ලංකාවට එන්න බැරුව ඕස්ට්‍රේලියා වල හිර වෙලා ඉන්න උදය ශ්‍රී කියන නතාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
04

ලංකාවට එන්න බැරුව ඕස්ට්‍රේලියා වල හිර වෙලා ඉන්න උදය ශ්‍රී කියන නතාව

ලංකාවට එන්න බැරුව ඕස්ට්‍රේලියා වල හිර වෙලා ඉන්න උදය ශ්‍රී කියන නතාව

ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා වැඩ කිහිපයක්ම කළා. වැඩ කියන්නේ පෞද්ගලිකවම මම මගේ නිර්මාණ කිහිපයක්
කරගත්තා. මම මෙහෙට ආවේ දෙසැම්බර්වල.

 

ජනවාරි පෙබරවාරි ඔය වැඩ ටික කරගෙන යනකොට තමයි
‘කොවිඩ්’ පටන් ගත්තේ. මුලින්ම වුණේ ගුවන් තොටුපොළවල් ටික වැහුවානේ හැම රටකම වගේ. මම ඊට
කලින් ලංකාවට යමින් එමින් තමයි හිටියේ මෙහේ පදිංචිය තිබුණට. මගේ සංගීත කටයුතු ඔක්කොම සිදුවුණේ
ලංකාවේ.

 

ඉතින් ඒ වැඩ කටයුතු එහෙම්පිටින් නැවතුනා. මම මගේ නිර්මාණ කිහිපයක් දැනට කරලා
තියෙනවා. බලාගෙන ඉන්නවා ඉදිරියේදී හොඳ කාලයක් ලැබෙවි ඒ නිර්මාණ එළිදක්වන්න කියලා.
වර්තමානයේ ලංකාවේ තියෙන තත්ත්වයත් එක්ක මගේ තිබුණ බලාපොරොත්තු ඔක්කොම වගේ පස්සට ගියා.

 

 

 

වර්තමානයේ ලෝකයේ පවතින වතාවරණය ගායකයෙකු, සංගීතඥයෙකු විදිහට ඔබට දැනෙන දේ මොකක්ද?

 


ඇත්තටම, ‘කොවිඩ්’ ව්‍යාප්තියත් නිසා ලොකු හානියක් හැම ක්ෂේත්‍රයකට වුණා. බොහෝ දෙනෙකුගේ
රැකියාවල් පවා අහිමි වුණා. පළමුව ගොඩක්ම හානි වුණේ කලාවට හා කලාකරුවන්ට, කලාකාරිණියන්ට.
‘කොවිඩ්’ නෙමෙයි ලෝකයේ එන ඕනෑම ව්‍යසනයකදී මුලින්ම පහර වදින්නේ අපිට. ගායකයෙකු විදිහට
ප්‍රසංග අහිමි විම, තමන්ගේ නිර්මාණය එළිදැක්විමට නොහැකි විම මඟින් ආර්ථික හානියට මුලින්ම මුහුණ
දෙන්න සිදු වුණේ අපිට. අ

 

පිට විතරක් නෙමෙයි ලෝකයේ හැම කලාකරුවෙක්ටම, කලකාරිණියකටම පොදුවේ
මේ දේ අද සිද්ධ වෙලා තියෙනවා. සංගීතඥයින්ට නම් පොඩි සහනයක් තියෙනවා. චිත්‍රපටයක්, ටෙලි
නාට්‍යයක් හෝ වෙනත් ඕනැම සංගීත කටයුත්තක් කරගෙන මේ කාලයේ ඉන්න පුළුවන්. නමුත්, මම දකින
විදිහට පොදුවේ අපි හැමෝටම මේක ජිවත් වෙන්න හරි අපහසු කාලයක්.

 

මේකෙන් අපි හැමෝටම පාඩමක්
ඉගෙන ගන්න පුළුවන් වුණා. මොකද, අපි හිටපු නැති වෙලාවක ආපු ව්‍යසනයක් මේක. අමුතුවෙන්
ලැහැස්තිවෙන්න කාලයක් මේකට අපිට තිබුණේ නැති හින්දා. අපි දැන් හිතන්න ඕනා හැම වෙලාවෙම පෙර
සුදානමකින් සිටින්න.

 

 

 

නිර්මාණයක් එළිදක්වන්න මේ හොඳම කාලය නෙමෙයි කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

 


ඔව් මම හිතන්නෙත් මේ හොඳම කාලය නෙමෙයි කියලා. ඇත්තටම මේ වෙලාවේ අපේ නිර්මාණ
එළිදක්වනවාට වඩා රටේ තත්ත්වය මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනා කියලා. නමුත්, මේ වෙනුවෙන්
ගීතයක් කරලා සමාජ සත්කාරයක් කරන්න පුළුවන්නම් ඒක හොඳයි කියලාත් මට හිතෙනවා. අපේ ආර්ථික ගොඩ
දාගන්න අපේ ජනප්‍රියත්වය වැඩි කරගන්න කියලා නිර්මාණ දක්වන්න හොඳ කාලයක් නෙමෙයි මේක.

 

ඊට වඩා මෙතන හිතන්න දෙයක් තියෙනවා. කලා ක්ෂේත්‍රය තුළින් බොහෝ දෙනෙකු අද යැපෙනවා. ඔවුන්ගේ
රැකියාවල් අහිමි වෙලා තියෙනවා. පවුල් අසරණ වෙලා තියෙනවා. අන්න ඔවුන් වෙනුවෙන් යමක් මේ
වෙලාවේ කරන්න තියෙනවා නම් ඒත ලොකු දෙයක්.

 

 

 

යම් හෙයකින් ඔබ ලංකාවේ හිටියා නම් නිර්මාණයක් එළිදක්වන්නට අවස්ථාවක් තිබුණා කියලා හිතෙනවාද?

 


ලංකාවේ හිටියත් මම මේ වෙලාවේදී ගීතයක් එළිදක්වන්නේ නැහැ. මම ඔස්ට්‍රේලියාවේ ඉන්න ප්‍රදේශය
තමයි ලෝකයේ අඩුම ‘කොවිඩ්’ අවදානමක් තියෙන්නේ. නමුත්, එහෙම වුණත් මේ පැත්තේ ජීවත් වෙන මිනිස්සු
ඉතාම සුපරික්ෂාකාරිව තමයි ජීවත් වෙන්නේ.

 

මේකෙන් බේරෙන්නේ කොහොමද ආරක්ෂක්‍රම අනුගමනය
කරන්නේ කොහොමද කියන එක ගැන ඔවුන් වැඩිපුර හිතනවා. ලංකාවේ මම හිටියත් මම හිතන්නේ ඒ දේ. ඒ
හින්දා ලංකවේ හිටියත් මම මේ වෙලාවේ මගේ නිර්මාණයක් එළිදක්වන්නේ නැහැ.

 

 

 

ඔබ සංගීත කණ්ඩායම නායකයෙක්. එහි වැඩ කටයුතු සිදුවෙමින් පවතිනවාද?

 


මේක මගේ සංගීත කණ්ඩායමක් නෙමෙයි. නමුත්, මගේ කළමණකරිත්වයෙන් ගොඩ නැගුණ සංගීත කණ්ඩායමක්
කිව්වොත් හරි. මමත් එහි වැඩ කරනවා.

 

මාර්තු, අප්‍රේල් කාලයේදී ‘කොවිඩ්’ ව්‍යාප්තියත් එක්ක සංගීත
කණ්ඩායමේ වැඩ කටයුතු ටික අඩපණ වුණා. මම හිතන්නේ දැනට එහි වැඩ සිදුවෙන්නේ නැහැ. මගේ
ස්ටුඩියෝ එකේ වැඩවලට සංගීත කණ්ඩායමේ හිටිය සියලුම සාමාජිකයන් මම අනුයුක්ත කරලා තියෙනවා
දැනට. මොකද, මාත් මේ රටේ හිරවෙලා තියෙනවා ලංකාවට කාලයකට එන්න විදිහක් නැති නිසා. ඉතින්
මගේ වැඩ කටයුතු ටික සංගීත කණ්ඩායමේ කට්ටිය කරගෙන යනවා.

 

මේ හැම දෙයක්ම තාවකාලිව දැන්
නැවතිලා තියෙන්නේ. අපි හිතාගෙන හිටිය වැඩ කටයුතු ටික කල් යනවා. හෙට වෙන කොට මේ තත්ත්වය
පහවලා ගියොත් ආයෙත් අපි සුපුරුදු විදිහට ඒ වැඩ ටික ආයෙත් කරගෙන යන්න පුළුවන්.

 

 

 

ලංකාවට යළිත් එන්න අදහසක් නැද්ද?

 


ලංකාවට ආයෙත් එන්න අදහසක් තියෙනවා. ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් නවත්වල නිසා තමයි මම
ඔස්ට්‍රේලියාවේ ඉන්නේ. ආයෙත් ඒ ගුවන්ගමන් ආරම්භ කළොත් මම ලංකාවට එනවා.

 

මගේ පදිංචිය මෙහෙ තමයි දිගටම. මගේ සංගීත වැඩ කටයුතුවලට මම ලංකාවට නිතරම එන්න හිතාගෙන ඉන්නවා. ‘කොවිඩ්’
එන්න කළින් පවා මම එහෙම තමයි වැඩ කළේ. සංගීත කටයුතු මම අඛණ්ඩව කරන්න ඕනානේ. මොකද මගේ
වෘත්තිය ඒක නිසා.

 

 

බුද්ධික සේනාධීර

 

 

Source :- Hiru Gossip

 

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

views

382 Views

Comments

arrow-up