සබ්වේ සර්ෆස් ගේම් එක හදන්න මුල් උනු දුක්බර කතාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
09

සබ්වේ සර්ෆස් ගේම් එක හදන්න මුල් උනු දුක්බර කතාව

සබ්වේ සර්ෆස් ගේම් එක හදන්න මුල් උනු දුක්බර කතාව

මම මේ කතා කරන්න යන සබ්වේ සර්ෆස් ගේම් එක අද වන විට නොදන්න කෙනෙක් නැති තරම්. ඕනම මේක ප්ලේ කරල ඇති. එහෙම නැත්තම් මෙහි නම හරි අහල ඇති. ඒ තරම්ම මේ ගේම් එක අද වන විට ජනප්‍රියයි. වර්තමානය වෙද්දි භාවිතය අඩු උනත් මේ ගේම් එකේ මෙය ස්මාර්ට් ජංගම දුරකතන හදුන්වා දීපු අවදියේ පටන්ම තිබුනු ගේම් එකක් තමයි මේ. ඒ කියන්නෙ 2012දී පමණ තමයි මෙම ක්‍රීඩාව මුල් වරට ජනතාව අතරට එන්නෙ. ඉතින් අන්න ඒ නිසාම අද වන විට මේ ක්‍රීඩාවට ගූගල් ප්ලේ එක හරහා මිලියන 33ක පමණ රිවීව්ස් ලැබිල තියනවා. මොකද කියනවනම් මේක ඕනම කෙනෙක් එක පාරක් ප්ලේ කලොත් එක පාරකට වඩා අනිවාරයෙන්ම ප්ලේ කරන්න හිතෙන ගේම් එකක්. ඕනම කෙනෙක් වැඩිහිටියෙක් පවා ඇබ්බැහි කර ගැනීමේ බලයක් මේ ගේම් එක සතුව තියනවා. නමුත් මේකෙ ඉවරයක් නැහැ. ඒ කියන්නෙ කොව්වර ප්ලේ කරත් මේක ඉවර කරන්න බැරි විදියට හදපු එකක්.

 

කිල්වර් නමැති ලොව සුප්‍රසිද්ද ගේම් සමාගමකුත් සහ ඩෙන්මාර්ක් රටෙහි පෞද්ගලික ආයතනයක් වන සිබෝ කම්පැනියත් එකතු වෙලා තමයි මේ ගේම් එක නිර්මාණය කරන්න මුල් වෙල තියෙන්නෙ. ඒ කොහොම නමුත් මේ ගේම් එක නිෂ්පාදනය කරල ලෝකයේම ප්‍රචලිත වෙන්න නම් වැඩි කාලයක් ගියේම නැහැ. මොකද අර මම කලින් කිව්ව වගේ ගති ලක්‍ෂණ මේකට තිබුනු නිසා මේක ඉතාමත් කෙටි කාලයක් තුලදී ලෝකයක් ආදරය කරන ඉතාමත් ප්‍රචලිත ක්‍රීඩාවක් බවට පත් උනා. ඉතින් ඒ ආකාරයට තමයි මේක ජනප්‍රිය උනේ. නමුත් දැන් ඔබ කල්පනා කරනවා ඇති මේ පිටුපස තිබෙන දුක හිතෙන කතාව මොකද්ද කියල​. ඇත්තම කිව්වොත් මෙම ගේම් එකේ නිධාන කතාව එහෙමත් නැත්තම් ස්ක්‍රිප්ට් එක තමයි එහෙම දුක හිතෙන කතාවක් තියෙන්නෙ. ඒ කියන්නෙ අපි කවුරුත් දන්නවනෙ ඕනම ගේම් එකක එය රදා පවතින මොකක් හරි කතඳරයක් තියනව කියල​. ඉතින් මේ කතාවෙත් අන්න ඒ වගේ කතාවක් තියනවා. ඒ තමයි කුඩා ළමයෙක් කෝව්වි පෙට්ටියක ස්ප්‍රේ කරන එක පොලිස් නිලදාරියෙක්ට හසු වී ඔහුගෙන් බේරීමට රේල් පීලි හරහා දිවීම​. මේ දිවීම නිමක් නැතුව සිදු වෙනවා. ඉතින් මෙන්න මේකට තමයි අර මන් කිව්ව දුක හිතෙන සත්‍ය කතාවත් සම්බන්ද වෙල තියෙන්නෙ.

 

සමහර විට ඔබ මෙය කොතරම් සෙල්ලම් කලත් එය මොකද්ද කියල දන්නෙ නැතුව ඇති. ඉතින් ඔබ දකිනව ඇති ඇති මේක ප්ලේ කරද්දි හෙල්මට් එකක් දාගෙන පුංචි ස්කේට් බෝඩ් එකක් පදින ළමයෙක්.(පොලිස් නිලදාරියාගෙන් බේරීමට දුවන ළමයා) ඉතින් ඒ තමයි මේ ගේම් එක නිර්මාණය කරපු පුද්ගලයගෙ ළමය​. දැන් ඔබ කල්පනා කරනව ඇති ඉතින් මොකටද මේ ගේම් එකේ අතුරුමුහුණතට ගේම් එක හදපු කෙනාගෙ පුතාගෙ අනුරුවක් ඇතුලත් කලේ කියල​. ඒකට හේතුවත් දැන් මම කියන්නම්. මෙහෙමයි, මේ ගේම් එක හදපු කෙනේගෙ පුතාත් මේ විදියටම ස්කේට් බෝඩ් එකක නැගල මේ විදියටම රේල් පාරවල් වල වැඩ දාන්න හරිම ආසා කරපු ළමයෙක්. ඉතින් මේ ළමයත් දවසක් මේ විදියටම ස්කේට් බෝඩ් එකක නැගල කෝච්චි පාරක වැඩ දානකොට සිදු උනු අනතුරකින් මේ ළමයා ජීවිතක්‍ෂයට පත් වෙලා තියනවා. ඉතින් මෙන්න මේ කියන සිද්දිය නිසා මෙම ළමයගෙ පියා එනම් මෙම ගේම් එකේ නිර්මාත්‍රූ ගොඩක් කම්පයකින් තමයි ඉදල තියෙන්නෙ. ඉතින් අන්න එහෙම කල් ගෙවෙද්දි තමයි මේ පුද්ගලයට ආරාදනයක් ලැබිල තියෙන්නෙ අර මම ඉහත සදහන් කල ආයතන වලින් ගේම් එකක් හදල දෙන්න කියල​.

 

 

ඉතින් ඔන්න ඊට පස්සෙ තමාගෙ ළමයා මැරුණු දුකින් හිටපු මේ පුද්ගලයා ගේම් එකේ තමාගෙ ළමයව ප්‍රතිර්මාණය කරල තියනවා. ඉතින් මොහු මෙමගින් උත්සාහ අරන් තියෙන්නෙ එමගින් හෝ තමාගෙ දුක නිවා ගැනීමයි. ඉතින් අන්න ඒ නිසාම ඔහු මෙය ඔහුට හැකි උපරිම ශක්තිය යොදා කරල තියනවා. ඉතින් අනිතිමේදි ඔහුවත් සිතන්න නැතුව ඇති මේ ගේම් එකට මෙච්චර ප්‍රතිචාර ලැබෙයි කියල​. කොහොම නමුත් පසුව මෙය ඔවුන් ඩොලර් මිලියන පතියන් කිරීමට සමත් උනා. මේ වන විට මෙය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දති වලට පමණක් සීමා නොවී වින්ඩෝස් සහ අයි.ඕ.එස්. මෙහෙයුම් පද්දති වල පවා තිබෙනවා.

 

 

 

 

 

 

 

 

 

by Sahan Sandeepa

Photo source : Internet

views

318 Views

Comments

arrow-up