරෙන් නිර්මාණය වන
"800" දෙමළ චිත්‍රපටයේ නිල ග්‍රාෆික විඩියෝව එළි දැක්වීම ඊයේ සිදු කෙරුණා.
ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන මුරලි බිඳහෙළු ටෙස්ට් කඩුලු 800 පාදක කරගෙන මෙම චිත්‍රපටය
"800"ලෙසින් නම් කර තිබීමත් කැපී පෙනෙනවා.
ඉන්දීය කොලිවුඩ් නළු විජේ සේතුපති, මුරලිගේ චරිතයට පණපොවන අතර,මුරලි සිය ජීවිතයේදී මෙන්ම ක්‍රිකට්
පිටියේ මුහුණ දුන් සිදුවීම් රැසක් ඇතුළත්වයි මෙම චිත්‍රපටය නිර්මාණය වන්නේ.
චිත්‍රපටයේ ග්‍රාෆික එළිදැක්වීම ඊයේ IPL තරගාවලියේ හයිද්‍රාබාද් සහ චෙන්නායි තරගය පෙර සිදු
කෙරුණු අතර එහිදි විජේ සේතුපතිගෙන් මුරලිගේ ක්‍රිකට් පිටියේ දස්කම් සම්බන්ධයෙන් IPL ජාත්‍යන්තර
රූපවාහිනී විකාශන ආයතනයේ නිවේදිකාවක් විසින් ප්‍රශ්න කර සිටියේ මෙලෙසින්.
එම්.එස් ශ්‍රීපති විසින් අධ්‍යක්ෂණය කරන " 800 "චිත්‍රපටයේ රූගතකිරීම් ලබන වසරේදී මුල ශ්‍රි
ලංකාව, ඉන්දීයාව ,ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය කේන්ද්‍ර කර ගනිමින් සිදු කිරීමට සැලසුම් කර
තිබෙන අතර චිත්‍රපටය ලබන වසරේ අග භාගයේ සිට තිරගත වීමට නියමිතයි.
මේ අතර තමිල්නාඩුවේ සිටින LTTE හිතවාදීන් පිරිසක් මුරලිගේ චරිතයට පණපොවන විජේ සේතුපතිට සමාජ
මාධ්‍ය ඔස්සේ විරෝධතාවක් එල්ල කර තිබුණේ ඔහු මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වීම හේතුවෙන්.
Source - Hiru Gossip
265 Views
Comments