වසර 14 ක යුගදිවිය සැමරූ දමිළ චිත්‍රපට යුවළ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
28

වසර 14 ක යුගදිවිය සැමරූ දමිළ චිත්‍රපට යුවළ

වසර 14 ක යුගදිවිය සැමරූ දමිළ චිත්‍රපට යුවළ

බොහෝ දෙනා ආදරය කරන දමිළ චිත්‍රපට තුළින් ඉතාමත්ම ජනප්‍රිය වූ දෙදෙනෙකු තමයි සූර්යා හා ජෝතිකා කියන්නේ. 2006 වසරේදී ඔවුන් විවාහ දිවියට පත් වුණා. මොවුන් දෙදෙනා දමිළ චිත්‍රපට තිරයේ පෙම්වතුන් සේම සැබෑ ජිවිතයෙත් වසර කිහිපයක්ම පෙම්වතුන් රැදී සිටි විවාහක යුවළක්.

මොවුන් දෙදෙනා මුණ ගැසෙන්නේ 1999 වසරේදී රූගත කෙරුණු " පූවේලම් කේත්තූප්පර් " චිත්‍රපටියෙන්. එවකට දමිළ සිනමාවට නවකයන් වූ මේ දෙදෙනා සිනමාවෙහි ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට උත්සහ දැරූ කාලයක්. මෙම සම්බන්ධය වැඩි දියුණු වූයේ 2003 වර්ෂයේ නිශ්පාදනය කෙරුණු " කාක කාක චිත්‍රපටිය අතරතුරදීය.

 


එම චිත්‍රපටියට රගපෑම සඳහා සූර්යා ගැනීමට යෝජනාව , එම චිත්‍රපටියට අධ්‍යක්ෂක වන ගෞතම් මෙනන්ට ලබා දී ඇත්තේද ජෝතිකා විසින් බව පැවසේ. ආදායම් වාර්තා බිඳලමින් මෙම චිත්‍රපටිය ප්‍රසිද්ධ වීමෙන් සූර්යාට නමක් හිමිකරලීමට සමත් වුණා.

විවාහයට දෙමාපිය කැමැත්ත ලබා ගැනීමට මේ දෙදෙනාට ටික කාලයක් ඉවසන්නට සිදු වෙනවා. එහෙත් ඔවුන්ගේ ආදරය චිත්‍රපටියක මෙන්ම සියල්ල අභිබවා තම දෙමව්පියන්ගේ කැමැත්තද ඇතුව 2006 වසරේදී විවාහ දිවියට එළඹෙනවා. ඉතා විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගී වනවා. ප්‍රසිද්ධ දේශපාලන මැති ඇමැති වරුන්, සිනමා නළු නිළියන්, අධ්‍යක්ෂකවරුන් මෙන්ම බොහෝ ප්‍රභූවරුන් මෙම විවාහ උත්සවයට පැමිණි බව පැවසෙනවා.

විවාහයෙන් පසු ටික කලක් ජෝතිකා සිනමාවෙන් ඉවත් වුණා. 2007 වසරේදී දියා නමින් දුවෙක්ද 2010 වසරේදී දේව් නම් පුතෙකුද පවුලට එක්වීමෙන් ඔවුන්ගේ පවුල සම්පූර්ණ වුණා.

 


1975 වසරේ උපන් සූර්යාට දැන් වයස අවුරුදු 45 ක්, සිනමාවේ සූර්යා නමින් හදුන්වන ඔහුගේ සැබෑ නම සර්වනන් වේ. බොහෝ දෙනෙකු මෙය නොදන්නා කාරණයක් විය හැකියි. මේ වන විට 42 වැනි වියේ පසුවන ජෝතිකා 1977 දී උපත ලද්දේය. ඇය මුලින්ම රඟපෑමට පිවිස තිබෙන්නේ බොලිවුඩ් චිත්‍රපටවල වීම විශේෂත්වයක්. ඇයට මුලින්ම දමිළ භාෂාව කථා කිරීමටද අපහසු වී තිබුණත් එම භාෂාව ඉගැනීමට ඇය ගත් උත්සහයටත් සූර්යාට ඇය ගැන පැහැදීමක් ඇතිව තිබේ. ඇය හැදී වැඩුණේ දකුණු ඉන්දියාවේ නොව මුම්බායි නගරයේයි. සූර්යා හා ජෝතිකා එකට රඟපෑ චිත්‍රපටි ගණන 07 කි.

කෙසේ හෝ වේවා බැදීම් ක්ෂණිකව කඩා බිඳ දමා වෙන් වන චිත්‍රපටි යුවළ අතරින් මේ දෙදෙනා ඉතාමත්ම සතුටින් ඔවුන්ගේ රංගන දිවිය මෙන්ම විවාහක දිවියත් සාර්ථකව ගත කිරීම ඔවුන්ගේ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ට සතුටු විය හැකි කරුණක් වනවා.

 

 

 

 

 

 

by Kaushalay De Silva

Photo source : Internet

views

504 Views

Comments

arrow-up