මිනී මස් කෑ රගර් කණ්ඩායම
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
09

මිනී මස් කෑ රගර් කණ්ඩායම

මිනී මස් කෑ රගර් කණ්ඩායම

මේ කතාව ඇහුවම ඔබ පුදුම වනු ඇති මෙය ඇත්තටම වෙච්ච දෙයක්ද කියල​. ඔව් මේක සත්‍ය සිදුවීමක් තමයි. මේ කතාව පටන් ගන්නෙ 1972 අවුරුද්දෙදි උරුගුවේ රගර් කණ්ඩායමට මුහුණ දෙන්න උන සිදුවීමකින්.

 

හොදයි මම කෙලින්ම කතාවට එන්නම්. මේක වෙන්නෙ විලී රාජ්‍යයේ රගර් කණ්ඩායම සහ උරුගුවේ රගර් කණ්ඩායම අතර තරගයක් පැවැත්වීමට නියමිතව තිබියදී. මේ සදහා උරුගුවේ රගර් කණ්ඩායමට ගුවන් යානයකින් තරගය බලා යාමට සිදු වෙනවා. ඉතින් මේකට කණ්ඩායමේ 19 දෙනා ඇතුලු ගුවන් යානාවේ කාර්‍යය මණ්ඩලය එකතු උනාම එවිටත් තවත් අමතර ඉඩ ප්‍රමාණයක් ගුවන් යානයේ ඉතිරිව ඇති නිසා මේ සදහා ක්‍රීඩකයන් ගේ පවුල් වල අයද සහබාගී වී තිබෙනවා. කොහොම නමුත් අවසානෙදි ගමනට කාර්‍යය මණ්ඩලයේ අයද සමග 45දෙනෙකු ඉදල තිබෙනවා. ඉතින් මේ ගුවන් ගමන යාමට ඔවින් භාවිතා කරන්නේ උරුගුවේ ගුවන් හමුදාවට අයත් 571 දරණ ගුවන් යානයයි. ඒ වගේම තමයි මෙහි ගුවන් නියමුවා ලෙස තේරී පත්වන්නෙත් පැය 5100කටත් වඩා වැඩි ගුවන් පලපුරුද්දක් ඇති ගුවන් නියමුවෙන්. ඒත් එක්කම මොහුට ඒ සදහා තවත් සහය ගුවන් නියමුවෙක්ද මේ සදහා එක් වෙනවා. ඉතින් මෙන්න මේ අකාරායට තමයි මොවුන් ගමන යන්න පිටත් වෙලා තිබෙන්නෙ. එසේ යන අතරතුරදි ගමනෙන් භාගයක් විතර මොවුන් සාර්තකව ගමන් කරනවා. පසුව ගුවන් යානයේ පාලනය ප්‍රධාන නියමුවා විසින් ඔහුගේ සහකාර ගුවන් නියමුකරුට ලබා දීල තිබෙනවා.

 

මේ අතරතුර කාලගුණය ගොඩක් නරක අතට හැරිල තියනවා. ඒත් සමගම මීදුම සහ වළාකුළු නිසා සහයක ගුවන් නියමුවාට යානය පදවන්න ඉතා අපහසු වෙලා තිබෙනවා. මෙසේ ටික දුරක් යද්දි ඔවුන්ට එක පාරටම පෙනිල තියනවා අන්දීස් කදුවැටිය තම ඉදිරියෙන් තිබෙනවා. ඉතින් ඒ දුටු විගසම මොවුන් හැකි උපරිම බලය යොදා ගුවන් යානය ඉහලට ඔසවන්න උත්සාහ කරල තියනවා. කොහොම නමුත් අවාසනාවකට ගුවන් යානයේ ඉදිරි කොටස කදුවැටියේ නොගැටී බේරුණත් පසුපස කොටස ගැටී කෑල්ලක් කැඩී මගීන් 3ක් පමණත් වැටිල තිබෙනවා. ඒත් සමගම තවත් ඉදිරියට යද්දී ගුවන් යානයේ වම් තටුවත් කැඩී ගොස් එයිනුත් තවත් මගීන් ප්‍රමාණයක් වැටිල තිබෙනවා. දැන් එය පැයට කිලෝමීටර් 250ක පමණ වේගයෙන් ප්‍රපාතයකට ඇදගෙන ගිහින් අයිස් ග්ලැසියර් එකක වැදිල තමයි නතර වෙන්නෙ. කොහොම නමුත් මේ වෙද්දිත් මගීන් 33ක් පමණ ජීවතුන් අතර ඉදල තියනවා. ඉතින් ඊට පස්සෙ මොවුන් කරන්න දෙයක් නොමැතිව කෙසේ හෝ පිලිසරණක් ලැබෙයි යන බලාපොරොත්තුවෙන් ඒ රැය පහන් කරනවා.

 

 

මෙහිදී නායකත්වය ගන්නෙ රගර් කණ්ඩායමේ නායකයම තමයි. ඒ වෙද්දිත් තවත් 5ක් පමණ මිය ගිහින් හිටිය​. ඉතින් මේ නායකයගේ උපදෙස් ඇතිව ගුවන් යානයේ බඳ කොටස මොවුන් නිවහනක් කර ගන්නවා. පසුව ඉතිරිව තිබූ කෑම ප්‍රමාණයත් බෙදාගෙන කොහොම හරි ගුවන් යානය නිවහනක් ආකාරයට සකසා ගෙන ඉන්න බලනවා. දවස් 7ක් පමණ යද්දි ඒ ආහාර ටිකත් මොවුන්ට මදි වෙනවා. එතනින් පස්සෙ ආහාරයට ගන්න දෙයක් නැතු උන නිසා මොවුන් එහි තිබ්බ හම් වලින් හදපු දේවල් ආහරයට ගෙන තිබෙනවා. ඒවාත් ඉවර උනු පසු මොවුන් බඩගින්න වැඩි කමින් උමතු වෙනවා. කෙසේ නමුත් එතන හිටපු එක් අයෙක් වීදුරු කැබැල්ලක් කඩා ගෙන ගිහින් මිය ගිය ගුවන් නියමුවාගේ සිරුරෙන් කොටසක් කපාගෙන ආහාරයට ගන්න පටන් ගන්නවා. අනිත් අයටත් තේරුන් යනවා ජීවත් වෙන්න තියන එකම විදිය මේක බව​. ඒ අනුව ඔවුන් සෑම උදෑසනකම මියගිය අයගෙ මස් කපා වේලා හවස් යාමයේ ඒවා ආහරයට ගෙන තිබෙනවා. මින් පසුව හිම නාය යාමක් නිසා තවත් ජීවිත 8ක් පමණ නැති වෙනවා. මේ වෙද්දි දවස් 50ක් පමණ ගිහින්. පසුව මොවුඞෙන් දෙදෙනෙක් උදව් ඉල්ලා ගැනීමට කියා ඇන්දීස් කදුවැටිය තරණය කිරීමට පිටත් වෙනවා. ඔවුන් දෙදෙනා කෙසේ හෝ චිලී රාජ්‍යයේ කුඩා ගම්මානයකට පැමිණ උදව් ලබා ගෙන එනව​. අනතුර වෙලා දවස් 72කට පසු තමයි මොවුන් මුදවා ගැනෙන්නෙ. ඒ වෙද්දිත් 16ක් පමණ ජීවතුන් අතර ඉදල තියනවා. මේ අයුරින් තමයි ඔවුන් තම ජීවිත බේරා ගෙන තියෙන්නෙ.

 

 

 

 

 

 

 

 

by Sahan Sandeepa

Photo source : Internet

views

361 Views

Comments

arrow-up