Latest_News
calendar
DEC
27

සනී ලියෝන් දැන් මොකද කරන්නේ?

post

සනී ලියොන් කිවුවහම අද වන විට නොදන්න කෙනෙක් නැති තරම්. ඒ තරම් ම ඕනම කෙනෙක්, කුඩා ළමයෙක් පවා මේ නම් අහපු ගමන්ම ම පුද්ගලයා කවුද මොන ක්ෂේත්රය සඳහා ද ප්රසිද්ධ යන්න කවුරුත් දන්න කාරණාවක්. නමුත් අද මම කතා කරන්නේ ඒ කවුරුත් දන්න කාරණාව ගැන නම් නෙවෙයි. මම අද කතා කරන්නේ මේ පුද්ගලයා මෙතෙන්ට ආවේ කොහොමද සහ ඒ පුද්ගලයාගේ අද තත්වය ගැන.

 

 

ඉතින් ඇය ගැන කියනවනම් ඇය ඉපදිලා තිබෙන්නේ කැනඩාවේ. නමුත් ඇගේ දෙමාපියන් මව සහ පියා දෙදෙනාම ඉන්දීය ජාතිකයන්. කෙසේ නමුත් මොවුන් ඇගේ අධ්‍යාපන කටයුතු අවසන් වුණාට පසුව ඇමරිකාවට සංක්රමණය වෙලා තිබෙනවා. පසුව එහිදී දෙමාපියන්ට සහ ඇයට උවමනා වෙලා තිබෙන්නේ හෙද නිලධාරිනියක් වීමටයි. ඉතින් ඇය හෙද නිලධාරිනියක් වශයෙන් රැකියාව කිරීමට ඉගෙන ගන්නා කාලය තුළ ඒ සඳහා මුදල් අවශ්ය නිසා වෙනත් අමතර රැකියාවක් ද කිරීමට පටන් ගන්නවා. මෙසේ කාලය ගත වන අතරතුර එක් වරම ඇයට එම රටේ සගරාවකට පෙනී සිටීමට අවස්ථාව ලැබෙනවා. මේ අවස්ථාවේ දී ඇයට මුදල් අවශ්‍යතාවයක්ද තිබෙන නිසා ඇය මේ සඳහා එක පයින්ම කැමැති වී තිබෙනවා. කෙසේ නමුත් මෙයට සහභාගි වී ඇගේ ඡායාරූප මෙහි පළ වූ පසු ඇය එම රට තුළ තරමක් ප්රසිද්ධියට පත්වී ඇය හට තරම ඉල්ලුමක් ලැබී තිබෙනවා. ඉතින් මේ නිසා ඇයට තවත් එවැනිම සඟරාවල පෙනී සිටීමට හෝ ස්ථාව ලැබී ඇය එම රටේ වඩාත් ප්රසිද්ධත්වයට පත් වෙනවා. මෙසේ ප්රසිද්ධ වූ පසු තමයි ඇයට අසභ්‍ය චිත්රපට රංගනය සඳහා ආරාධනා ලැබෙන්නේ.

 

 

කෙසේ නමුත් ඇය මෙයටද කැමති වී තිබෙනවා. මේ සම්බන්ධව ඇගෙන් විමසූ විට ඇය පවසන්නේ මේ සඳහා ඇයගේම කැමැත්ත මත ගියා කියලයි. කෙසේ නමුත් එහිදී ඇයට විශාල වශයෙන් ගෙවීමකට ලක් කර තිබෙනවා. මේ අයුරින් ඇය එම ක්ෂේත්රයේ අවුරුදු දහයක් පමණ රැකියාව කර තිබෙනවා. පසුව ඇයට විවිධ තර්ජන එල්ල වී තිබෙනවා ඉන්දියානු ජාතිකයින් විසින් මෙය නවතන ලෙස. මොකද ඉන්දියානු ජාතික කාන්තාවක් මෙසේ අසභ්‍ය චිත්‍රපට වල රඟපෑම එම රටටද අපකීර්තියක් ගෙන දෙනවා කියා. පසු කාලයේදී ඇයට මරණ තර්ජන පවා එල්ල වී තිබෙනවා. නමුත් ඇය එය නවත්වා නැහැ. පසු කාලයක ඇයටම සිතී තමයි මෙය නවත්වා තිබෙන්නේ.

 

 

අනතුරුව එම ක්ෂේත්රයේ නියැලී සිටි අවුරුදු දහයෙන් පසුව ඇය නැවතත් ඉන්දියාවට පැමිණිෙනවා. ඉන්පසුව ඉන්දියාවේ ඇති බිග් බොස් නම් රියැලිටි තරගයට සහභාගි වෙනවා. එහිදී තමයි මුළු ඉන්දියාවම දැනගන්නේ සනී ලියොන් කියන්නේ කවුද කියලා. මින් ඇය වඩාත් ඉන්දියාව තුළ ප්‍රසිද්ධත්වයට පත් වෙනවා. නමුත් එවිට ඇය තුළ තිබෙන්නේ වෙනස්ම ආකල්පයන්. නමුත් ජනතාව ඇය හඳුන්වන්නේ අසභ්‍ය චිත්‍රපට නිළිය වශයෙන්මයි. මෙය ඇයට විශාල කනස්සල්ලක් ගෙන දී තිබුණා. කෙසේ නමුත් කාලයත් සමග ටික කලක් ගත වෙද්දී නැවතත් ඇයට ඉන්දීය සිනමා ක්ෂේත්රයෙන් චිත්‍රපට රංගනය සඳහා ආරාධනා ලැබී තිබුණා. මේවා ඉතාමත් දක්ෂ ලෙස රඟපෑ ඇය නැවතත් ජනතාව අතර ප්රසිද්ද වුණා. නමුත් ඉන්පසු ඇය ගත කළේ වෙනස්ම ජීවිතයක්. මොකද කියනවනම් ඇය දුප්පත් අයට වූ උදව් කිරීම්ට පවා ඉදිරි ඉදිරිපත් උනා. ඇගේ නමින් ම අනාථ නිවාසයක් ද ය ආරම්භ කළා. ඒ වගේම තමයි අනාථ වූ ගැහැණු ළමයෙක් ද තම දරුවා වශයෙන් හදා ගැනීමට භාරගෙන තිබෙනවා. මේ අයුරින් ඇය සමාජයේ යහපත් වැඩ කිරීමට පටන් ගත්තා. ඇය සතු සියලු ධනයද ඇය ඒ සඳහා වැය කළා. මේ අයුරින් තමයි ඇගේ නැතිවී ගිය චරිත්යට ඇය නැවතත් ඉන්දියාව තුළ තැනක් සකසා ගත්තේ. කෙසේ නමුත් අද වන විට ඇය ඉතාමත් කාර්යබහුල රංගන ශිල්පිනියක් වනවා.

 

 

 

 

 

 

 

by Sahan Sandeepa

Photo source : Internet

views

59 Views

Comments

arrow-up