වසර 2ක් සිනමාවෙන් ඈත්ව සිටි ප්‍රීති සින්ටා IPL කණ්ඩායමක් හිමි පලමු කාන්තාව වෙයි

මෙයට කලකට පෙර බොලිවුඩයේ ඉතා ජනප්‍රිය නිළියකව සිටි ප්‍රීටි සින්ටා දැන් කරන්නේ මොනවාද?
මෙම සුරූපි දක්ෂ නිළියට ඇලුම් කළ රසික රසිකාවියන් ඇය ගැන අලුත් තොරතුරු දැනගන්නට කැමැත්තක්
දක්වනවාට සැකයක් නැත. ප්‍රීටි අවසන් වරට චිත්‍රපටයක රඟපෑවේ 2018 වසරේයි. ඒ ‘බයියාජි
සුපර් හිට්’ නමැති සිනමාපටයේයි. එයින් පසු ප්‍රීතිගේ රසිකයන්ට සිනමාපටයක් තුළින් ඇයගේ රංගනයක්
දැක ගැනීමට ලැබුණේ නැත.
ප්‍රීටි සින්ටා උතුරු ඉන්දියාවේ සුන්දර ප්‍රදේශයක් වන ෂිම්ලාහි උපන් කෙනකු වුවත් ඇය මේ වනවිට වැඩි
හරියක් ජීවත් වන්නේ ඉන්දියාවේ නොව ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරය. එහි ඇය වාසය කරන්නේ ඇයගේ
සැමියා වන ජීන් ගුඩ්ඉනෆ් සමඟයි. එහි සමාගමක විධායක නිලධාරියකු වන ගුඩ්ඉනෆ් ඇමෙරිකානු ජාතිකයෙකි.
කෙසේ වෙතත් මේ දිනවල ප්‍රීති නිතර ඇමෙරිකාව සහ ඩුබායි නගරය අතර ගමන් කරමින් සිටියි. ඒ 2020
ඉන්දියානු ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය ඩුබායිහි පැවැත්වෙන නිසාය. ප්‍රීති සින්ටා මෙම
තරගාවලියට සහභාගි වන Kings xi Punjab කණ්ඩායමේ අයිතිකාරයන්ගෙන් කෙනෙකි.
ඇය මෙම කණ්ඩායමේ හිමිකාරිත්වය ලබා ගනිද්දී ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ ක්‍රිකට් කණ්ඩායමක
හිමිකාරිය වූ එකම කාන්තාව ඇය වූවාය. ඉහත කී ආකාරයෙන් රටවල් අතර ගමන් කිරීමේදී ප්‍රීතිට කිහිප
වරක් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා පෙනී සිටීමටද නිරෝධායනයට ලක් වීමටද සිදුව තිබිණි. මෙවර
අයි.පී.එල්. තරගාවලිය ඩුබායිහි පැවැත්වෙන්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් එය ඉන්දියාව තුළ
පැවැත්වීමට නොහැකි තත්ත්වයක් මතු වූ බැවිනි.
ප්‍රීති, ජීන් ගුඩ්ඉනෆ් සමග විවාහ වූයේ 2016 වසරේයි. ඔවුන් විවාහ වූයේ වසර කිහිපයක ඇසුරකින්
පසුවය. ලොස් ඇන්ජලීස් නුවර පැවැති ඔවුන්ගේ විවාහ උත්සවය ඉතා චාම් පෞද්ගලික මට්ටමේ විවාහ
උත්සවයක් විය.
චිත්‍රපටවල රඟපාන කාලයේ ප්‍රීතිගේත් විවිධ නළුවන්ගේ සහ ක්‍රීඩකයන්ගේත් නම් අෑඳමින් කට කතා
පැතිරුණු බව රහසක් නොවේ. අභිෂේක් බච්චන්, බ්‍රෙට් ලී සහ යුවරාජ් සිං වැනි අය සමඟ ඇයගේ පෙම්
සබඳතා පැවැති බවට කටකතා පැතිරුණත් ප්‍රීති ඒ සියල්ල ප්‍රතික්ෂේප කළාය.
යුවරාජ් සිං කලක් ඇයගේ ම්ඪදඨඵ යඪ ර්ථීභදණචඡ කණ්ඩායමේ ප්‍රධානම ක්‍රීඩකයකු විය. Kabhi
Alvida Naa Kehna සහ Jhoom Barabar Jhoom වැනි චිත්‍රපටවල ඇය අභිෂේක් සමඟ රඟ පෑ
අතර ඔවුන් දෙදෙනාගේ ගැළපීම ගැන බොහෝ දෙනා ඒ දිනවල කතා කළහ. සිනමාවෙන් පිටතද ඔවුන්
දෙදෙනා නිතර එකට කල් ගෙවනු එකල දක්නට ලැබිණි. නමුත් මේ ගැන විමසද්දී ඔවුන් දෙදෙනාම පවසා
සිටියේ තමුන් දෙදෙනා හොඳ මිතුරන් පමණක් බවයි.
කෙසේ වෙතත් 2005 වසරේ ප්‍රීති සහ ව්‍යාපාරිකයකු වූ නෙස් වාදියා අතර ආදර සම්බන්ධයක් ඇති
විය. ඔවුන් විවිධ තැන්වල එකට කාලය ගත කරන අන්දම එකල මාධ්‍ය ඔස්සේ නිතර දැක ගන්නට ලැබිණි.
කවුරුත් සිතුවේ ඔවුන් දෙදෙනා දැවැන්ත විවාහ උත්සවයක් පවත්වා අතිනත ගනු ඇතැයි කියාය.
නමුත් කිසිවෙකුත් නොසිතූ ආකාරයෙන් ඔවුන්ගේ සම්බන්ධය වසර 5කට පසු 2009 වසරේ අවසන් විය. ප්‍රීති
මෙම සම්බන්ධය අවසන් කරමින් පැවැසුවේ නෙස් වාදියා කායිකව සහ මානසිකව තමා පීඩාවට පත් කරන
බවයි. ඔහු එක්තරා සාදයක් අතරතුර ඇයට කම්මුල් පහරක් ගැසීම පිළිබඳ චෝදනාවක්ද එකල විශාල
මාධ්‍ය අවධානයක් දිනාගත්තේය.
තමා සමඟ රඟ පෑ නළුවන් අතරින් ෂාරුක් ඛාන් ගැන ඇය වරක් අපූරු කතාවක් පවසා තිබිණි. එනම්
හැඟීම්බර ජවනිකා රඟපෑමේදී ඔහු තමාට ඇත්තටම දැනෙන්නට සලස්වන බවයි. ‘හැඟීම්බර ජවනිකාවලදී
මාව හඬවන්නට සමත් එකම නළුවා ෂාරුක් පමණයි. ජවනිකා කීයක නම් මම ඒ විධියට අඬලා තියෙනවාද’
යැයි ඇය සඳහන් කර තිබුණාය. සල්මාන් ඛාන් ගැන ද ප්‍රීති වරක් තවත් අපූරු කතාවක් පවසා තිබිණි.
එනම් තමා තුළ ඔහු ගැන විශාල බියක් තිබූ බවයි. නමුත් ඒ සල්මාන් සමඟ එකට රඟපෑමට කලින්ය.
‘හේතුව මොකක්ද කියලා නම් මම දන්නේ නැහැ. නමුත් මම ඔහුට බිය වුණා’ කෙසේ නමුත් අද වනවිට
ඔවුන් දෙදෙනා ඉතා හොඳ මිතුරන්ය.
සනත් වික්‍රමගේ
මව්බිම
Source :- Hiru Gossip
405 Views
Comments