"මගේ මැණිකට සුභම සුභ උපන්දිනයක්.." කාවින්ද්‍යා අධිකාරි කාටද මේ සුභ පතන්නේ?
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
04

"මගේ මැණිකට සුභම සුභ උපන්දිනයක්.." කාවින්ද්‍යා අධිකාරි කාටද මේ සුභ පතන්නේ?

"මගේ මැණිකට සුභම සුභ උපන්දිනයක්.." කාවින්ද්‍යා අධිකාරි කාටද මේ සුභ පතන්නේ?

කාවින්ද්‍යා අධිකාරි කියන්නේ සංගීත ක්‍ෂේත්‍ර‘යේ ප්‍රවීණයන් දෙපළක් වන අතුල අධිකාරි හා සමිතා
එරන්දති මුදුන්කොටුව යන ශිල්පීන්ගේ දියණියයි. තම කටහඬින් ප්‍රේක්ෂකයන්ගේ හද තුළ ලැගුම් ගෙන සිටින
ඇය, බොහෝ දෙනා හඳුනන චරිතයක්.

 

 

ඇය සිය ආදරණීය සහෝදරයාගේ උපන්දිනයට සුබ පතා අපූරූ සටහනක් සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණා.

 

 

එම සටහන පහතින්....

 

 

මගේ මැණිකට සුබම සුබ උපන්දිනයක්...


ඔයාට දැන් 18 ක්, ඒත් අක්කට ඔයා තාම චූටි මැණිකක්.



මෙච්චර කල් අම්මි, අක්කී ඔයාව පණ වගේ බලාගත්තා, දැන් ඔයාට හුඟාක් ආදරේ දෙන, ඔයාට
හැමදේම කියලා දෙන්න කෙනෙකුත් එකතු උනා. අපේ පුංචි පවුල මොන දේට මුහුණ දුන්නත් අපි හැමදාම
එකට ඉන්නවා කියලා මම දන්නවා. මේ ජීවිතේ ඉස්සරහට යන්න හරි අමාරුයි චූටී, ඒත් අක්කිට එක දෙයක්
පොරොන්දු වෙන්න පුලුවන් ඔයාට, ජීවිතේ මොන දේට මූණ දුන්නත් ඔයා කවමදාවත් තනිවෙන්නේ නෑ. මගේ
අම්මිගේ බඩින්මයි ඔයත් ආවේ... ඒක නිසා මට ඔයාව මගේ ඇස් දෙකටම වඩා වටිනවා මැණික.

 



අක්කිට මේ පාර උපන්දිනේට කියන්න වචන නැති තරම් මොකද ඔයා ලොකු වෙනවා දකිද්දී අක්කිට දුකයි.
ඔව්, අක්කී ආත්මාර්ථකාමී එහෙම හිතන්න, ඒත් ඒක එහෙම තමයි.

 



ආදරෙයි මම මගේ අන්තිම හුස්ම තියෙනකල්... ඊට පස්සේ උනත්, අක්කි ඔයා දිහා බලන් ඉන්නවා ඉන්න
තැනක ඉඳන්



-අක්කී

 

 

 

 

 

 

 

 

 

 

Source :- Hiru Gossip

 

views

938 Views

Comments

arrow-up