"ඒක සර්ප්‍රයිස් එකක්.. කාටවත්ම කිව්වෙ නෑ" - නෙහාරා පීරිස්

අලුත විවාහපත්වූ යුවළකගේ ඊළඟ බලපොරොත්තුව දරුසුරතල් බැලීම. සමහරු ඒ සිහිනය මදක් පමාකරනවා.
ඒකටත් නේක හේතු තියෙනවා. කොහොම වුණත් පුංචි පවුලක් සම්පූර්ණ වන්නේ චූටි දරුපැටියෙක් ආවාම තමයි.
ඔන්න එහෙම බලාපොරොත්තු පොදි බැඳගෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක් මවක් වන්නට සූදානම් වනවා. ඇය
තමයි නෙහාරා පීරිස්. මේනක රාජපක්ෂ තමයි ඇගේ ආදරණීය ස්වාමිපුරුෂයා. ඇය ගැනයි මේ.
නෙහාරා, කවදා වගේද අලුත් සාමාජිකයාගේ මූණ දකින්න ලැබෙන්නේ?
දිනය මං තව ම ප්‍රසිද්ධ කළේ නැහැ.
ළඟදීම කියලා තමයි කියන්න වෙන්නේ.
ඔබ මවක් වෙන්න යනවා කියලා දැනුණු මොහොතේ පටන් ඒ විඳපු හැඟීම් සමුදාය විතර කරන්න පුලුවන්ද?
ඒක පුදුමාකාර අත්දැකීම් ගොන්නක්. අම්මගේ ආදරය මැද විවේකීව නිවසේ කාලය ගත කරන්න මට පුළුවන්
වුණා. පළවෙනි මාස තුනේ විතරයි මට අප්පිරියාවක් කියලා දැනුණේ. ඊට පස්සේ හොඳට කෑවා බිව්වා.
යාළුවෝ නිතරම මාව බලන්න ආවා. හිස් අතින් නෙමෙයි , එයාලා එක එක කෑම ජාති අරගෙනයි ආවේ.
මං ඇඟ ගැන හිතුවේම නැහැ. මහත් වුණාට කමක් නෑ කියලා හිතලා හොඳට පෝෂ්‍යදායී ආහාර වර්ග
ගත්තා. ඒ වගේම හරියට පරිස්සම් වුණා. සතුටින් හිටියා. එහෙම ඉන්න වෙලාවල්වල හිතෙනවා, අපේ
අම්මත් මාව මෙහෙම පරිස්සම් කරන්න ඇති නේද කියලා.
ඔබලාට ලැබෙන්නේ ඉන්නෙ දුවෙක්ද පුතෙක් ද?
ඒකත් සර්ප්‍රයිස් එකක්. කාටවත්ම කිව්වේ නෑ ලැබෙන්න ඉන්නෙ කවුද කියලා. මේනකයි මමයි මුලදී හිතුවේ
දුවෙක් වුණත් පුතෙක් වුණත් ලැබෙන කෙනා සතුටින් භාර ගන්නවා කියලා.
ඔබ දෙපළ විවාහ වෙලා දැන් ටිකක් කල්. ඇයි දරු සුරතල් බලන්න ප්‍රමාද කළේ?
විවාහ වෙලා කෙටිකලකින් අපි දෙන්නට විදෙස් ගතවෙන්න සිද්ධ වුණා. එහෙ වෙනම ලෝකයක්. මේනකගේ
අධ්‍යාපන කටයුතුවලටනේ ඒ රට ගියේ.ඒ ගැන තමයි අපි වැඩි අවධානය යොමු කළේ. ඉන් අනතුරුව අපි
ඉකුතත් වසරක ලංකාවට ආවා. එතකොටම අපි කොහොමත් සැලසුම් කරා 2020 දී දරුවෙක් හදනවා.
කියලා ඇත්තටම අපි දෙන්නගෙ ජීවිතේ දේවල් බොහෝ සැලසුම් ඇතුව තමයි කළේ. අපි දෙන්න හරියට
දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. උන් වහන්සේ අපිට අවශ්‍ය දේවල් අවශ්‍ය මොහොතේ ලබා දුන්නා.
සිතා මතා අපි කිසි දෙයක් ප්‍රමාද කළේ නෑ ජීවිතයේ අවශ්‍ය දේවල් අවශ්‍ය මොහොතවල දී අපිට හිමි
වුණා.
ඔබ කලා කටයුතු වලින් විරාමයක් ගත්තේ කොයි කාලේද?
නාට්‍යයක වැඩ ඉවර වුනා ඊටපස්සේ කිසිම ටෙලි නාට්‍යයක් හෝ චිත්‍රපටයක් රඟපාන්නට බාර ගත්තේ
නෑ. ඒ අතරතුරදී මම හඬකැවීම්වලට සහභාගි වුණා. මම පළමුවතාවට තමයි ඒ වගේ හඬ කැවීමක් සිදු
කළේ. ප්‍රෙග්නන්ට් කියල දැනගත්තට පසුව වුණත් ටික කාලයක් මම ඒ සඳහා සහභාගි වුණා. ගිය ජූලි
මාසයේ දී ඒ වැඩ කටයුතුත් නතර කළා. මං අර කිව්වෙ අපි සියලු දේවල් සැලසුමක් සහිතව කරන්නේ
කියලා. භාරගත්ත සියලු වැඩකටයුතු නිසියාකාරව නියම වෙලාවල්වලදී නතර කළා.
දැන් පවතින වසංගත තත්ත්වයත් එක්ක ඔබ වඩාත් පරිස්සම් විය යුතුයි නේද?
ගිය පාර කොරෝන කාලෙත් මම ප්‍රෙග්නන්ට්. නමුත් මුළු රටම වහලනේ තිබුණේ. ෂූටිං මොකුත් නෑ, ඒ
කාලේ අපි හැමෝම නිවසක වෙලා විවේකයෙන් කාලය ගත කළා. නමුත් මෙවර එහෙම නැහැනේ. මම
ගෙදරට වෙලා හිටියත් මේනක තවම රංගන කටයුතුවල නියැළෙනවා. ඔහු නිවසට එද්දී එළියේ බාත්රූම්
එකෙන් සම්පූර්ණයෙන්ම ක්ලීන් වෙලා තමයි ගෙදර ඇතුළට එන්නේ. අපේ පරිස්සම අපි විසින්ම හදාගන්න
ඕනේනේ. ඉතින් මේ නිසා අර ඔබ කිව්වා වගේ වෙනදට වැඩිය පරිස්සමින් තමයි ජීවත් වන්නේ
ඔබ ඇතුළත් වන්න බලාපොරොත්තු වෙන්නේ රජයේ රෝහලකටද, නැත්නම් පෞද්ගලික අංශයේ රෝහලකට ද?
අපි දැනට ප්ලෑන් කරගෙන ඉන්නේ ප්‍රයිවට් හොස්පිටල් එකට යන්න.
ප්‍රසාද් සමරතුංග
සරසවිය
502 Views
Comments