SpaceX වෙත බැඳුණු ලංකාවේ මෙලනි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
31

SpaceX වෙත බැඳුණු ලංකාවේ මෙලනි

SpaceX වෙත බැඳුණු ලංකාවේ මෙලනි

සිවිල් යුද්ධයක් පැවති වකවානුවක ශ්‍රී ලංකාවේ මධ්‍යම පාන්තික පවුලක සිංහල මවකට සහ දෙමළ පියෙකුට දාව හැදී වැඩුණු දරුවන් තිදෙනෙකුගේ පවුලේ එකම දියණිය වූ අයෙක් ලෝකයක් හඳුනන අභ්‍යවකාශ ඉංජිනේරුවරියක් බව ඔබ දන්නවාද? ඇය ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන මෙලනි. සිය ජීවිතයේ පළමු රැකියාව ලෙස SpaceX එකටම ඉල්ලූම් කරන්න තරම් ධෛර්යක් තිබූ මෙලනි එම සම්මුඛ පරීක්ෂණයට සහභාගී වූ අනෙක් අයදුම්කරුවන්ට වඩා වෙනස් ලෙස සිය අසාර්ථක වූ ව්‍යාපෘතියක් ඉදිරිපත් කරමින් එය තර්කානුකූලව විග්‍රහ කර SpaceX හි රැකියාව ලබාගත් ශ්‍රී ලාංකිකයෙක්. මීට වසර 15 කට පෙර මෙලනි මහආරච්චි එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් වෙත සංක‍්‍රමණය වන්නේ සිය දරුවන්ගේ අනාගතය උදෙසායි. ඇගේ ස්වාමිපුරුෂයා රැකියාව කිරීමට පටන් ගැනීමත්, ඇගේ දරුවන් පාසල් යාමට පටන් ගැනීමත් සමඟම, අතහැර දමා තිබූ ඇගේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමේ උවමනාවක් ඇයට ඇතිවුණා. ඒ අනුව ඇය කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලය, ලොස් ඇන්ජලීස් හි අභ්‍යවකාශ ඉංජිනේරු උපාධියක් හැදෑරීමට පටන් ගන්නේ ඉන් අනතුරුවයි.


ඇය ඒ වන විට අනෙක් අයදුම්කරුවන්ට වඩා අවම වශයෙන් අවුරුදු 10 ක්වත් වයසින් වැඩි, කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලය, ලොස් ඇන්ජලීස් වලින් මාස කීපයකට කලින් ඉංජිනේරු උපාධිය අවසන් කළ, එහෙත් කිසිදු සීමාවාසිකඅත්දැකීමක් නැති, කුඩා දරුවන් දෙදෙනෙක් රැකබලා ගන්නා මවක්. මෙලනි දැනගෙන සිටියා යාන්ත‍්‍රික සැලසුම් ඉංජිනේරුවරියක් ලෙස රැකියාව ලබා ගැනීමට තරම් ඇයට සුදුසුකම් ඇති බව. මෙලනි මුළු දවසම කැප කළේ ඊලෝන් මස්ක් ගැන හැකි සෑම දෙයක්ම ඉගෙන ගැනීමට. ඇය ලබාගත් සුවිශේෂීම කාරණය වුණේ ”ඊලෝන් මස්ක් කියන්නේ මුල් කාලයේ බොහෝ අසාර්ථකත්වයන්වලට මුහුණ දුන්න පුද්ගලයෙක් බව”. ඉතින් ඇය තීරණය කරනවා ඇයගේත් ”අසාර්ථක ව්‍යාපෘතිය සහ ඒ තුළින් ඇය ලබාගත් දේ” ගැන ඉදිරිපත් කරන්න. එය අවදානම් සහගත නමුත් දක්ෂ පියවරක් බව මෙලනි දැනගෙන සිටියා.
ඒ අනුව මෙලනි SpaceX හි එන්ජින් සැලසුම් කණ්ඩායමේ සාමාජිකාවක් වූ අතර, Dragon කැප්සියුලය සඳහා විදුලි රැහැන් සැකසීමේ වගකීම සතු වූයේ ඇයටයි. මෙම Dragon කැප්සියුලය තමයි 2012 දී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට (ISS) පැමිණි පළමු වාණිජ අභ්‍යවකාශ යානය බවට පත්විය. සිය වසර 5ක සේවා කාලයකින් පසුව ඇය ඉවත් වී බෝයිං සමාගමේ සේවයට එකතු වෙනවා. නමුත් SpaceX වලට සාපේක්ෂව Boeing ඉතාමත් මන්දගාමී ස්වභාවයක් ගත් නිසාම ඇය මාස කිහිපයකට පසු ඉල්ලා අස් වෙනවා.

 


ඉන්පසු ඇය නාසා හි ජෙට් ප‍්‍රචාලන රසායනාගාරයේ JPL නිෂ්පාදිත, 2020 අඟහරු බලා ගිය Perseverance රෝවරයේ මෙහෙයුම් අංශයේ සේවයට එක්වෙමින්. Perseverance රෝවරයේ අභ්‍යන්තර විදුලි සැකැස්ම සැලසුම් කිරීමේ වගකීම උසුලනු ලැබූවා. දැන් ඇගේ අරමුණ වී ඇත්තේ යළි ලංකාවට පැමිණ ව්‍යාපාර වර්ධනය සඳහා උපකාර කරමින් ශ්‍රී ලාංකික කාන්තාවන් සවිබල ගැන්වීමයි.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

 

views

305 Views

Comments

arrow-up