සූර්ය කේන්ද්‍රවාදයේ පියා- නිකලස් කොපර්නිකස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
07

සූර්ය කේන්ද්‍රවාදයේ පියා- නිකලස් කොපර්නිකස්

සූර්ය කේන්ද්‍රවාදයේ පියා- නිකලස් කොපර්නිකස්

සූර්යයා මධ්‍යයට ගෙනඑමින් තාරකා විද්‍යාඥයන් උඩුයටිකුරු කළ අපේ අසාය විද්වතා නිකලස් කොපනිකස්ගේ මව්බස ජර්මානු භාෂාව වුවත් ඔහු පෝලන්ත රජය යටතේ සිටි වැසියෙකු ලෙස සැලකෙනවා. ක්‍රිස්තු වර්ෂ 1473 පෙබරවාරි 19 දින ධනවත් ව්‍යාපාරික පවුලක දරුවන් සිව් දෙනෙක් අතරින් බාලම දරුවා ලෙස නිකලස් කොපනිකස් උපත ලැබුවා. ඔහු විවිධ ක්ෂේත්‍රයන්හි හසල දැනුමක් තිබුන අතර ඔහුගේ අධ්‍යාපන දිවිය ආරම්භ වන්නේ ක්‍රැකොව් විශ්වවිද්‍යාලයේ තාරකාශාස්ත්‍ර ජෝතිෂ ඉගෙනීමෙන්. පසුව ඉතාලියේ බොලොගනා විශ්වවිද්‍යාලයෙන් ආගමික නීතිය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලත් ඔහු අනතුරුව ඉතා ගේ පැඩුවා විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරනවා.

කොපර්නිකස්ගේ පියාගේ හදිසි අභාවයෙන් පසු ඔහුගේ අධ්‍යාපන කටයුතු සඳහා උපකාර ලැබුණ එකල සමාජයේ ප්‍රබල බිෂොප්වරයෙකු වූ ඔහුගේ මාමාගෙන්. මුල් අවධියේදී කොපනිකස්ගේ අධ්‍යාපනය ආගමට වඩාත්ම නැඹුරු වීමට හේතුව සිය මාමාගෙන් ලත් ආභාෂය වන්නට ඇත. වර්ෂ 1497 යෙදී ඔහු වෝමියා පළාතේ ෆ්‍රෙන්බර්ග් වෙත සංක්‍රමණය වන අතර ඔහුගේ මාමා විසින් ඔහුට කැනොන් තනතුරක් ප්‍රදානය කරනු ලැබුවත් තම තනතුරෙන් කිසිවිටෙකත් හිස උදුම්මවා නොගත් කොපර්නිකස් තම බල ප්‍රදේශයේ අඳ ගොවීන්ගෙන් බදු එකතු කිරීම පවා සිදු කළේ ඉතාම සාධාරණ ලෙස. වර්ෂ 1510 දී වෛද්‍ය උපාධියක් සමග ඉතාලිය නික්මෙනවා. ඔහු නැවත සිය මව් රට වන පෝලන්තය බලා යනවා. ඉතාලියේදී කැනොන් වරයෙකුව සිටි කාලයේ දී තම බල ප්‍රදේශය අඳ ගොවීන් ගෙන් ලත් බදු මුදලින් පෝලන්තයේදී ඔහු සෑහෙන තරම් සුවපහසු ජීවිතයක් ගත කළා.


කාර්යබහුල ජීවිතයක් ගත කළ ඔහු ඒ කාර්යබහුලත්වය මධ්‍යයේ තවත් විෂයකට අවධානය යොමුකරමින් ආර්ථික විද්‍යාව පිළිබඳ ඔහුගේ ලේඛන කටයුතු ආරම්භ කළා. ජීවිත කාලයම අවිවාහකව සිටිමින් අධ්‍යාපන කටයුතුවලටම කැප වීමට ඉටා ගත් කොපනිකස් විවිධ විෂය ක්ෂේත්‍රයන් අධ්‍යයනය කළත් ඔහුගේ සිත් ගත්තේ තාරකා ගවේෂණය කිරීමටයි. ලොවම පෘථිවි කේන්ද්‍ර ආකෘතිය පිළිගනිද්දී කොපනිකස් කල්පනා කළේ පෘථිවිය වෙනුවට සූර්යයා අචලව පිහිටීම කුමක් සිදුවේද යන්නයි. ඒ අනුව ගවේෂණ කරමින් ඔවුහු සූර්යකේන්ද්‍ර වාදය ඉදිරිපත් කරනු ලැබුවා.

කොපර්නිකස් තම ගවේෂණ කටයුතු සඳහා වැඩි ප්‍රමාණයක් යොදාගත් ගොතික් දේවස්ථානය ගොඩනැගිලි සංකීර්ණය අදටත් ෆෝම්බෝර්ක් නගරයේ තේජවන්ත අයුරින් නැඟී සිටිනවා. 14 වන සියවසට අයත් ගොඩනැගිලි පාදම මත වුවද ඉතා ශක්තිමත්ව රැඳී සිටින මෙම ගොඩනැගිල්ල වර්තමානයේ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක් වෙනවා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

1980 Views

Comments

arrow-up