කවුරුත් ආදරය කරන රොක් ගේ පුදුම හිතෙන කතාව

කවුරුත් මෙයාට රොක් කියල කතා කලත් ඇත්ත නම ඩ්වෙන් ජොන්සන් බව ඔබ දැන හිටියාද. ඒ තමා රෙස්ලින් වලින් පටන් ඉංග්රීසි චිත්රපට දක්වා ගිහින් දෙඅනට හොලිවුඩ් සිනමාවේ වැඩිපුරම මුදල් හම්බ කරන රොක් ගේ ඇත්ත නම.
ඉතින් ඔබ විස්වාස කරනවද මේ රොක් නුත් ඉතා දුප්පත් පවුලකින් ආපු පුද්ගලයෙක් බව. ඒ වගේම තමයි ඔහුගේ පියත් රෙස්ලින් ක්රීඩකයෙක් උනත් ඒ කාලයේ ඉතා කුඩා වැටුපක් තමයි ඔහුට ලැබිල තියෙන්නෙ. ඒ නිසා ඇතැම් දවස් වල ඔවුන් කන්න බොන්න පවා නැතුව ඉන්න සිදු වූ වාර බොහොමයයි. ඒ වගේම තමයි මොවුන්ට ඒ කාලෙ තිබ්බ තවත් විශාලම ප්රශ්නයක් තමයි ඉන්න නිවසක් තිබිල නැති එක. කුලී නිවාස වල තමයි ඉන්න සිද්ද වෙලා තියෙන්නෙ. එහෙම ඉද්දි දවසක් කුලී ගෙවා ගැනීමට නොහැකිව මොවුන් පාරට බැහැපු වෙලාවක අම්මා තාත්තා සමග අමනාප තාත්ත මොවුන් දෙදෙනා මහ පාර මැද දාල ගිහින් තියනවා. එතකොට වයස අවුරුදු 10ක් පමණයි මොහුට.
ඊට පස්සෙ මොහු පාසල් ගියත් මොහුගේ මව විවිධ කුලී වැඩ කරමින් තමයි මොහුට ඒ කටයුතු කරල දීල තියෙන්නෙ. ඉතින් මෙහෙම ටික කාලයක් ඉද්දි පස්සෙ මොවුන්ට නැවතත් නිවසක් හමු වෙලා එහි පදිංචියෙ ඉන්න අතරතුරෙදි මොහුට මුදල් හොයා ගන්න කිසිම ක්රමයක් නැති නිසා පාසල් කාලයේදී මොහු පොඩි පොඩි හොරකම් කිරීමට පවා පුරුදුව ඉදල තිබෙනවා. එහෙම කරල පොලිසි යන්න උන අවස්තා ද කිහිපයක්ම තිබිල තියනවා. ඉතින් කොහොමින් කොහොම හරි පාසල් කාලයේ පටන් මොහුගෙ ඇගපත හොදට තිබිල තියනවා. මොකද තම පියාගේ ජාන වල ක්රියාවෙන් හෝ වෙන්න ඇති. ඔහොම ටික කලක් යද්දි මොහුට පාසලේ ගුරුවරයෙක් මාර්ගයෙන් අහඹු ලෙස පාසලේ රගර් ටීම් එකට යන්න අවස්තාව සැලෙසෙනවා. ඉතින් ඒකෙන් පස්සෙ තමයි ඔන්න මොහුගෙ ජීවිතය ටිකක් හරි වෙනස් වෙන්න පටන් ගන්නෙ.
ඊට පස්සෙ පාසලෙන් අමතරව පිට තිබෙන පොඩි පොඩි රගර් ක්ලබ් වල සෙල්ලන් කරන්නත් මොහුට අවස්තාව ලැබෙනවා. ඒ මගින් ඉතාම කුඩා වැටුපක් ලබන්නත් මොහුට හැකියාව උදා වෙනවා. කොහොම නමුත් ඒකෙන් මොහුත් අම්මාත් කුඩා නිවසක් ගෙන අම්මාගේ කුලී වැඩත් නවත්තල බොහොම පොඩියට ජීවත්වෙන්න පටන් ගෙන තියනවා. ඉතින් මෙහෙම ඉද්දිත් මොහුට අතේ ආබාදයක් නිසා රගර් ක්ලබ් එකේ රස්සාවත් ටික කාලයකදී නැතුව යනවා. පසුව මොහුට කර ගන්න දෙයක් නොමැතිව ඉන්න වෙලාවෙදි මොහුට තාත්තව මතක් වෙලා යනව රෙස්ලින් ප්ලේ කරන්න ඕන කියල. නමුත් තාත්ත ඒකට කැමති වෙන්නෙ නැහැ.
කෙසේ නමුත් මොහු ස්ථිර අධිශ්ටඃනයෙන් වැඩේ පටන් ගන්නවා. නමුත් මුල් කාලයේ එතරම් ප්රේක්ෂයන් පිරිසක් මොහුට එක් වන්නේ නැහැ. නමුත් පසුව මොහු එවකට ප්රසිද්ද ක්රීඩකයන් අනුගමනය කර කෙසේ හෝ විශාල ප්රේක්ෂකයන් පිරිසක් හදා ගන්නවා.ඊට පස්සෙ තමයි මොහුට හොලිවුඩ් වල රගපාන්න අවස්ථාව ලැබෙන්නෙ. එසේ රගපාද්දිත් යම් ප්රේක්ෂකයන් ප්රමාණයක් හදා හත්තත් පසුව එඅත් අසාර්තක වී යනවා. පසුව නැවතත් මොහු ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්රපට මාලාවට සහභාගී වුණු පසුව මොහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වෙනවා. එතැන් පටන් මොහුගේ ගමේ වැටීම් නැහැ. නැගීම් පමණයි. අද වන විට වැඩිම මුදලක් ගන්න හොලිවුඩ් නලුවෙක් බවට බවට පත් වී සිටින්නේ ඒ ඔහුයි.
by Sahan Sandeepa
Photo source : Internet
404 Views
Comments