ඇත්තටම මයිකල් ජක්සන්ට මොකද උනේ?
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
22

ඇත්තටම මයිකල් ජක්සන්ට මොකද උනේ?

ඇත්තටම මයිකල් ජක්සන්ට මොකද උනේ?

මයිකල් ජැක්සන් කිව්වම අද වන ලොකු කුඩා ඔබ අප හැම දෙනෙක්ම දන්නව කවුද කියල​. ඒ වගේම ඒ අප සැවොම ආදරය කර්පු පුද්ගලයෙක් තමයි මේ මයිකල් ජැක්සන් කියන්නෙ. ඉතින් මේ අසහාය කලා කරුව අප අතරින් වියැකී ගොසින් අද වන විට අවුරුදු 11ක් උනත් අදටත් මොහු ගැන කතා වෙනවා. ඒ වගේම තමයි ජීවිත කාලය පුරාවට ඔහුගේ සින්දු අහන අය මේ ලෝකෙ සිටිනවා. ඉතින් ඒ වගේම තමයි ඔහුගේ නර්තනයන් දෙස අදටත් ඇසි පිල්ලම් නොගසා බලන අයද නැතුවාම නොවෙයි. හොදයි අද මම කියන්න යන්නේ ඔහුගේ ජීවිතේ අගබාගයේදී ඔහුට මොකද උනේ සහ මොහු මියගියේ කොහොමද ඇත්තටම ඒකට හේතුව මොකද්ද වගේ දේවල් ගැනයි. ඒ වගේම ඔබට මතක ඇති ඒ කාලයේ කතා උනා මොහුගේ මරණය පිටුපස යම් අබිරහසක් ඇති බවට. ඉතින් අන්න ඒවායේ ඇත්ත නැත්ත පිලිබදවත් අද මම මෙහිදී සදහන් කරන්න සූදානම්.

 

2009 ජුනි 25. ඒ තමයි ඔහු මේ ලෝකෙන් සමු ගත්ත දිනය​. ඉතින් අන්න ඒ දවස් වෙද්දි ඔහු ලන්ඩන් වල ඊට සති දෙකකට පමණ පසුව පැවැත්වීමට නියමිතව තිබූ සංදර්ෂණයකට සූදානම් වෙමිනුයි ඉදල තියෙන්නෙ. ඉතින් මෙහි පුදුමය නම් ඔහු මියන්නට ප්රථම දිනයේ පවා ඔහු ඉදල තියෙන්නෙ මේ සදහා පෙර පුහුණුවීම් කරමින් තම කැලිෆෝනියාවේ තිබුනු නිවසට වෙලා. ඉතින් අන්න එහෙම ඉන්න අත්රුර මොහු එදා සවස 2කට විතර ගිහින් තියනවා තව මොහුගේ යාලුවෝ කණ්ඩායමක් සමග රියර්සල් කිරීමට​. ඉතින් එසේ ගියපු එක එදා රාත්රී 12 පමන වන තෙක් ඔවුන් එසේ පෙර පුහුණුවීම් සිදුකරල තියනවා. ඉතින් එතන හිටපු අනිත් අයත් කියල තියනවා ඔහුට ඒ වෙනකම් කිසිදු අසනීපයක් තිබුනේ නැහැ කියල​. ඒ වෙද්දි ඔහු අනිත් අයටත් වඩා හොදට තමාගෙ කාර්යය සිදු කරමින් ඉදල තියෙන්නෙ. ඉතින් ඒ අයුරින් එතන පෙර පුහුණුවීම් අවසන් කරල මොහු රෑ ගෙදර යනවා. නමුත් මොහුට නින්ඳ යන්නේ නැහැ. ඉතින් මොහු ඒ පිලිබදව තමාගේ වෛද්යවරයාට කතා කරල කියල තිබෙනවා. ඉතින් ඊට පස්සෙ වෛද්යවරයා මොහුට බෙහෙතක් දෙනවා නිදිමත වීමට​. නමුත් ඒ බෙහෙතට සනීප වෙන්නෙත් නැහැ. ඉතින් ඊලගට වෛද්යවරයා නැවතත් මොහුට තවත් බෙහෙතක් දෙනව ඒකෙන් ප්රතිඵලයක් ලැබෙන්නෙත් නැහැ. ඉතින් ඔන්න ඊලගට තමයි මොහුගේ වෛද්යවරයා මොහුට නිදිමත වීමට එන්නතක් දීල තියෙන්නෙ.

 

 

අවාසනවකට මොහුට ඒකට නිදිමත වෙන්නෙත් නැහැ. ඉතින් මීලගට එම වෛද්යවරයා කරල තියෙන්නෙ මාත්රාව වැඩි කරල එම බෙහෙත දීල තියනවා. එවිට නිදිමත වෙන්න පටන් ගෙන තියනවා. නමුත් ටික වේලාවක් යද්දි වෛද්යවරයාට පෙනිලා තියනවා මොහු හුස්ම ගැනීමේ අපහසුවකින් ඉන්නා බව​. ඉතින් ඔන්න මෙතනිදි තමයි ඉතාමත් අසාමාන්ය සිදුවීම් කීපයක් වෙලා තියෙන්නෙ. ඒ තමයි එම වෛද්යවරයා ගිලන් රථයකට කතා නොකොට සේවකයන් අමතන්න උත්සාහ කරල තියනවා. නමුත් සේවකයන් ද ඒ වෙලාවෙ දුරකතනයට ප්රතිචාර දක්වල නෑ. පසුව මෙම වෛද්යවරයා ම ගිහින් සේවකයිට කතා කරගෙන අවිත් ඔවුන් තමයි ගිලන් රථයකට පණිවිඩය කියල තියෙන්නෙ. කොහොම නමුත් ඒ වෙද්දි ඔහු මියගිහින් කියල තමයි කියන්නෙ. කෙසේ නමුත් මරණයට හේතුව විදියට සැලකෙන්නෙ බෙහෙත් අදි මාත්රාවෙන් යුතුව ලබාගෙන තිබීමයි. ඉතින් කෙසේ නමුත් මේ සදහා එම වෛද්යවරයා අත්ඩංගුවට ගෙන වසර 2ක් පමණ සිරභාරයේ තබාගෙන තිබෙනවා. කෙසේ අමුත් ඔහුගේ මරණය අදටත් අබිරහසක්.

 

 

 

 

 

 

by Sahan Sandeepa

Photo source : Internet

views

234 Views

Comments

arrow-up