"ඒක බොරු ගොසිප් එකක්. කෙනෙක් මඩ ගහන්න කරපු වැඩක්" - නතාශා පෙරේරා
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
02

"ඒක බොරු ගොසිප් එකක්. කෙනෙක් මඩ ගහන්න කරපු වැඩක්" - නතාශා පෙරේරා

"ඒක බොරු ගොසිප් එකක්. කෙනෙක් මඩ ගහන්න කරපු වැඩක්" - නතාශා පෙරේරා

“මම කිසි තැනක එහෙම කියලා නෑ, අපිව ටිකක් දන්න හින්දා ඕවා දුරදිග යනවා වැඩියි..”

“මට ආදරේ නොකරන සුළු පිරිසක් කරන කියන දේවල් ගැන ඒ තරම් හිතන්නෙ නැහැ...”

“හරි දේවල් හරි කාලෙදි ලැබෙයි එතෙක් බලාගෙන ඉන්නවා...”

 
පුංචි සන්ධියේ ‘සුළඟක් වී‘ගීතයෙන් සුවහසක් ළමා සිත් සැනසූ ඇය අද සංගීත විශාරදවරියක්.
නීතිඥවරියක්, බිරියක් සේම ගෘහණියක්.

 


 
පසුගිය කාලය පුරාවට තරමක නිහැඬියාවකින් පසු කරළියට පැමිණ ඇති නතාෂා පෙරේරා ඇගේ අලුත්ම
තොරතුරු සතිඅන්ත පුවත්පතකට මෙසේ කියා තිබුණා.

 

 

නතාෂා බොහෝම කාලෙකට පස්සේ?


අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මට ටික කාලෙකට රටින් බැහැර වෙන්න සිදු වුණා. ඒ කාලේදී මම ජීවත්
වුණේ ඕස්ට්‍රේලියාවේ. දැන් මං ආපහු ඇවිත්නේ ඉන්නේ.. දැන් ඉතින් දිගටම ලංකාවේ ඉන්නයි
බලාපොරොත්තුව.

 


 
ඒ නිසා සෑහෙන කාලයක් නතාෂාට කලාවෙන් ඈත් වෙන්න වුණා ?


මුලින්ම අධ්‍යාපන කටයුතු නිසා කාර්යබහුල වුණා. පස්සේ නිතීඥවරියක් ලෙස දිවුරුම් දී ඒ කටයුතු එක්ක
කාර්යබහුල වූ නිසා කලා කටයුතු මඟ හැරුණා. ආරාධනා ලැබුණත් භාරගන්න විදියක් තිබුණෙම නැහැ.
දැන් නම් ගායනයෙන් හා රංගනයෙන් ප්‍රයෝජනයක් ගන්න කාලෙ හරි කියලා හිතෙනවා.

 


 

ගයන්න, රගන්න ආරාධනා ලැබුණද?


මම දැන් ලංකාවේ ඉන්නෙ කියලා ගොඩක් අය දන්නෙත් ළඟදියි. මේ පාර ලංකාවට ආවෙත් හොඳ
නිර්මාණයක් ලැබුණොත් දායක වෙනවා කියන අදහසින්.

 



ප්‍රිහාන් එක්ක නැවත ගී ගයන්න අදහසක් නැද්ද?


‘යායට පායනා‘ගීතෙන් පස්සෙ අපිට නැවත ගීතයක් කරන්න බැරි වුණා. අපි එකට ඉන්නවා කියලා
නිර්මාණත් එකටම කරන්න ඕනේ කියන අදහසක් අපේ නැහැ. ප්‍රිහාන් මුල ඉඳන්ම කිව්වේ අපි ක්ෂේත්‍රයට
ආවෙ දෙන්නෙක් විදියට නිසා හොඳ දෙයක් ලැබුණොත් විතරක් කරමු කියලයි.

 


 
ප්‍රිහාන් සහ ඔබ වෙන් වුණා කියලත් කතාවක් පැතිරුණා නේද ?


අපි එකට නිර්මාණ කරන්නේ නැති වුණහම දෙන්නා එකට පේන්න නැති වුණහම නැත්නම් එකට පින්තූර අරන්
සමාජ ජාලවල අප්ලෝඩ් කරන්නේ නැති නිසාත් සමහරුන්ට එහෙම හිතෙනවා ඇති. අපි විවාහ වෙලා දැන්
අවුරුදු පහමාරක් වෙනවා. ඉදිරියේදි අපි එක්ව නිර්මාණයක් කරන්නත් පුළුවන්.

 


 
මේ කට කතා ගැන ඔබ හිතන්නෙ මොනවද?


ඒක බොරු ගොසිප් එකක්. හරියට ඒ වැඩසටහන බලපු නැති කෙනෙක් මඩ ගහන්න කරපු වැඩක්. මම කිසිම
තැනකදි එහෙම කතාවක් සඳහන් කරලා නැහැ. ගොසිප් හැදෙන එක ලෝකෙ හැමෝටම පොදු දෙයක්.
වෙනස අපිව ටිකක් දන්න හින්දා ඕවා දුරදිග යනවා වැඩියි. ඒ ලෝකෙ ස්වාභාවය තේරුම් අරගෙන ජීවත්
වෙන්න ඕනෙ. ඕවා කරන්නේ බොහොම සුළුතරයක්. ඉතින් ඔය ගොසිප් එකට මටත් කලින් මං වෙනුවෙන් උත්තර
දීලා තිබුණේ මට ආදරේ කරන අය. ගොඩක් සතුටුයි ඒ ආදරේ ගැන. ඒ නිසා මට ආදරේ නොකරන සුළු
පිරිසක් කරන කියන දේවල් ගැන ඒ තරම් හිතන්නෙ නැහැ.

 


 
නතාෂාගේ වැඩකටයුතුවලට ප්‍රිහාන්ගෙන් ලැබෙන සහාය ගැන කියනවා නම්?


ඔහු කලාවෙන් ටිකක් ඈත්වෙලා ව්‍යාපාර වැඩ කටයුතුවලට වැඩි කාලයක් යොමු කරනවා. දෙදෙනාම
එකිනෙකා ගැන හොඳ තේරුම් ගැනීමකින් සහ අවබෝධයෙන් අපේ වැඩ සමබරව කරගෙන යනවා.

 


 
දෙන්නා තුන්දෙනා වෙන්න අදහසක් නැද්ද ?


ඒකත් ඉතින් කාලයටම බාරයි. හරි දේවල් හරි කාලෙදි ලැබෙයි එතෙක් බලාගෙන ඉන්නවා.

 

 


 
සචිනි ඉමල්ෂා
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "සිළුමිණ" පුවත්පතේ "රසඳුන" අතිරේකයෙන්...

 

 

 

 

 

 

 

 

Source :- Hiru Gossip

 


 

views

747 Views

Comments

arrow-up